පස් ප්‍රවාහනයට බලපත්‍රයක් දීම සඳහා බෙන්තොට ප්‍රාදේශීය සභාපතිවරයාගෙන් රුපියල් ලක්ෂ පහළොවක අල්ලසක් ගත්තැයි චෝදනාවක් මත සැකපිට රිමාන්ඩ් භාරයේ සිට ඇප ලැබූ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි ප්‍රියංග අතුකොරළ මහතා පසුගිය හය වැනි දින ඇප පිට මුදා හැරීමෙන් අනතුරුව අද අදැසන (07) දින නැවතත් සේවයට පැමිණ සභාපති වශයෙන් වැඩ භාර ගත්තේය
ප්‍රාදේශීය සභාවේ වැඩ බලන තනතුරේ සිට උප සභාපති නාලක තරංග සමර වික්‍රම මහතා පසුගිය කාලයේ වැඩ බැලීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය ගැන කතා කරනවාට වඩා හොදයි බලු කපුටු දානයක් දෙනවා (දී)
ශ්‍රී ලංකා ජයවේවා! මේ මහතට වැඩකරගෙන යන්න දෙන්න. මේ ගොල්ලෝ නියමුවෝ. (නි)
ඉතින් මේක තමා මේ තනතුර උසුළන්න නියම සුදුසුකම. හිරේ ගිහින් එනවා කියන්නේ ප්‍රාදේශීය සභාවට යන්න නියම සුදුසුකම.එයයි සැබෑ ආශ්චර්ය (නි)
ඇයි එයාගේ වැඩ තහනම් නොකළේ? (නි)
එතකොට මේ සන්ධානේ ලොකු ලොක්කෝ කියන්නේ මොනවද? (නි)
මෙයා පොඩි ගානක්නේ අරගෙන තියෙන්නේ.අනේ පව් අහිංසකයා! (නි)
ධර්මද්වීපයක්නේ මේක (නි)
හරි අපරාදයක්නේ ඔබතුමාට කට්ටිය කරලා තියෙන්නේ. දැන් ඔබතුමා නඩුවක් දාලා වන්දි ඉල්ලන්න. ඇත්තටම වෙලා තියෙන්නේ මෙතුමා වගේම හැඩරුව තියෙන මනුස්සයෙක් තමා අල්ලස් අරන් තියෙන්නේ. (නි)
නීල්, මේක හොරුන් රජවන යුගයක්නේ ඉතින් (නි)
අපි හිතුවා ඕක වෙනවා කියලා (නි)
ජයවේවා සබාපතිතුමා! ඔහොම යන් ඔහොම යන් ...... (නි)
නියම කොල්ලෙක්නේ. මහජන නියෝජිත යනු රජයේ සේවකයෙකි. අපරාධ පනතට වැටෙන දෙයකට හසු වන රජයේ සේවකයෙකුගේ සේවය අත්හිටවිය යුතුය. එහෙම නීති තිබුනද ඇත්තට? (නි)
ආයෙත් පුටුවට ඇවිල්ලද? (නි)
ලජ්ජා නැතිකම සභාපති කමටත් වැඩිය ලොකුය්ලු.
තව පුළුන් දෙයක් කරගන්න ඊළග පාරට ආයෙත් අතෙන්ට යන්න ඉස්සර. මෙයාට මුකුත් වෙන්නේ නැහැ. හෙට අනිද්දාට පැමිණිලිකරු පැමිණිල්ල ඉල්ලා අස්කර ගනීවි සමහරවිට. එපමණයි. ඒ නිසා බයනොවනු! මොහුට කිසිත් නොවේ. (නි)
ඇයි සාරුව සුනිල්ටත් නැවතත් පුටුව හම්බ වුණේ.... (නි)
නිකන් ලැබෙන දේ එපා කියන අය ඉන්නවද. (නි)
මම හිතාගෙන උන්නේ කව්රු මොනවා කිවුවත් අපිට පිස්සු නැහැ කියලා. බලනකොට ඇත්ටටම අපිට පිස්සු. (නි)
ඉතින් හරිනේ සුදුසුකම අලුත් වැඩියා කරපු එකනේ කරලා තියෙන්නේ. මේ ඉතින් මේ ආශ්චර්යමත් රටේ හැටිනේ. අපිට තියෙන්නේ තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි. (නි)
ආසියාවේ ආශ්චර්ය මේක තමා (නි)
අපරාදේ ඇඳුම් ඇඳගෙන ආවේ. (නි)
මේක මහා පුදුමාකාර රටක්. (නි)
ඔවුන්ටම ගිය රටක්.අපිට අවාසනාවන්ත හෙටක්. (නි)
ජෙනෙරල් සරත් ෆොන්සේකාගේ වටිනාකම කවදා හෝ දවසක ජනතාව තේරුම් ගනීවි. (නි)
කැළෑ නීතිය රජ කරනකොට සුරදූතයෝ වඩින්නේ නැහැ (නි)
ලංකාවේ මිලියනයෙන් එහා පැත්තේ හොරකමක් කළොත් ගොඩ.හැබැයි බඩගින්නට පාරේ හිටවලා තියෙන බතල අලයක් හොරකම් කළොත් අවුරුදු 2 ක්වත් හිරේ. (නි)
මේකට පොතේ කියන්නේ "නිසි මුල්‍ය කළමනාකරණය මගින් ප්‍රතිලාභ ලැබීම" කියලයි. අර පහළොස් ලක්ෂය නිසි පරිදි, සුදුසු ස්ථානවලට, නියමිත අනුපාතය අනුව ස්ථානගත කිරීමෙන් එතුමා ප්‍රතිලාභ ලබා ඇතිබව පෙනෙන්නේ නැද්ද? ප්‍රාදේශීය සභාවක් කළමනාකරණය කළයුත්තේ එහෙමනේ. (නි)
ලජ්ජා නැතිකම මහා මුදලි කමටත් වඩා ලොකුයිනේ (දී)
අපේ රටට මොකක් කරන්න යනවද කියල මටනම් හිතා ගන්නවත් අමාරුයි. ජෙනරල් නිදහස් කර දුන්නු රටට වුන විනාසයක්. (දී)
අනේ මන්දා .........(දී)
ඔබ තුමාව ,කව හරි දල එයාවත් අලලා දෙන්ඩ. ඕව සමනය දේවල් අපේ රටේ. පොඩි එකාගේ ඉඳන් මාත් ඇතුළුව . ගහපල්ලා, ගහපල්ලා, තව ටික දවසයි ගහපල්ලා,ගහපල්ලා.(අ)
මෙයට වැඩ විශාල චෝදනා තිබෙන සභාපතිවරු කිදෙන්නෙක් අද ලංකාවේ ප්‍රාදේශීය සභා පාලනය කරනවද ? (අ)
ඇත්ටටම අපි අවාසනාවන්ත ජාතියක් මේක මහා පුදුමාකාර රටක් ජයවේවා සභාපතිතුමා! (අ)
පේනවනේ මෙසේ උඩ ලිපිගොනු ගොඩ ගැහිලා මේ හැම එකකින්ම අඩුම තරමේ 50000 ගානේ කපාගෙන තමනුත් ගානක් තියාගෙන ලබන පාර ඇමතිතුමාගේ ඡන්ද ව්‍යාපාරයට වියදම් කළා නම් ගොඩනේ (අ)
මේක තමා ආසියාවේ ආශ්චර්ය.(අ)