(අංජුල මහික වීරරත්න)

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පූර්ණ කාලීනව වැඩ බැලීම සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ එච්. සී. පී. ජයවීර මහත්මිය 2026 - 09 -14 දිනට වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගනු ලැබ ඇත. ඒ හේතුවෙන් මේ වන විට පුරප්පාඩුව පවතින ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට එම දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ I ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, එම්. එම්.ඩී.ජේ සේනාරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පූර්ණ කාලීනව වැඩ බැලීම සඳහා පත් කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.