දඹුල්ලේ පෙදරේරුවෙකු දඹුලු බස් නැවතුම්පොළ ඉදිරිපිට අද අළුයම තුනේ සිට මාර ගසකට නැග සිටී.
ඔහු කියනුයේ දඹුල්ලේ උප නගරාධිපති කුසුම්සිරි ආරියරත්න මහතාගේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ලැබිය යුතු රුපියල් අනූ එක් දහසක මුදලක් නොගෙවූ බවයි.
එම මුදල ලබා ගැනීමට ගත් සියළු උත්සාහයන් අසාර්ථක වූ බැවින් ගසට නැගි බව ඔහු කියයි.
උප නගාරිාධිපති පවසනුයේ ඔහුට දීමට ඇති මුදල රුපියල් විසිපන්දහසක් බවයි. ඔහු වැඩ අතර මග නතර කල බවත් ඔහුගේ වැඩ ප්‍රමිතියට නැති බවත් කියයි.
එම වැඩය නිසි පරිදි අවසන් කළොත් ඉතිරිය ගෙවන බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙනයි, ඔය මාර ගහ අයිතිත් නගර සභාවටයි. පාරට වැඩියි කියලා ගහ කපන්න ඉඩ තියෙනවා. (ස)
බාසුන්නේ කියනවා අනූ එක් දාහක් කියලා. උප පුරප්පති කියනවා විසිපන් දාහක් කියලා. දෙන්නම උසාවියට දාන්න. එතකොට කවුද බොරුකාරයා කියා දැන ගන්න පුළුවන්. (ස)
බාස්ලා කොන්ත්‍රාත්කාරයෝ තරම් වෙන හොරු තවත් නැහැ (නි)
ඒ අහිංසකයගෙ මුදල් ගෙවන්න (දී)
ඔහු පෙදරේරුවෙක් නම්, කොන්ත්‍රාත් කරුවෙකු නොවේ නම් රුපියල් අනූ එක් දහසක හිඟ මුදලක් දරා සිටීම විස්වාස කල හැකිද? එය රුපියල් විසිපන්දහසක් නම්, ඔහුගේ දහදිය නිවෙන්නට පෙර එය ගෙවා දමන්න. (දී)
මිනිසුන්ගෙන් වැඩ අරන් මුදල් නොදුන්නොත් කවද හරි දවසක ලොකු ලෙඩක් හැදිලා එකට වියදම් කරන්න වේවි. ලොකු මිනිස්සුන්ට පොඩි මිනිහගේ දුක තේරෙන්නේ නැහැනේ
බන්දුල පෙරේරා තමයි හොදට දන්නේ.එකට ඉන්න උදවිය හින්ද.දැන් මේවා කියවල කල්පනකරනවා මේ හොරත් හොදයි කියන්න මොනවද දන්නා පුළුවන් අදහස කියල.මොකද එයාගේ ජොබ් එක ඒකනිසා.හෙට බලන්නකෝ බොරුනම්. (දී)
අයියෝ ලැජ්ජයි, වැඩ හොඳ නැත නම් කලින්ම වැඩේ නැවත් වන්න තිබුනනේ. දැන් 25000 ගිවිසුම කඩ කල වරදට10000 ක් ගෙවා සමතයකට පත් උන නම් හොඳයි නේද. මේවයි පසේට තමා චන්ද අඩුවෙන්නේ. (දී)
ලැජ්ජයි නේද මහතයෝ ගමම , රටම දනගාත්තා ඔබ තුමාගේ කෙරුවාව (දී)
සමහර විටක උප නගරාධිපතිම ගත්තු කොන්ත්‍රාත් එකක් වෙන්න ඇති .ඒ කනේබාසුත් බය නැතුව ගහට නැග්ගේ (දී)
අසරණ මිනිසුන්ට වෙන දෙය තමා ඔය.. (දී)
"අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැනුණු දඹුල්ල උප නගරාධිපති කුසුම්සිරි ආරියරත්න මහතා සහ තවත් පුද්ගලයකු ලබන 25 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ." පුවතක් බාස් උන්නැහේ දන්නේ නැද්ද මෙය කවුද කියල ? ගලෙන් පට්ට ගත්තත් මෙයාගෙන් සල්ලි ගන්නවා බොරු. අනික මෙයා ලංකාවේ දේශපලකයෙක්නේ.හරිම අවංකයි,යුක්තිගරුකයි,සත් ගුණවත්.අනේ අපේ ලංකාවට ගිය කලක්.මුන් හොරු කියමු.ඉහල කවුරුවත් නැද්ද ගෙන්නලා කනට දෙකක් ගහල කියන්න රටේ,පක්ෂයේ නම්බුව නොකා අස්වෙලා ගෙදර පල කියල. (දී)
සත්‍යපාල, නියමයිනේ. හොඳ තොරතුරක්නේ ඔබ එළිදරව් කලේ . හරි වටිනවා. ඕවා රටේ මිනිස්සු දැනගන්න ඕන. සුදු පිරුවට ඇතුලේ ඉන්නේ කවුද කියලා. (ස)