අන්තර් උසස් ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවට අද (29) එල්ල කළ පොලිස් ප‍්‍රහාරයෙන් තුවාල ලැබු අටදෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පිරිස අතර සිසුවියන් සිව් දෙනකු, සිසුන් තිදෙනකු හා පොලිස් කොස්තාපල්වරයෙකු සිටින බව පැවසේ.
ඉන් සිසුවියන් දෙදෙනකු හා කොස්තාපල්වරයා නේවාසික ප‍්‍රතිකාර ලබන බව සඳහන්ය.
කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් සිසුන් 39 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙම පිරිස අතර සිසුවියන් පස්දෙනකු හා භික්ෂුන් වහන්සේ දෙනමක් සිටින බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සිසු සිසුවියන් බම්බලපිටිය පොලිසියේ රඳවා සිටින අතර හෙට (30) ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිසුන් පිරිස කලහකාරි ලෙස හැසිරෙමින් රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පොලිසියට අවම බලය යොදා ඔවුන් පාලනය කිරීමට සිදු වු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මිනිස්සු බුද්ධිමත්ව හිතල "සමබර" වෙන්න ඡන්දය දෙනවනම් මේ දරුවන් ගුටි කන්නේ නැහැ. ගුටි කන්න වෙන්නෙත් නැහැ. (බ)
මට මගේ දරුවන්ට දෙවියනේ කියල කාලා අැඳලා ඉගෙන ගන්න වියදම් කරන්න මට පුළුවනි. එ්ත් කාගේ වුනත් මේ අසරණ උගත් දරුවන්ට සලකපු විදිහ ගැනනම් මට හරිම කණගාටුයි. (බ)
තව තවත් 8 ශ්‍රේණිය සමත් එවුන් ටිකක් පාර්ලිමේන්තුවට යවපල්ලා.හොදට සලකාවි.....! (බ)
තිලක් ඩුබායි,දැන් ඔබගේ මොළය පෑදිගෙන එන එක ගැන සන්තෝෂයි. (නි)
ඒකාධිපතිය ගෙදර යවල,යහපාලකයෝ දෙන්න කරලියට ගෙනාපු අපිට දැන් හොදටම සනීපයි.(ම)
නින්දිතයි ලංකාවේ පොලිසිය මේවගේ නින්දිත ප්‍රහාර එල්ල කරන්න ඔවුන්ගේ දරුවෝ සහෝදර සහෝදර සහෝදරියන් කැම්පස් යන්නේ නැතුව ඇති.ගරු ජනාධිපතිතුමනි පොලිස් දඩයම් බල්ලන් බැද දමනු (බ)
ශ්‍රී ලංකා පොලිසිය සිසුන්ට පෙන්වා ඇති මහා අකාරුණිකත්වය සදාතනික අරගලයක එක් සංකේතයක් පමණයි (නි)
ළඟදි ප්‍රසිද්ධ ස්වාමින්වහන්සේ නමක් බණකට කිව්වා එය කැම්පස් කාලේදී කොටුව බෝගහ ගාව බැරල් එකක් උඩ නැගල උද්ගෝෂණ කළා නමුත් ඒ ගැන දැන් ලජ්ජා වෙනවා කියල. මෙහි සිටින බොහෝ ළමයින් කාගේ හෝ බලකිරිමකට අාවා මිසක් මේවා තේරුම් ගන්නේ පහුවෙලා. කළයුතු එකම දේ මේ ළමයිනට සත්‍යය අවබෝධ කිරීම හෝ කැම්පස් ඇතුලේ බලකිරීම් නැති කිරීමය. (බ)
අනේ මධුක මහත්තයෝ, එයාලගේ ප්‍රශ්න වලට කලට වෙලාවට උත්තර හම්බුනානම් මේ වගේ පාරේ ගුටි කන්න වෙයිද.? (ර)
රොහාන් දයාදර පැරිස්, ඔබගේ අදහසට අපි සියල්ලෝම එකඟයි (නි)
මේ ළමයි කවදා හැදෙයිද? (නි)
ඩිල්, ඒ කතා ගැන එතරම් හිතන්න එපා. ඒ ගැන ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. (නි)
අනේ මන්දා කවුරු හරිද කවුරු වැරදිද කියලා (නි)
මේ සටන නොනවතින සදාතනික සටනක්.තරුණ වයසේදී අසාධාරණය පෙන්වන්න බැහැ. අසාධාරණයට කැමති තරුණයෙක් ඉන්නවානම් එයා අසාමාන්‍ය කෙනෙක්.මේ ඇවිල්ලා අනාගතයේ රට බාරගන්න ඉන්න උගත් බුද්ධිමත් තරුණ තරුණියන්.අද මේරටේ පාර්ලිමේන්තුවේ සිටින අතලොස්සක් වන උපාධිධාරී මන්ත්රිවරුත් ..ඒ කාලයේ මේවගේමයි...ඒ අයත් සටන් කළා, ගුටි කෑවා, ඔලු පලාගත්තා..ඒ අය අද ලොක්කොවෙලා මේ අහිංසකයින්ගේ ඔලු පලන්න " ඔඩර් " දෙනවා.8 පන්තියටවත් ගියේ නැති පොලිසියේ රාලහාමි ඔලු පලනවා.මේ අයත් දවසක ලොක්කෝ වුනාට පස්සේ ..ඒ කාලදී ශිෂ්‍ය සටන්කරන කොල්ලෝ කෙල්ලන්ගේ ඔලු පලන්න " ඔඩර් " දේවී.කිසිම හැගීමක් නැති , හැඟීමක් තිබුනත් අසරණ රාලහාමි දිගටම ඔලු පලාවි.විපක්ෂයේ ඉන්න බංකොලොත් උන් ඇවිත් " බොරු " පොරොන්දු ගොඩක් දේවී...ජීවිතය මේ අයුරින් දිගටම ගලාගෙන යාවි..මහත්වරුනේ ඕක තමයි අපි අහන්නට අකමැති තිත්ත යථාර්ථය. (බ)
ගණන ගන්න එපා මේක යහ පලනායක් ...(රේ)
අහිංසක ළමයින්ට තලන්න එපා. ඒ ළමයින් සමගත් සාධාරණව කතා කරන්න. (ර)
මේවා නවත්තන්න කියල නේද යහපාලනේ ජන්දේ ඉල්ලුවේ? ඉස්සර මේවගේ වගකීම කෙලින්ම දැම්මේ මහින්ද හිටපු ජනපතිතුමාගේ ගොඩට. දැන් කවුද වගකීම ගන්නේ සිරිසේන ජනපතිද? පේනවද ඉස්සර ප්‍රශ්නත් එහෙමමයි....(රේ)
දියුණු රටවල උසස් අධ්‍යාපනය හදාරන සිසුන් අර්ධ කාලින කම්කරු රැකියා කරමින් ගාස්තු සොයාගෙන ඉගෙන ගන්නවා. උපාධියෙන් පසු ආණ්ඩුවට බනිමින් රටේ සෙසු ජනතාව නුගතුන් යයි හෙලා නොදැක සුළු රැකියා සොයා ගෙන පසුව හොඳ රැකියාවකට යනවා. ඒ රටවල් දියුණුයි. අපේ රට තවම කොට උඩ. ඔය උඩින්ම කියලා තිබෙන පරිදි , අසාධාරණය කියන්නේ ගෙදරින් අම්මාඅතට දෙන තේ එකේ සිට ආණ්ඩුවෙන් බෝඩිමේ බෙඩ් ෂිට් එක දක්වා අතට පයට නොලැබුන එකද මන්දා ! (බ)
මම නම් හිතන්නේ මේ ළමයින්ව මෙහෙයවන්නේ වෙන කට්ටියක් කියල. පටු දේශපාලන අපේක්ෂාවන් ළමයින් මාර්ගයෙන් එලියට දානවා. මට නම් ඇත්තටම දුක මේ දරුවන්ගේ දෙමව්පියෝ ගැනයි.....(රේ)
අසරණ දුප්පත් දෙමාපියන්ගේ උගත් බුද්ධිමත් දරුවන්ට සළකන්නේ මෙහෙමද? (නි)
සිසුන් .රජය. පොලිසිය .හිතන්න, සිසුන්ගේ වගකීම් ඉගනීමඉ රජයේ වගකීම් ජන හඩට සවන්දීමයි , සාධාරණය ඉටුකිරිමයි .පොලිසියේ වගකීම් සාමය රැකිමයි...(රේ) ...
ඉගෙනගන්නවා නම් ඉගෙනගන්න ළමයිනේ. (නි)
අන්තරේ කවදත් එකයි. ඒ වගේම යහපාලනයත් මේ සිසුන්ට ගහන්න කලින් කතාකරලා බලන්නේ තිබුනේ. (නි)
මෙහෙම ගහලා මදි. ඊයේ මම පැය දෙකක් පාරේ හිරවෙලා හිටියා. මෙයාලගේ ප්‍රශ්න වලට අපි පළිද? අයිතිවාසිකම් ගන්න යන්නෙ අහිංසක ජනතාව අපහසුවට පත්කරලා. ගානක් අයකර ගත්තා නම් ඔය උද්ඝෝෂණ මේ උද්ඝෝෂණ නැතුව අවුරුදු 4න් උපාධිය අරගෙන යයි. (නි)
මේ ප්‍රශ්න වලට යහපත් පිළිතුරු ඕනෑ (නි)
ළමයි ඉගෙනගන්න ආවා නම් ඉගෙනගන්න ඕනෑ. ඒක එක පැත්තක්. අනික් පැත්ත මේ ළමයි මීටකලින් මේ ගැන දැනුවත් කළාද කියන එක සහ ඒකට දුන් උත්තරය. එකක් කිවයුතුයි. පවතින රජයකට කිසියම් කෙනෙකු හෝ කට්ටියක් මහජනතාවගේ සාමාන්‍ය ජන ජිවිතයට සහ පාරවල් හරස් කරගෙන කරන මේ වැඩ වලට මම කැමති නැහැ (නි)
උද්ඝෝෂණය කිරීමට අයිතියක් ඇත. නමුත්, කලහකාරී ලෙස හැසිරීමට අයිතියක් නැත. රටේ නීතියට ගරු කළ යුතුය. එසේ නැතහොත් විශ්ව විද්‍යාලයක ලබන අධ්‍යාපනයෙන් පලක් නැත. (ම)
රටේ "බබිලා" රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් හොරකම් කරලා ලෝකයේ බැංකු පුරවනවා.කිසිම ප්‍රශ්නයක් නැහැ. එ්ත් දුප්පත් දෙමාපියන්ගේ උගත් දරුවන් රුපියල් 5000 ක දීමනාවක් ඉල්ලද්දී "අම්බානට" නෙලනවා.ලිබියාවෙත් ලංකාවෙත් වෙනසක් නැහැනේ. (බ)
මෛත්‍රී රනිල් රජයට කොන්ද පණ තියෙන්නේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට සලකන්න විතරමද? (බ)
මට මතකයි ඒකාධිපතියාගේ යුගයේදී විශ්ව විද්‍යාල දරුවන් කළ උද්ඝෝෂණදී අසරණ දරුවන්ට "දෙකයි දෙකේ පොලු" වලින් සලකද්දී එවකට මන්ත්‍රී කෙනෙක්ව හිටිය සුජීව මහත්තය කදුළු හල හල කියපුව. (බ)
මේ දරුවන් උද්ඝෝෂණ කරන්නේ තමන්ගේ මතු උපදින දරුවන් වෙනුවෙන් කියල හිතන්න බැරි සමහරක් ඉන්න රටක ඉපදීම ගැනත් දුකයි.(ම)
මේ අසරණ දුප්පත් දරුවන්ට නෙලනවට වඩා හොද නැද්ද පසු ගිය කාලේදී රටේ කෝටි ප්‍රකෝටි ගණනින් සිදු වුන දුෂණ,හොරකම් වලට කොන්ද කෙලින් තියන් පිළිතුරු දීල ඒ මුදල් ජනතා සතු කරලා රටේම දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන එක.(ඡන්ද පොරොන්දුවක්) (බ)