අධිකරණ අමාත්‍යවරයාගේ පෝස්ටර් 7000 ක ප්‍රමාණයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන නීතිඥවරයකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය අද (14) නියෝග කළාය.
මෙම පෝස්ටර් වලින් 3688 ක ප්‍රමාණයක මුද්‍රණය කළ ස්ථානය සඳහන් කර නොමැති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
මෙලෙස ඇප මත මුදාහැරුනේ පන්නිපිටියේ පදිංචි උදුල් ප්‍රේමරත්න හා හබරාදූවේ සහන් ශ්‍රී කීර්ති නැමැති දෙදෙනාය.
වාර්තා වන අන්දමට මොවුන් දෙදෙනා මෝටර් රථයෙන් මෙම පෝස්ටර් තොගය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් හදිසි ඇමතුම් අංශය කළ දැනුම්දීමක් මත මරදාන නගරය ආසන්නයේදී මරදාන පොලිසිය මොවුන් දෙදෙනා පෝස්ටර් සමග අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රටේ නීතිය හොඳින් ක්‍රියාත්මකයි (නි)
මේ කවුද? (නි)
මේ අර අන්තරේ රතු කමිස කාරයද? මහ ලොකු දර්ශණය කොහෙද ? (නදී)
මෙයා විශ්ව විද්‍යාලයේ ඉඳලා අන්තරේ කැඳවුම් කරු ලෙස විශ්ව විද්‍යාල සිසුන් කී දෙනෙකෙගේ අනාගතේ කඩාකප්පල් කලාද . ඔය ජේ.වී.පී කාරයෝ කවුරුත් ඔහොම තමයි (නදී)
මිනිස්සු නීතියට බයනැතිකම.... (නි)
බොහොම හොඳයි (නි)