රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නමට කොළඹ වරායේ ඇති පෞද්ගලික භාණ්ඩ රැගත් කන්ටේනරය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට යන බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි කියයි.
විදේශ අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් වරාය අධිකාරියේ සභාපතිවරයා දැනුවත් කර ඇති අතර විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයකු කියා සිටියේ එම බඩු තොගය නිදහස් කරගන්නා ලෙස කිහිපවරක්ම උදයංග වීරතුංගට දැනුම් දුන් බවයි.
එක් අවස්ථාවක හිටපු තානාපතිවරයා ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොස් තවත් නියෝජිතයකුට එම බඩු බාරගැනීමට අවකාශ සලසන ලෙස නිල වශයෙන් දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉල්ලා සිටියද එහිදී පළමුව ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රය ඉදිරිපත් කරන්නැයි විදේශ අමාත්‍යංශය ඉල්ලා සිටීම හේතුවෙන් එය සාර්ථක නොවී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල මිලානෝගේ ඉල්ලීම හරියට හරි. මොකද පහුගිය කාලේ අපේ රටේ තිබුනේ කැලේ නීතියනේ. මේ ගැන පරීක්ෂණ පවත්වා ඒ පවුල්වල අය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න. (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ඒ දවස්වල සරුවට රටම වහගෙන කිසිම පැලයකට හැදෙන්න ඉඩක් නොතබා හැදුනු පවුල් ගහේ හොඳ අත්තක්. (නි)
පසු ගිය ආණ්ඩුව කාලයේ මෙයා යුක්රේන තානාපති ව සිටින අවදියේ මියගිය තානාපති කාර්යාල නිලධාරියා ගැන පරීක්ෂණයක් පවත්වන්න. මෙය මිනීමැරුමක් ලෙස සමහර මාධ්‍ය වාර්තා කරනවා. (බ)
පිටිගල, නිලූ, ඔයාලගේ ඉල්ලීම සාදාරන වෙන්න නම්, මේ රටේ 88-89 කලේ මරුන හැම තරුණයෙක් ගැනම පරීක්ෂණයක් කරලා වැරදි කරුවන්ට දඩුවම් දෙන්න ඕන නේද? බටලන්දත් සමගම? (අ)