'ඇමැති මණ්ඩලයේ උදර පෝෂණය වෙනුවෙන් ජනතාවට බදු පැනවීමේ ප්‍රතිපත්තිය පරාජයට පත් කරනවා’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බත්තරමුල්ල පැලවත්ත පක්ෂ කාර්යාලයේ අද (10) පැවති හමුවක දී පැවසුවේය.
වී, තේ, රබර් ගොවියාට සහතික මිලක් නැහැ. රුපියලේ අගය අවප්‍රමාණය වීම නිසා භාණ්ඩ රැසක මිල වැඩි වෙලා. රෙදිපිළි, කාර්මික භාණ්ඩ ඇතුළු සියලු ආනයනික භාණ්ඩ සඳහා මිල සියයට 15 – 20 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනවා. ජනතාවගේ ලේ නහර කපා ලේ අරගෙන ආණ්ඩුව උදර පෝෂණ ක්‍රියාවලිය පරාජයට පත් කරනවා ' යනුවෙන් දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතක තියාගන්න මේ වෙනස ඇතිකලෙත් මේ ගොල්ලොම තමයි. (ර)
දැන් කවද්ද ඕක කරන්න හිතාගෙන ඉන්නේ. (ර)
මෙතුමන්ලාගේ දේශපාලනය දැක්මක් නැති එකේ විපාකේ තමයි අද රටට හෙනයක් වෙලා තියෙන්නේ.(ම)
ඔබලාගේ ට්‍රයල් නිසා අපි චන්ද්‍රිකා, මහින්ද හා මෛත්‍රී බලයට පත් කළා. ඊළඟ ට්‍රයල් එක කවුද? (බ)
ඉතින් ඔය ඉල්ලන්නේ කලින් ආණ්ඩුව කාලේ තිබුන දේවල්නේ. ඒවා එපා, ඒවා මදි කියලනේ ආණ්ඩු මාරු කලේ ඔහෙලා. දැන් තිබ්බ ටිකත් නැතිකරගෙන මොකද අපිටම බයිලා ගහන්නේ. (බ)
දැන් බොරුවට කෑ ගහනවා මෙයාලා (නි)
මෙතුමන්ලාත් උදර පෝෂණ ගැන ප්‍රවේශම් වෙනවා නම් ඇඟට ගුණ වියහැකිය. (නි)