
(ටී.කේ .ජී.කපිල )
වර්තමාන ගෝලීය යුදමය වාතාවරණය හමුවේ ආහාර , අමුද්‍රව්‍ය , ගෑස් සහ ඩීසල් මිළ ගනන් ඉහළ ගොස් ඇති පසුබිමක , තම සංගමයද ආහාරපාන සහ සපයන අනෙකුත් පහසුකම් සදහා 15% සිට ඉහලට මිළ ගණන් අද (08) දින සිට වැඩි කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමයේ සභාපති අකිල ජයරත්න මහතා පැවසීය .
ඒ මහතා එසේ පැවසූවේ රට පුරා තම සංගමයේ සාමාජිකයන් , වත්මන් ආර්ථික දුෂ්කරතා නිසා පීඩාවට පත් වී සිටින අවස්ථාවක ඒ බැව් ප්‍රකාශ කිරීම සදහා 04/08 දින උදෑසන සීදූව , අම්බලම්මුල්ල ප්‍රදේශයේ හෝටලයක පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අකිල ජයරත්න මහතා , මේ වනවිටත් තම සංගමයේ සාමාජිකයන් විසින් භාර ගෙන ඇති ඇනවුම් සදහා ද 10% ක මිළ වැඩි කිරීමක් සිදු කෙරෙන බව ද පැවසීය .
තම ක්ෂේත්රයේ මේ වනවිට ඍජු සහ වක්‍ර රැකියා වල ලක්ෂ 10 ක පමණ පිරිසක් නිරත වී සිටින බවත් , වත්මන් ගෝලීය ආර්ථික අර්බුදය මධ්‍යයයේ ඔවුන්ගේ රැකියා තවදුරටත් සුරක්ෂිත කිරීම සදහා මෙම මිළ ගනන් ඉහළ නැංවීම සිදු කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බවත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd