උතුරුමැද පළාතේ අද පැවැත්වෙන හත සහ 10 ශ්‍රේණිවල විද්‍යාව ප්‍රශ්න පත්‍රවලද ගැටළු ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.
හත ශ්‍රේණිය විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ තුන් වැනි ප්‍රශ්නයේ වැරදි රූප සටහනක් ලබා දී ඇති බවත් 10 ශ්‍රේණිය විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ තුන්වැනි ප්‍රශ්නයේ ලබා දී ඇති වගුව අනුව ඊට අදාළ ගැටළුවලට පිළිතුරු ලිවිය නොහැකි බවත් ප්‍රනාන්දු මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සමහර අම්මලාට නින්ද යන්නෙත් නැතුව ඇති මේ ප්‍රශ්න පත්තර අවුල නිසා. මොකද ලබන මාසේ පහේ ශිෂ්‍යත්වේ. අම්මලා අවුරුදු ගානක් තිස්සේ මේ විභාගෙට පන්ති යන්නේ දරුවාටත් වඩා. ඊට පස්සේ ඒ ලෙවල් විභාග අවුල දිග්ගැස්සෙනවා මිසක් බේරුමක් නැහැ. (නි)
තව පෙරහැර තිබ්බා නම් ඕවා අමතක වෙයි.(නදී)
අවුල් ගැන පුදුම වෙන්න දෙයක් නෑ. අවුලක් නැත්නම් තමයි පුදුමෙ.(නදී)
වරුණ ඔයත් මේ පාර ශිෂ්‍යත්වේ කරනවා නේද? (නදී)
අපේ රටේ අවුල් නැති තැනක්. දූෂණ නැති තැනක්, හොයා ගන්න නැහැ. වැරදි අයව පත් කර ගත අපිම මේවාට වගකිවයුතුයි. පඹ ගාලේ පැටලුන නරියෙක් කිව්වලු රටක තියෙන අවුල් කියල. (අ)
අරුණි ඔයත් මාතෘ සායන යන්න පටන් ගත්තු ගමන්ම ශිෂ්‍යත්ව පන්ති හොයන්න ගනියි නේද?(නදී)
මේ ප්‍රශ්න පත්තර ගැටලුව තියෙන්නේ මීට වසර ගණනක ඉඳලා. මේකට විසදුමක් අධ්‍යාපන බලදාරීන්ට තාම හොයාගන්න බැරි වෙලා තියෙන්නේ හරියට ලංකාවේ උගත් සුදුසු ගුරුවරු මහාචාර්යවරු නැතුවා වගේ. වැරදි වෙන්න පුළුවන් තැන් ගැන සොයලා ඒවාට පිළියම් යෙදීම තමයි කල යුත්තේ (නි)
නිසි අධ්‍යාපනයක් නැති පාලකයින් ඉන්න තාක් ඔය දේ වෙනවාමයි (දී)