අතිරේක මැනුම්පතිවරයකු වන පී එම් පී උදය කාන්ත මහතා 47 වැනි මැනුම්පති ලෙස සිකුරාදා (30) සිය ධුරයේ වැඩ භාර ගනී.
1983 වසරේ සහකාර මිනින්දෝරු අධිකාරීවරයකු ලෙස මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බැඳුණූ ඔහු දියතලාව මැනුම් හා සිතියම් ගත කිරීමේ ආයතනයේ මැනුම් විද්‍යා උසස් ඩිප්ලෝමා පාඨමාලාවෙන් පළමු පෙළ සාමාර්ථයක් ලබා ශ්‍රී ලංකා මිනින්දෝරු ආයතනය විසින් විශිෂ්ටතම ශිෂ්‍යාහට පිරි නමන රන් පදක්කම දිනා ගත්තේය.
1988 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහායෝ රාජ්‍ය විශ්ව විද්‍යලයයෙන් භූමිතික විද්‍යාව පිළිබඳව විද්‍යාපති උපාධීය ලබා ගත්තේය.මැනුම් හා සිතියම් ගත කිරීමේ ආයතනයේ කථිකාචාර්යවරයකු ලෙස දීර්ඝ කාලයක් සේවය කළේය.
1999 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ මැනුම් ජාලය වැඩි දියුණු කැර චන්ද්‍රිකා තාක්ෂණය නව පාලන ජාලයක් පිහිටුවා ශ්‍රී ලංකාවේ මැනුම් කටයුතු නව මගකට ගෙන ඒමට පුරෝගාමී වුවෙකි.
ඉඩම් සංවර්ධන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස ක්‍රියා කරද්දී බිම් සවිය වැඩසටහන නිර්මාණයට මුලික දායකත්වය සැපයීය.
2012-2013 වසරවල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සර්වේසර් ජනරල් සිතියම්කරණ ලෙස ද ලංකා ජාතික සිතියම් සංග්‍රහයේ සිංහල පරිවර්තනයේ සංස්කාරක කමිටු සාමාජිකයකු ලෙස ද ක්‍රියා කළේය.
ශ්‍රී ලංකා මැනුම් සභාවේ උප සභාපතිවරයෙකි,නව මැනුම්පති ධුරයට පත් වීමත් සමඟ එහි සභාපති ධුරයට හෙතෙම පත්වෙයි.
මහනුවර ගලගෙදර කනිෂ්ඨ විද්‍යාලයය සහ නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයයේ ආදී සිසුවෙකි.රුහුණු විශ්ව විද්‍යාලයයේ හෞතික විද්‍යාව පිළිබඳව ගෞරව උපාධිධාරියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ උණුසුම් සුභ පැතුම් . මිනින්දෝරු දෙපාර්තමේන්තුවට නව යුගයක් උදාකළ හැකි දක්ෂ මිනුම්පතිවරයෙක් පත්වීම ගැන එක සිතින් සතුටු වෙමි. නව තනතුරේ කාර්යන් ඉටුකිරීමට සියලු ශක්තිය හා දේවාශීර්වාදය ලැබේවා.(දිල්)
ඔබතුමන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ආශීර්වාදයකි. නව තනතුරේ කටයුතු ඉතා සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය සියලු ශක්තිය ලැබේවා. (ස)
උදයකාන්ත ශ්‍රී ලංකාවේ නව මැනුම්පතිතුමාට, නව තනතුරෙහි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට ධෛර්යය ,ශක්තිය ලැබේවායි අපි ආශිර්වාද කරමු. (නි)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
ඔබට සුබ අනාගතයක් ප්‍රර්ථනා කරමි. (අ)
ඔබට අපගේ සතුට! කැනඩාවෙන් සුභ පැතුම්,මෙය මිනින්දෝරු දෙපාර්තමේන්තු ඉතිහාසයේ ගන්නා ලද හොඳම තීරණ වලින් එකකි. උදයකාන්ත මහතා මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි. (ස)
ඔබගේ නොමඳ කැප කිරීම,දක්ෂතාවය,සුහදත්වය ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට මහගු ආශිර්වාදයක් වනු නිසැකයි. මිනින්දෝරු දෙපාර්තමේන්තුව නවමු මගකට ගෙන යන්නට ඇවැසි ශක්තිය, ධෛර්යය, වාසනාව ඔබට ලැබේවා...අපි පතමු ඉත සිතින්.(අ)
ඉන්ද්‍රජිත් ද සිල්වා මේ ලාල් කාන්ත නොවෙයි මිනුම් ක්ෂේත්‍රයට ඉතා හොඳ සේවයක් කල උදය කාන්ත (නදී)
මගේ උණුසුම් සුභ පැතුම් . මිනින්දෝරු දෙපාර්තමේන්තුවට නව යුගයක් උදාකළ හැකි දක්ෂ මිනුම්පතිවරයෙක් පත්වීම ගැන ඉතසිතින් සතුටු වෙමි. නව තනතුරේ කාර්යන් ඉටුකිරීමට සියලු ශක්තිය හා දේවාශීර්වාදය ලැබේවා. (දිල්)
ඔබගේ නොමඳ කැප කිරීම,දක්ෂතාවය,සුහඳත්වය හ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට මහගු ආශිර්වාදයක් වනු නිසැකයි.මිනින්දෝරු දෙපාර්තමේන්තුව නව මගකට ගෙන යන්නට ඇවැසි ශක්තිය,ධෛර්යය, වාසනාව ඔබට ලැබේවා !...අපි පතමු ඉත සිතින් පතමු. (ස)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
මිනින්දෝරු දෙපාර්තමේන්තුවට හොද අනාගතයක සුභ නිමිති පහල වෙලා 2014.05.30 පසු දෙපාර්තමේන්තුව ආලෝකමත් වෙිවි.අපි එක සිතින් සතුටු වන්නෙමු.(දිල්)
පෞද්ගලික අරමුණු වලට වඩා පොදු අරමුණු වලට තැන දෙන කෙනෙකුගේ පැමිණීම රටට වාසනාවක් වේවි. (ස)
ඔබට අපි හදවතින්ම සුබ පතනවා. එකම පාසලේ එකම පන්තියේ මා සමග උසස් පෙළ ඉගෙන ගත් ඔබ මිනුම්පති ලෙස වැඩ බාරගැනීම පිළිබඳව මා අවංකවම ආඩම්බර වෙනවා. ඔබ දක්ෂයෙක්. මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඉතා ඉහල මට්ටමකට ගෙන ඒමට ඔබට අවශ්‍ය වන සෑම සක්තියක්ම ලැබේවා කියා මම හදවතින්ම පතනවා.(නදී)
මගේ උණුසුම් සුභ පැතුම් .(අ)
මිනින්දෝරු දෙපාර්තමේන්තුවට නව යුගයක් උදාකළ හැකි දක්ෂ මිනුම්පතිවරයෙක් පත්වීම ගැන එක සිතින් සතුටු වෙමි. නව තනතුරේ කාර්යන් ඉටුකිරීමට සියලු ශක්තිය හා දේවාශීර්වාදය ලැබේවා.මගේ උණුසුම් සුභ පැතුම් (දිල්)
මෙවැනි උගතුන් සුදුසු තනතුරට පත්කිරීම කොපමණ හොඳද? රටක් දියුණු වෙන්නේ එවිටයි (නි)
මිනුම් ක්ෂේත්‍රයට ඉතා හොඳ සේවයක් කල හැකි දක්ෂ නිලධාරියෙක් වන ලාල් කාන්ත මහතාට මගේ භක්ති ප්‍රණාමය.(නදී)