මැදිරිගිරිය උදාරගම ප්‍රාථමික විදුහලේ පළමු වසරේ සිසුන්ට ඩෙස් පුටු නොමැති වීම හේතුවෙන් තාවකාලික මඩුවක අකුරු කිරීමට සිදුව ඇතැයි මව්පියෝ කියති.
පසුගියදා පළමු ශ්‍රේණියට සිසුන් 68 දෙනකු ඇතුළු කරගත්තද අනාරක්ෂිත මඩුවක බිම හිඳගෙන අකුරු කිරීමට දරුවන්ට සිදුව ඇතැයි ඔවුහු පවසති. උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක නිර්මලා ඒකනායක මහත්මිය පැවසූයේ මේ සම්බන්ධයෙන් දැනුවත් වී නැති බවත් කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයෙන් විමසන ලෙසත්ය.
ඒ අනුව හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ප්‍රසාද් ජයවර්ධන මහතා පැවසූයේ නව පන්ති කාමරයක් ගොඩනැගීම අද හෙටම ආරම්භ කිරීමට නියමිත බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දරුවන් බිමට වැටුනේ කෙසේද ? මේ වසරේ පළමු වසරට බදවා ගන්න මේ දරුවන් මේ පාසලේ පළමු වතාවට පටන් ගන්න අලුත්ම පන්තියකද මේ ඉන්නේ? කලින් වසරේ මේ පන්තිය නොතිබුණද? තිබුනානම් එම පන්තියේ තිබුන ඩෙස් පුටු කොහිද? දැන් කවුරුන්ද ඒවා ඉවත් කලේ මේ කරන අධ්‍යාපන ඇමති තුමනි වහාම පරීක්ෂණයක් කර බලන්න ඩෙස් බංකු හෝ පුටු හිගයක් ඇතිවිය හැක නමුත් මුළු පන්තියකම මෙසේ වීම සිදුවිය නොහැක. (ර)
තිලක් ඩුබායි මහත්තයෝ, මහින්ද මහත්තය පාසල් වලට කළ සේවය නොදකින්න ඒ කාලේ ඔයාගේ ඇස් අන්ධ වෙලාද තිබුනේ. දැන් ඉන්න ආණ්ඩුව ඇවිත් අවුරුද්දක් වුණා. ඇයි එයාලට තාම ඕකවත් කරන්න බැරිවුණේ? ඔයාලට ඒවා පෙනෙන්නේ නැද්ද? (නි)
හැමදේටම මහින්දටම බොරුවට කෑගහන තිලක් ඩුබායි වගේ අය වත්මන් ආණ්ඩුවත් මේවා කරන්නේ නැහැ කියන එක දකින්නේ නැහැ. (නි)
මේ අපේ රටේ නොදකින එක පැත්තක්.(හේ)
පාලකයිනි මේ දෙස අවධානය යොමු කරන්න.(හේ)
මෙවැනි දුප්පත් දරුවන් සිටින රටක මහජන මුදල් ගසා කනවා කියන්නේ වැහි නැති හෙන ගහන තරම් අපරාධයක්.(ම)
දැයේ මල් කැකුලන්ට ඉගෙන ගන්නට ඩෙස්,පුටු නැහැ...මීට ඉහතත් ගලේවෙල තලකිරියාගම 6 වැනි වසරේ දරුවන්ටත් අකුරු කරන්න ඩෙස් පුටු නැතිව ඉටි කොලවල බිම හිඳගෙන සිටින පුවතක් මෙහිම පලවී තිබුණා මතකයි.ලොකු ලොකු අයවලුන් ලොකු හැන්දෙන් බෙදා ගනිද්දී පොඩිවුන්ට වෙලා තියෙන දෙයක්.? (ම)
පින්කෙත හෙළ රන් දෙරණ. එනිසා කොහොම හරි ඉවසන් ඉන්න.(ම)
මහජන මුදල් ගසා කාපු එවුන්ගෙන්/කම්බා හොරුන්ගෙන් නීතියෙන් බැරිනම් බෙල්ල මිරිකලා හරි ගන්න බලන්න.එ්කනේ මම කියන්නේ ජෙනරල් ෆොන්සේකාව ජනාධිපති කරව ගන්න නොලැබුණේ අපේ කරුමෙටයි.අපේ දරුවන්ගේ කරුමෙටයි කියල. (බ)
මේ ෆොටෝ පෙළ හිටපු ජනපතිට යවන්න කෙනෙක් නැද්ද? (බ)
ඉන්නේ පන්සලේ. හැම වෙලේම ඉන්නෙත් මල් වට්ටියක් උස්සගෙන. එ්ත් කරන තරමක් කරන්නේ මහජන මුදල් "හතර වරම් ගැහිලි" ගහන එකයි. (බ)
හිටපු ඒකාධිපතියාගේ කටු සුප්පු කරපු එවුන් නම් කියාවි "මේ දරුවන්ගේ ලබා උපන් හැටි" තමයි කියල. (බ)
දැන් ඉතින් කිසිම උත්තරය තමා මන් දන්නේ නෑ කියන එක (බ)
මෙවැනි ෆොටෝ දකිද්දී මහජන මුදල් රුපියල් කොටි ප්‍රකෝටි ගණනින් ඩුබායි ,ඉතාලි සේනත් ෆ්රැන්සිස්කෝ,ඇමරිකා,ශිෂෙල්.... වැනි රටවල තැන්පත් කරපු කම්බා හොරු එක්ක පුදුම වෛරයක් ඇති වෙන්නේ. (බ)