දශක හයක් පුරා උදාරතර ජාතික, ආගමික හා ශාසනික මෙහෙවරක නිරත වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී හා සාධාරණ සමාජයක් වෙනුවෙන් අභීතව හඬ නැගූ ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක් වන සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු, කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියෝ හෙට (12) පස්වරුවේ දැයෙන් සමුගනිති.
උන් වහන්සේගේගේ දේහය පිළිබද ආදාහන පූජෝත්සවය සියලූ රාජ්‍ය ගෞරව සහිතව පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී හෙට (12) පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිතය.
මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන බ්‍රහස්පතින්දා (12) රජය විසින් ජාතික ශෝක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබේ.
නා හිමියන්ගේ දේහය කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථ ධර්ම ශාලාවේ අවසන් ගෞරව දැක්වීම සඳහා බ්‍රහස්පතින්දා දහවල් 12 දක්වා ඉඩකඩ ලැබෙයි. පස්වරු 1.30ට ශ්‍රී දේහය ආදාහන මළුව කරා වැඩ කැරවීම ඇරැඹෙයි.
රිය පෙරහැර කෝට්ටේ පාර ඔස්සේ පැමිණ කුළුණ හන්දියෙන් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයට පිවිස, පොල්දූව හන්දිය දක්වා ගමන් කර එතැනින් පාර්ලිමේන්තු මාර්ගයට පිවිස ආදාහන මළුවට පැමිණීමට නියමිතය.
රිය පෙරහැර පස්වරු 3.00 පමණ වන විට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට ළඟා වනු ඇතැයි අපේකෂා කෙරෙන අතර ඉන් පසු ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ කෙරේ.
දේහය රැගත් පෙරහර ගමන් ගන්නා මාර්ගය සහ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අවට පොලීසිය විසින් හෙට දිනයේදී විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වීමට නියමිතය.
බ්‍රහස්පතින්දා දිවයිනේ සියලූ මත්පැන් අලෙවිසැල් වසා තැබීමට, මස් පි‚ස සතුන් ඝාතනය සහ මස් අලෙවියද තහනම් කිරීමට රජය තීරණය කර ඇත.
මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සියලූ සිනමා ශාලා ද වසා තැඛෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
බස්නාහිර පළාතේ සියලූ පිරිවෙන් සඳහා නිවාඩු ද ලබා දී තිබේ.
උන් වහන්සේට ගෞරව කිරීමක් ලෙස සෑම රාජ්‍ය ආයතනයකම හා නිවසකම කහ වර්ණ ධජයක් ඔසවා ශෝකය පළ කරන ලෙස ද රජය ඉල්ලීමක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා වටිනා ජීවිතයක් අප මව්බිමට අහිමිවුණා. සෝභිත ස්වාමින් වහන්ස, ඔබට නිවන් සුව පතමි! (නි)
මෙම ශ්‍රේෂ්ඨ යතිවරයාණන්ගේ කර මතින් කරලියට පැමිණි දේශපාලන චරිත කීයක් නම් ඇත්ද? නමුත් ඉන් කී දෙනෙක් ශ්‍රේෂ්ඨ දර්ශණය ලොවට දායාද කිරීමට කටයුතු කරන්නදෙ?. ගරුතර ගංගොඩවිල සෝම හිමි, ගරුතර මාදුලුවාවේ සෝභිත හිමි පැතූ යහපත් දේශය මෙම දේශපාලන චරිත කවදා මිනිසුන්ට ගොඩ නගා දෙයිද? දේශපාලුවනි.... නුඹලාගේ වගකීම ඉටු කරන සැටි මිනිසුන් අවදියෙන් බලාගෙන සිටී. එය අමතක නොකරනු....!!!!! (රේ)
පිහිටක් නැති - සරණක් නැති සතුටක් ඇති - මුහුණක් නැති මේ ශ්‍රී ලංකාවේ .... අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා අපේ හාමුදුරුවනේ... හබලක් නැති - ඔරුවක් ඇති මිනිසුන් වෙති - වෙරළක් නැති මේ ශ්‍රී ලංකාවේ .... අපි අසරණ වෙලා වගේ අපේ හාමුදුරුවනේ... (නි)
හාමුදුරුවෝ නැති අඩුව පොදු ජනතාවට දැනෙනවා අපේ හාමුදුරුවනේ , .තමුන්ට හරියයි හැඟුණු දේ වෙනුවෙන් නිර්භීතව පෙනී සිටියා. .කාටවත් ගැතිකම් කළේ නැහැ.හරිම ස්වාධීන පුද්ගලයෙක් , මගේ ආගමික විශ්වාසය අනුව සදාතන ජීවිතය ලැබේවායි පතන්නම් .....අපේ හාමුදුරුවනේ ....! (ම)
ශ්‍රේෂ්ට බුද්ධ පුත්‍ත්‍රයානණි, ඔබ මගේ මවුබිමට මහත් ආලෝකයක් විය, ඔබ වහන්සේ අපේ පුංචි ශ්‍රී ලංකාව, මුළු ලෝකය,තුල අද්විතීය තත්වයට,පත් කිරීමට ගත් උත්සාහය, අනගීභවනියයි, ඔබ වහන්සේගේ දිවිපෙවෙත, ශ්‍රී ලංකික, බුදුසසුනට, අපේ රට පාලනය කරන දේශ පාලකයන්ට,දේශය ගොඩනගන්න උත්සාහ කරන බුද්දීමතුන්ට, මගේ පුංචි රටට ආදරය කරන සියලු දෙනාට මහත් ආදර්ශයක් විය. මහනාහිම්යනි,ඔබ නිවන් දකින්න පෙර මගේ රටට යලිත් බුදු පුතෙක් ලෙස උපදින්නට ලෙස මා ප්‍රාර්ථනය කරමි, මගේ පැතුම සුවහසක් ශ්‍රී ලංකිකයන්ගේ පැතුමද විය හැක.(රේ)
උන්වහන්සේ ළඟ කිසිම ජාති බේදයක් තිබුනේ නැහැ.සිංහල ,දෙමළ,මුස්ලිම් හැම කෙනාටම උන්වහන්සේගේ ආදරය කරුණාව සමසේ ලැබුනා.ඇදී ආ ජන ගංගාවෙන් එය මනාව ඔප්පු වුනා. අපි පිට රටක හිටියත් උන්වහන්සේ ගැන තිබුනේ අපමණ භක්තියක්,ආදරයක් .දැයට අහිමි වූ යතිවරයාණන් වහන්සේ නැවත අප අතරම ඉපිද,උන්වහන්සේ බලාපොරොත්තු වූ සාධාරණ සමාජය ගොඩ නංවා අවසන අජරාමර නිවන් සුවයට පත් වේවා....! (බ)
බුදු පුතුන් නිහඩවිය...... මව්බිමම සසලවිය.......... අජාසත් පරපුරේ........ බැමි බින්ද හිමි තෙමේ............ වීර්ය පුරන්නේ............. ලොව්තුරා සුවයටද........... ලව්කිකව අපගේ..... විමුක්තිය උදෙසාද......... හිමියනේ.......... මතුදිනේ..... නිවන වෙත වඩින්නේ.... වීර්යයෙන්.... ඒ පිනෙන්....(බ)
නාග විහාරයට පැමිණි සෙනඟ පෙන්වන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් සමගියෙන් කටයුතු කරන දුර්ලභ අවස්ථාවක්. මේ හිමියන් ජීවතුන් අතර නැතුවත් රට වෙනුවෙන් කරන සේවය අද ජීවතුන් අතර සිටින බොහෝ දෙනෙකුට කරන්න බැරි හැටි? (නි)
මේ දින කිහිපය දේහය තබාගනිමින් ගිහිපැවිදි හැමෝටම හාමුදුරුවන්ට අවසන් ගෞරවය දැක්වීමට අවස්ථාවක් ලබාදීම ඉතා හොඳයි. එමෙන්ම උන් වහන්සේ දැක ගැනීමට නන්දෙසින් පැමිණෙන්නේත්, පෝළිම්වල සාමකාමිව දිවා රෑ නොතකා තමන්ගේ වාරය පැමිණෙනතුරු බලා සිටින්නේත්, සෑමතැනම කහ කොඩි වලින් සරසන්නෙත් මිනිසුන්ගේ හදවතින්මයි. නැතුව කවුරුත් කියලා නෙමෙයි. මට ඇත්තටම දැනුනා උන්වහන්සේට මිනිසුන් කොච්චර ආදරේද කියලා. (නි)