බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම විනාඩි පහකට කල්තැබූ අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරු සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රේමලාල් අබේසේකර මන්ත්‍රීවරයා එක්ව උපසභාපති උක්වත්තේ චන්දිම හිමියෝ සභාපති පුටුවේ බලෙන් වාඩි කැරවූහ. එම අවස්ථාවේ අබේසේකර මන්ත්‍රීවරයා හිමියන්‍ට නිල් පැහැති මල් මාලාවක් ද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් කොල පැහැති මල් මාලා ද පැළැන්දූහ. ඔවුන් එසේ කරන ලද්දේ සභාපතිවරයාගේ පාලනය අකාර්යක්ෂම බැවින් ඔහු සභාපති ධූරයෙන් ඉවත්කොට උප සභාපති හිමියන් සභාපතිකළ යුතුයැයි පාලක පක්ෂයේ අබේසේකර මන්ත්‍රීවරයා විසින් ගෙන ආ යෝජනාවකට මන්ත්‍රීවරු හය දෙනකුගේ එකඟතාව හිමිවීමෙන් පසුවය. ප්‍රේමලාල් අබේසේකර, දිල්රුක් අබේකෝන්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු ද, විපක්ෂ නායක හුසේන් කියාස්, අමිල නුවන් හා ටී.එච්.කුලරත්න මන්ත්‍රීවරයා ද ජනතා විමුක්ති පෙරමුණේ හර්ෂ ලියනගේ මන්ත්‍රීවරයාද එම යෝජනාවට එකඟවූහ. යෝජනාව ගෙන ඒමෙන් පසු සභාපති චානක මාදුගොඩ මහතා සභාව විනාඩි පහකට කල්තබා සිය අසුනෙන් ඉවත්වගියේය. චන්දිම හිමියන් සභාපති අසුනෙන් ඉවත්වීමත් සමග සභාපතිවරයා පැමිණ යළි රැස්විම ආරම්භ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු බණ කිව්වාත් නිරන්තරේ බුදු බණ ඇසුවාත් නිරන්තරේ ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ... බෝසත් ගතිගුණ පිහිටන්නේ නැති ගතියක් අපි හට ඇතිවද මන්දා මේ තරමට බුදු බණ අහනා රට දින දින පිරිහෙන කරුමය මන්දා... සිරිත් විරිත් යහ ගුණෙන් පිරී ගිය නැවුම් ලොවක් මත සිහසුන බන්ඳා එක ඉර හඳ යට හිනැහෙන දවසක් යලි කවදාවත් නේවිද මන්දා..... ගායනය: මාලනී බුලත්සිංහල මහත්මිය, එඩ්වඩ් ජයකොඩි මහතා පද රචනය: රඹුක්කන සිද්ධාර්ථ හිමි(නදී)
පන්සල් වහන්න වගේ වෙන්නේ. (නි)
උත්තම පා තඹරුවරු ඔක්කොම හාමුදුරුවරු දන් කෑමට ඉතා ගරු නිවන් පුරේ යාම බොරු (නි)
ලංකාවේ බුද්ධගම තියෙන්නේ නමට පමණයි. හාමුදුරුවෝ උපසභාපති වෙලා එකට වැඩිවෙලා මල් මාලා දමාගෙන කාට කියන්නද.(නදී)
පොද්දල ඉන්න ආගම ධර්මය හදුනන්නේ නැති අය අපේ රටට වැඩක් නැහැ. මෙයාලා එලවමු.(නදී)
මේ මිනිසුන්ට ආගමට වඩා දේශපාලන පක්ෂය ලොකු වෙලා. සුද්දෝ අපිට කරපු තවත් එක දෙයක් තමයි මේක.(නදී)
"චරිත භික්කවේ (ප්‍රාදේශීය සහාවට) චාරිකන් බහුජන හිතාය බහුජන සුඛාය" (නි)
කෝ මේ වට වගකියන්න ඕන ඉහල ලොක්කන්. එයාල නිශ්ශබ්දව ඉන්නකන් මේ වගේ පිස්සෝ දගලාවී. පක්ෂයේම අය වැඩක් කරන්න දෙන්නේ නැති වෙනකොට කොහොමද ප්‍රදේශයක් දියුණුවෙන්නේ. මේ වගේ තක්කඩි එලවන්න ඕනා.(නදී)
හාමුදුරු කෙනෙක්ව මෙහෙම අල්ලන එක හොදද?(නදී)
මේවාට ගතයුතු පියවර ජනතා හදවත් තීරණය කරාවි (නි)
අනේ හාමුදුරුවනේ ඔය චීවරයට තියෙන ගෞරවය කෙලෙසා ගන්නේ නැතුව දේශපාලනේ පැත්තකට විසිකරලා පන්සලේ වැඩ හිටියානම් හොඳයි කියල ඔය විකාර දැක්කම මට හිතෙනවා.(නදී)
අනේ අපේ හාමුදුරුවනේ, පන්සලට ගිහින් බුද්ධ සාසනය වෙනුවෙන් කැප වෙන්න. මේ වගේ දේවල් වලින් රටට විහිළු සපයන්නේ නැතිව. එසේ බැරිනම් සිවුර අතහැර ගෙදර යන්න. මට තේරෙන්නේ නැත්තේ මහා සඟ නායක වහන්සේලා මේවා නොදකින එක ගැන. බුද්ධ සාසන ඇමති කොහෙද?.(නදී)
ගිහියන් වැරදි මග යනවිට ඔවුන් යහමගට ගැනීමට පැවිද්දන් කටයුතු කරන්නා සේම පැවිද්දන් අකැප දෙයක් කරන විට ඔවුන්ට ඒ බව පෙන්වා දීම ගිහියන් විසින් කල යුතුය. නැත්නම්, කොසොල් රජතුමා දැකපු තවත් සිහිනයක් සැබෑ වනු ඇත.(නදී)
දැන් ඉතින් හාමුදුරුවෝ වඩිනකොට රතිඤ්ඤා දාන්න වෙනවා (නි)
ලෝකේ හිනස්සන වැඩ මේවා (දී)
බුද්ධාගම ප්‍රචාරය කරන හාමුදුරුවන්ට ගරු කරන්න (නි)
මේක මාධය ඉදිරියේ රඟපෑමක්, මේ අබේය්සේකර කියන කෙනා ගොඩක් සැරේ පරාද වෙලා යන්තම් මේපාර එල්ලුන කෙනෙක්. මාදුගොඩ මහතාගේ කාර්යක්ෂම තාවය ගැන මිනිස්සු දන්නවා. ඒක නිසා වැඩිම මනාපෙන් එතුමාව සභාපති කළේ පළවෙනි පාරෙන්ම. මේ අයට ඒක දරාගන්න බැහැ. ඒක නිසා සභාපති තුමාට අකුල් හෙලනවා. තව පාරක් ඡන්දය තිබ්බත් දිනන්නේ අපේ සභාපති තුමාම තමයි. ඒක ජනතා මනාපය. මේ අයගේ රඟපෑම එයාලගේ මෝඩකම. බයවෙන්න එපා බල්ලෝ බිරුවට කඳු පාහත් වෙන්නේ නැහැ.(නදී)
ඔය වගේ වැඩ කරන්න එපා කැතයි (දී)
කැතයි නේද?(නදී)
මේක මහ මෝඩ හැසිරීමක්. ජනතාවගේ කැමැත්තෙන් සභාපති පුටුවට ආපු කෙනා මෙයාලා කෝහොමද බලෙන් ඉවත් කරන්නේ. ඒකත් ජනතා කැමත්තට අනුවද සිද්ද වෙන්නේ. මේ ගැන අපේ නියෝජ්‍ය කතානායක තුමාගේ අවධානයට යොමු වේවා!. වනය විරෝධි ක්‍රියා කරන මංත්‍රීවරුන්ට නිසි දඩුවම් දෙන්න කියලා ඉල්ලා සිටිනවා ඔබ තුමාගෙන්.(නදී)
බෞද්ධ රටකට ගිය කල! (නි)
සභාපති තුමනි, දේශපාලනයේ හැටි ඔහොම තමා. ඔබතුමා වැඩ කරන්නේ ඔතන ඉන්න ටික දෙනාට නෙමෙයි එළියේ ඉන්න දස දහස් ගණනක් වූ ඡන්ද දායකයන්ට. සැලෙන්න එපා. ජනතාව ඔබ සමගයි. අපිට නම් පාලනය කාර්යක්ෂමයි.(නදී)
පිස්සු.(නදී)
ආචාර්ය අමිල නුවන් ළමියින්ට උගන්වන්නේ මේවද?. තමන් ජනප්‍රිය වෙන්න මේ වගේ පාදඩ වැඩ කරනවද?. එකෙක් කකුල උඩ තියාගෙන හිටියා, අනිකා ඊට හපන්. මේ වගේ අයට ජන්දේ දෙන අයට ගහන්න ඕනා.(නදී)
මාදුගොඩ සභාපති තුමනි. ඔබතුමා කරපු දේවල් හා කරන දේවල් දරාගන්න බැරි කුහකයෝ කරන වැඩ මේවා. අබේසේකර කියන්නේ කුහක කමේ උල්පතක්. සබාපති වෙන්න බැරි උනාම දුක තමයි ඔය. ඔබතුමා ජන්දේ ඉල්ලුවේ නැත්නම් බෝපේ පොද්දල යු.එන්.පී බලය තමයි තියෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි ගොන්නු තමයි ඔය දගලන්නේ.(නදී)
පොඩි බබාල වගේනේ වැඩිහිටියෝ හැසිරෙන්නේ. මේවගේ වැඩ ගැන ඉහලින් ඉන්න ලොක්කන් බලාගන්න ඕනා. එයාල කටවහන් ඇස්පියන් හිටියොත් වැඩක් කරන මිනිස්සු හැමදාම පරාදයි. මේ වගේ අයට ඊලග පාර අවස්ථාවක් දෙන්න නරකයි. සත්තු වගේ හැසිරීම. මේවගේ හරක් ගොඩක් මද සභාපතිතුමගේ හිනාවත් වටිනවා.(නදී)
හාමුදුරුවනේ, ඔබේ ගෞරවය ඔබ නෙතිකරගත්තා.ගිහියන්ට මේ වගේ ඔබව අල්ලන්න පුලුවන්ද? (දී)
මාදු, මේ වගේ අයට දගලන්න දීලා බලන් ඉන්න එපා. ඔයත් එක්ක අපි හැමදාම ඉන්නවා. ඔයා ඊලග පාර ඉල්ලුවොත් දිනනවා. ගරු ආසන සංවිදායක තුමනි, ඇයි මේවගේ අබේසේකරලට දගලන්න දෙන්නේ. ඔබතුමාගේ කීර්තියටත් හානියක් මේ වගේ සර්පයෝ තියා ගන්න එක.(නදී)
"බල්ලොත් එක්ක නිදා ගත්තම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා " කියල සිංහල කතාවක් තියෙන්නේ මේවට තමයි .... ගරුතර හාමුදුරුවනේ, ඔය නොගැලපෙන මිනිස්සු එක්ක දේශපාලනයට නොයා... චීවරයේ ගෞරවය රැකගෙන අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුසාසනා කරන්න ..."අසේවනාච බාලානං - පන්ඩිතානන්ච සේවනා .........."(නදී)
අයියෝ, අම්මෝ මොකක්ද මේ කරගත්තේ.(නදී)
අනේ අනිච්චං.(නදී)
ඒකත් එහෙම හොදයි කියමුකෝ (නි)
අනේ හාමුදුරුවනේ, බුද්ධාගමේ නාමයෙන් මේවගේ තුට්ටු දෙකේ වැඩ වලට සහභාගීවෙලා අපේ ආගමට අපහාසට සහ සැහැල්ලුවට ලක්කරන්නද ඔය හදන්නේ? සිවුර ගලවල ඔය මෝඩ රැල සමග ලගින්නද හදන්නේ.(නදී)
ඇයි ගින්නක්ද දන්නේ නැහැ.(නදී)
අපේ රටෙ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු. අනේ අපේ රටේ උගතෝ තනිකර කෙලින්නේ පිස්සු.(නදී)
හාමුදුරුවන්ට මල් මාලා දානවා දැක්ක පළමු වතාව. මේ අයට උගත්කමක් නැතිද?(නදී)
අනේ හොඳයි (නි)
ඉස්සර රට ගොඩ නගාගත්තෙ උතුම් ස්වාමින් වහන්සේලාගේ උපදෙස් වලින්. දැන් ස්වාමින් වහන්සේලා රට කනවා. මේ විහිලු තව කොච්චර කල් රටේ මිනිස්සු බලාගෙන ඉන්නද? අනේ අපේ රට දවසින් දවස විනාශයට යනවා (නි)
ජීවිතේ පළවෙනි වතාවටයි මම දැක්කේ හිමිනමකට මල්මාලා පළන්දන එක. ඒකත් ගෞරවාන්විතව නොව අවිනීතව. එනම් මේ කාලවල්වල බුදුදහමට නිගා කරන්නේ අන්‍යාගමිකයින් හෝ බෞද්ධ ගිහියන් නොව චීවරධාරීන්ම බව කිව යුතුද? (නදී)
එයාලට පිස්සුද ? නැත්නම් අපිට පිස්සුද ? (නි)
අනේ අපේ හාමුදුරුවනේ ! (නි)
අපේ බුදු හාමුදුරුවෝ කල්ප ගානක් පෙරුම් පුරලා. බුදු බව ලබල . සාසනයක් හැදුවේ දේශපාලනය කරන්නද ? (ස)
සභාපතිවරයා හොරකම් වලට දූෂණයට ඉඩ නොතියන නිසා හොර දේශපාලක හොරුන්ට මල්ල තර කර ගන්න බැරිවෙන හින්දා වෙන්න ඇති මේ දේවල් කරන්නේ. මේ වගේ විහිළු වලට නොසැලී හොදින් තම තනතුරේ වැඩ කර ගෙන යාමට සභාපතිවරයට ආත්ම ශක්තිය ලැබේවා. (නි)
අපේ ත්‍රිවිධ රත්නයෙන් එක රත්නයක් මෙසේ දේශපාලන මඩගොහොරුවට බැසීම ඉතාමත් අසෝබන බව දැන්වත් නොතේරෙන්නේද? (නි)
ඕවා ඉතින් අරුමයක්ද?මේ මොන කතාද? (නි)
මොනවාද මේ කරන විකාර , සිවුර අද ගත්තු කෙනෙක්ට මල් මාලා දානවාද (දී)
මොනවාද කියන්නේ මම මේ වෙනුවෙන් (දී)
නැවත මෙවන් වැඩ කරන්න එපා
මඩු, ඔයා හොරකන් කරන්නේ නැති නිසා ඒ අයට අවුල්. ඕවා ගණන් ගන්න එපා. ජනතාව ඔබ සමගයි.(නදී)
සිවුර වගේද මන්ත්‍රී ලාබ.
මෙවැනි අයගෙන් ආගම කෙලෙසෙනවා නෙමෙයි ආගම කෙලසනවා.(නදී)
මම මොකුත් කියන්නේ නැහැ මේ වෙනුවෙන් මොකද මම මොනවාහරි කියුවොත් මගේ නහරයක් පුපුරනවා (දී)
කොහොමද වැඩේ?හාමුදුරුවන්ට මල් මාල දාලා පිළිගන්න තත්වෙට වැටුන අපි... වැරැද්ද ගිහියන්ගේ නෙමෙයි. දේශපාලනයට බැහැපු හාමුදුරුවන්ගේ. ඕක තමා හාමුදුරුවනේ අපි කිවුවේ. දැන් කරන්න දෙයක් නැහැ.රෝමෙට ගියා නම් රෝමන්කාරයෙක් වගේ ඉන්න වෙනවා. (නි)
මල් මාලා දාලා හාමුදුරුවෝ පිළිගත්තේ මොන මෝඩයද? එක අතකින් ගිහියන්ට බනින්ට බැහැ... ගිහියන්ගේ රස්සාවට පැවිද්දෝ බැස්සහම ගිහියන්ට දක්වන ආචාර ධර්ම පැවිද්දන්ටත් ලැබෙන්නේ. (නි)
කොහොමද හාමුදුරුවෝ දේසපාලනය කෙරිල්ලේ විපාක?මල් මාලා දාලා පිළිගන්න තත්වෙට අසරණ වෙලා.ඉරිදා ටියුෂන් පන්තියක් වත් නවත්තන්න බැරි වුන එකේ මොන ධර්ම රාජ්‍යයද අපේ හාමුදුරුවනේ? තවත් බාල්දු නොවී ඔය දේශපාලනේ නවතන්න. (නි)
ලංකාවේ කතෝලික පල්ලිය පියතුමන්ලාට දේශපාලනේ කිරීම තහනම් කරලා කියලා මම පත්තරේක දැක්කා.අපිටත් එහෙම දෙයක් තමා දැන් කරන්න වෙන්නේ. (නි)
දේශපාලනේ කොතනද හාමුදුරුවෝ එතන.... (නි)
වැඩබැරි සභාපති ගෙදර යනු! (නි)
භික්ෂුවට අනුශාසක ධුරයක් මිස වෙනත් නිල බලතල කරන්න ගියහම තමයි මේ වගේ ගැටළු වලට මුහුණ දෙන්න වෙන්නේ. බුද්ධ ශ්‍රාවකයෙකුට මෙය නොගැලපෙන්නක් වගේම, තිසරණය ගිලිහුණු, කිසිම ගරු ශ්‍රද්ධාවක් හිතේ නැති , කල යුත්ත නොකළ යුත්ත මොකක්දැයි නොහදුනන මේ වගේ දේශපාලන අවස්ථාවාදීන් මේ රටට මහා පිළිලයක් . මේ වැඩේට අපේ පිලුකුල්. ප්‍රාදේශීය සහ පළාත් සභා කියන්නේ මේ රටට කිසිම වැඩක් නැති මහජන මුදල් කාබාසිනියා කරන මැරයන් රජකරවන ව්‍යුහයක් බව දැන් රටටම තේරුම් ගිහින් තිබෙන්නේ. ඕනෑම ජඩ වැඩක් පස්සේ දැන් ප්‍රාදේශීය හෝ පළාත් සභා මන්ත්‍රී කෙනෙකුගේ නම ගෑවෙන තරමටම ඒක පිළිලයක් වෙලා. ඉස්සර තිබුන දිසාපති ක්‍රමය මීට වඩා රටේ මිනිස්සුන්ට වැඩක් කෙරුණා.(නදී)
ඔක්කොටම කලින් සිවුරට ගරු කරන්න දන ගන්න (දී)
උන්වහන්සේගේ කැමැත්තක් නැහැ වගේ (දී)
සල්ලි ප්‍රශ්නයක්ද මහත්තයෝ
කෞද අකමැති පුටුවට බලෙන් හින්දනවා නම් (නි)
ඔය වගේ වැඩ කලාම හෑල්ලු වෙන්නේ ඔබතුමාලම තමයි
හාමුදුරුවන්ට මල් මාලා දාන්නේ කොයි රටේද ?පේනවනේ උගත්කමේ හැටි? (නි)
මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නය
තනතුරකින් ඉවත් කරන විදිහක් තියෙනවා (දී)
මේවා විහිලු මට නම්
කාටද කියන්නේ මේ වැඩ (දී)
විකාර කරාන්න එපා
ඔබ වහන්සේ සිවුරක් දාගෙන ඔය පුටුවේ කොහොමද වාඩිවෙන්නේ? ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති වරු කියන්නේ වර්තමාන ලංකාවේ කාන්තා සහ ළමා අපචාර කරන්නන්, පොලිස් නිලධාරීන්ට පහර දෙන්නන්, මිනි මරන්නන්.(නදී)
කෙවින් ඔබගේ අදහස අනුව එහෙම උනොත් මුලුරටටම දෙන්න වේවි දානය.(නදී)
අයියෝ සල්ලි විහිලු වගේ මට නම්
මේ හාමුදුරුවන් වහන්සේට වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? (නි)
හොර බොරු නැති ආදර්ශවත් සබාපති කෙනෙක් සැලෙන්න එපා මාදු අපි ඔබත් එක්ක. (ස)
අනේ හාමුදුරුවනේ මොනවද මේ විකාර...සභාවේ කට්ටිය සිවුරට ගරු කරන්නවත් දන්නේ නැද්ද ...මොන්ටිසෝරියක් වගේ. ... (ත)
සබාපති කොහොම වෙතත් ඔය කෑගහන මන්ත්‍රීවරු ප්‍රදේශයට කිසිම වැඩක් කරන්නේ නැහැ ඔය සබාවට අයිති පාරවල් වල පයින්වත් යන්න බැහැ. ඔය මන්ත්‍රීවරු ඉන්නේ කොහෙද කියලවත් දන්නේ නැහැ.(නදී)
මේවගේ වැඩ කරන්න එපා මහත්තයෝ (දී)
හොද වැඩක්.(නදී)
මේවා විහිළුද
මම ගියා අපායේ රැස්වීමකට මල්ලියේ. මුලසුන මට දෙන්න හදනවා. මම බැරිය කියනවා...මගේ ඇඟේ ගහනවා ...මම පැනල දුවනවා...මම ගියා අපායේ ..රැස්වීමකට මල්ලියේ.// විස්තර ලංකාදීපයේ ....බලන්න එන්න මල්ලියේ....ගියා අපායේ ..රැස්වීමකට මල්ලියේ.//(නදී)
අපිට පිස්සුද කොහෙද (දී)
ආදර්ශයක් වෙන්න ඕනේ නේද
මොකද්ද මෙවන් වැඩ වලට හේතුව (දී)
පව් කියලත් හිතෙනවා
මම මොකුත් කියන්නේ නැහැ (දී)
බෝපෙ පොද්දල සභාවෙ ඉන්නෙ 10% කොමිස් එකට කොන්ත්‍රත් කරන මංත්‍රීවරු විතරයි. ආගම ධර්මය හදුනන්නේ නැති මෙයාලා එලවමු.(නදී)
අයියෝ සල්ලි (දී)
මදූ අපි ඔබ සමගයි.(නදී)
මෙහෙම කරන එක හරිද (දී)
හා හා ළමයිනේ එහෙම කතා කරන්න ඒපා. මේ වගේ අපේ හාමුදුරුවරුන් තමයි මෙවැනි ආසනවල ඈදි ගන්න ඕනේ. අර බල සේනා මේ බල සේනා වලට වඩා කොතරම් හොදද?(නදී)
ඒ හාමුදුරුවෝ බැහැ කියද්දී වාඩි කරලා තියෙන්නේ
දැන්වත් ඔය සිඟිති වැඩ නවත්වන්න (දී)
අයියෝ ආගමට යන කලක් මේ දේශපාලනයක් නිසා. කාන්තාවන් හා සමතැන් අරගෙන ඉන්න හැටි.මේවා තිබුනද අපේ ආත්තම්මා මුත්තා යුගයේ? (නි)
නරි නාටක..... (නි)
මේ අයට වෙන වැඩ නැති හින්දා හොදයි (නි)
හාමුදුරුවන්ට මල්මාලා දමන එක හොඳද?අනේ හාමුදුරුවනේ ඔය ආගම් චාරිත්‍ර නොදන්නා පුද්ගලයෝ සමග ආශ්‍රය කිරීමෙන් ඔබ වහෙන්සේට විතරක් නෙමේ සාසනයටම අගෞරවයක්.සාසනය රැක ගැනීමේ තීරණය ඔබ වහෙන්සේට භාරයි (නි)
අප්පෝ.....! අද කාලේ ස්වාමින් වහන්සේලා මේ වගේ දේවල් කරනවා දැක්කම හරිම දුකක් හිතෙනවා. (නි)
විදුලි බිල ගැන අපි නැවත නැවත සිතිය යුතුය. මේ වැඩිකිරීම ජනතාවට කරන ලොකුම අසාධාරනයක්.(නදී)
අපේ රජ වරු රට පාලනය කලේ සංඝ රත්නයේ අනුග්‍රහය ඇතිවයි. ඉතින් මොකද හාමුදුරුවෝ රට පාලනයට එකතු වුනාම?සිංහල බොදුනුවන් තමාටම අවැඩක් කර ගන්නේ එතුමන්ලා ඉවත් කලොත්. (නි)
කෝ පුටුවට දාන සුදු රෙද්ද? (නි)
හාමුදුරුවන් වහන්සේලා අපි දැකල නැහැ ගැහැණු අයත් එක්ක එක ළඟ සම සමව පුටු වල වාඩිවෙලා ඉන්නවා. (නි)
මෙහෙමත් විකාර .(නදී)
අනේ පාර්ලිමේන්තුවේත් ඔය වගේ දෙයක් සිදුවේ නම් ... (නි)
මොනවා වුනත් භික්ෂූන් වහන්සේ නමකට මල් මාලා පැළඳවීම නම් වැරදියි කියලයි මම හිතන්නේ. බෞද්ධ ස්වාමින් වහන්සේ නමක් අදහස් දක්වනවා නම් හොඳයි. (නි)
ඉස්සර පාලකයෝ හාමුදුරුවන්ට වැන්දා. දැන් හාමුදුරුවෝ දේශපාලුවන්ට දණගහලා වඳිනවා.(නදී)
ඉතා හොදයි (නි)
පසුගිය කාලයේම සංඝයා විසින් බුදුදහම විනාශ කරන ප්‍රවෘත්ති අසන්නට, දකින්නට ලැබුනා. අපිට සංඝරත්නය හදාගන්න බැරිනම් මේ වගේ ප්‍රවෘත්ති පලකරන එක නතර කරලාවත් හිත හදා ගමුද? (නි)
මට නම් මේ ගැන කිසිම පැහැදිලිතාවයක් අවශ්‍ය නැහැ. මම දෙන දානේ දෙන්නේ හිගන්නන්ට විතරම තමා. (නි)
අපි නම් හිනා වේවි බලෙන් වාඩිකරවනවා මේ දැක්කමයි (නි)
විහිළු විහිළු විහිළු............රට වටේම විහිළු (නි)
මහන වෙන්නේ නිවන් යන්න. දේශපාලනය කරන්නේ අපායේ යන්න. බුදුන්ගේ චීවරයට හානි කරන්ඩ එපා.(නදී)
ඕක අද වෙන දේවල් එක්ක බලද්දී ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි. (නි)
කිසිම විදිහකින් බලයට එන්න වුවමනාවක් නැති අපේ විපක්ෂයේ අහවලාවත් ඔය විදිහට බලෙන්ම ලොකු පුටුවක ඉන්දවමුද ? ඔයාල කියන විදිහේ මල්මාලා අපි අරගෙන එන්නම් ඕනෑ පාටක (නි)
ශාසනේ රැකගෙන ඉන්නේ නැතුව මේ ජරා දේශපාලනයට එන එක ආගමත් හෑල්ලුවට ලක් වීමක් . (නි)
පාසල් ශිෂ්‍ය සමිති මීට වඩා ක්‍රමවත් සහ විධිමත්. ලැජ්ජා නැති හැටියක්! (නි)
නියම විහිළුවක් ,සතුටුයි අපේ හාමුදුරුවනේ (නි)
මේ සබාපති හොර බොරු නැතිව අවංකව තම දේසපාලන කටුතු කරගෙන යන එක දරාගන්න බැරුව ඉර්සියාවේ අකුල් හෙලනවා.(ස)
මා දන්නා තරමට නම් සබාපති (මාදුගොඩ) අවංකව වැඩකරන මැර වැඩ නැති අන් ප්‍රාදේශීය දේශපාලකයන්ට ආදර්ශමත් දේශපාලකයෙක්. (නි)
ඔව්. හොරකම් අඩුවේවි. නමුත් කාර්යක්ෂමතාවය ගැන දැන්ම මොකුත් කියන්න බැහැ (නි)
රටේ බහුතරය ඉන්නෙත් බලෙන්නේ (නි)
හාමුදුරුවෝ ගිහියන්ගේ රූකඩ වෙලා. මේවා බුදු දහමට අමු අමුවේ කරන ගැරහුම්.ධම්ම සංඝායනාවක් පවත්වන්න කාලයයි දීපයයි දේශයයි මේ. (නි)
මේ වගේ හමොදුරුවරුත් දේශපාලනේ ඉන්න ඕනා. හොද දේට සහය දෙන්නේ නැති මෙවැනි බික්ෂුන් ගේ අපේක්ෂාව බලය හා තණ්හාවනම් ගිහියන්ට බුදු සරණයි. මේ වගේ අසික්කිත මන්ත්‍රීලාටත් බුදු සරණයි.(නදී)
විගඩන් විකාර.(නදී)
ඊයේ ප්‍රවෘත්ති වලට දුන්නා විශ්වාස භංග යෝජනාවක් ඔබතුමාට ගේනවා කියලා. මනාප 10000 ගණනක් ගත්ත ඔබතුමාට එහෙම කරන්න මේ පරාජිතයන්ට පුලුවන්ද. සභාපතිතුමනි ඔබ වෙනුවෙන් බෝපේ පොද්දල ජනතාව පමණක් නොව මුළු ගාල්ලේ දිස්ත්‍රික්කයම ඉන්නවා. 'ජන ගගක් යනු එක හඩක් ' ඔබට ජය.(නදී)