රුසියාවේ හිටපු තානාපති මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ සමීප නෑයකු වන උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් වරෙන්තු නිකුත් කරන්නැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (18) ඉවත දැමුවාය.
2006 වසරේදී සිදුවූ බව කියන මිග් යානා ගනුදෙනුවකදී රජයට පාඩුවක් සිදුවූ බව කියමින් විභාගවන පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබූ උදයංග වීරතුංගට නොතීසි බාරදීමට ඔහු ශ්‍රී ලංකාවේ නොසිටි බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට අවසර ඉල්ලා තිබිණි.
සැකකරුවකු ලෙස ඔහු හඳුනාගෙන නැති නිසා සහ ඔහු සිටින විදේශ ලිපිනයක් ඇති බැවින් එම ලිපිනයට සිතාසි යවන ලෙසද අධිකරණය එෆ්සීඅයිඩිය නියෝග කළේය.
COMMENTS
පව් (බ)
දැන් රාජපක්ෂලා හා ගෝලයන් අධිකරණය ගැන මොනවද කියන්නේ (නි)
මේ වගේ අය කීදාහක් තාම නිදැල්ලේද? (නි)