2016-10-27-ent-63

"උපතින් පෙර පවට" ගීතය ගායනා කරමින් සංගීත ක්ෂේත්‍රයට එක්වූ නලින් ඉන්දිකගේ අලුත්ම ගීතය හා එහි රූප රචනාව පසුගියදා එළිදක්වනු ලැබීය. ආදරය විරහව සම්බන්ධව ලියැවුණ මෙම ගීතය නම් කර ඇත්තේ "සොහොනට ඇවිත් මගේ" නමිනි. මේ දිනවල බොහෝ පිරිසක් අතර ජනප්‍රිය මෙම ගීතය රූපවාහිනි නාළිකා කිහිපය දකින්නටත් එෆ්.එම්.නාළිකා හරහා නිතර අසන්නටත් ලැබේ.

"මේ ගීතය අද රැල්ලට" නිර්මාණය වුණ එහෙත්, වෙනස් ආරේ ගීතයක් කියලා කියන්න පුළුවන්. දමිළ සංගීතයට මෙන්ම අලුත්ම සංකල්පයකට තමයි මේ ගීතය හා එහි රූප රචනාව නිර්මාණය කළේ. අලුත්ම ගීතය ලිව්වේ අකලංක ගුණරත්න, සංගීතවත් කළේ ශ‍නෙල් මද්දුමගේ. මියුසික් වීඩියෝව නිර්මාණය කළේ AK ස්ටුඩියෝ ආයතනය විසින්. මෙහි රූප රචනාවේ මා සමගින් ශානි දුලංගි හා තරිඳු චමෝද් දෙදෙනා රංගනයෙන් දායක වෙනවා."

දුෂ්කර වූ මොණරාගල පුරයෙන් සංගීතය ක්ෂේත්‍රයට පිවිසි නලින්, පාසල් අවදියේ සිටම සංගීතයට දැඩි කැමැත්තක් සහ ආශාවක් දැක්වූ අයෙකි. මේ වනවිටද සංගීතය පිළිබඳව හදාරමින් සිටින ඔහු දැනට රුහුණු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ මූල්‍ය පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටියි.

"සොහෙනට ඇවිත් මගේ^ තවත් ගීත කිහිපයක්ම සිය ආදරණීය රසික, රසිකාවියන්ට තිළිණ කිරීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටියි.

ඉදිරියේදී හරවත් නිර්මාණ කරමින් ක්ෂේත්‍රය තුළ නමක් දිනාගැනීමට අදහස් කරමින් සිටින නලින් සිය විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව පූර්ණ වශයෙන් සංගීත ක්ෂේත්‍රය තුළට එක්වීමට සැලසුම් කරමින් සිටියි. එමෙන්ම නිතර සංගීත ශ්‍රාවකයන්ට වෙනස් අත්දැකීමක් එක්කරන්නට උත්සාහ කරන නලින්ගේ ඉදිරි නිර්මාණය එකිනෙකට වෙනස් විවිධ ආරේක ගී නිර්මාණය වනු ඇතැයිද ඔහු අපට පැවසීය.