මෙයට වසර විස්ස්සකට පෙර යාපනයේ සිට ඉතාලියට පැමිණි සිවාකරන් අද වනවිට සාර්ථක ව්‍යාපාරිකයෙකි.
සමාජ හිතකාමී සමාජ සේවකයෙකි හදුන්වා ගන්නා සිවාකරන්ගේ මිලානෝ නුවර වියා දෙල් සාරාහි වෙළද සෙලට එසැණ ගොඩවන විටත් යම් කටයුත්තක් වෙනුවෙන් සිවාකරන් තම වෙළද සලෙන් පිටතට ගොස් සිටියේය. නැවත පැමිණි සිවාකරන් අප සමග සුහද කතා බහකට එක්විය. මම දැනුත් මල් පෙන්සා ගුවන් තොටුපොළට ගිහින් ආවේ. හොර ගමන් බලපත් හදාගෙන ඉතාලියට ඇතුල් වෙන්න හදපු අපේ කෙනෙක් අහුවෙලා නැවත යවන්න හදනවා කියලා අපිට ආරංචි වුණා. මමයි නීතීඥවරුන් දෙන්නෙකුයි ගිහින් එයා බේරාගත්තා.
හැබැයි එයා සිංහල එකත් ලියන්න. මම ඒ විදියට ආපු 150ක් විතර බේරාගෙන තියෙනවා. මට දැනගන්න ලැබුනොත් එහෙම කෙනෙක් හිරවීලා ඉන්නවා කියලා මම කොහොම හරි ඒ අහිංසකයා බේරාගන්නවා.
මමත් මා වටේ ඉන්න නීතීඥවරු කිහිප දෙනාත් මේ හැමදෙයක්ම කරන්නේ නොමිලේ. බෝට්ටුවලින් ඇතුළු වී රැදවුම් නිවාස වල හිටපු බොහෝ ලාංකියන් අපි බේරාගෙන තියෙනවා.
ඔය විදියට බේරගත්තු අයගෙන් සියයට අනුවක් සිංහල.
මට ජාති ආගම් කුල බේද නැහැ. මම ලාංකිකයෙක් කියලයි මම හිතන්නේ. මෙහෙ පන්සල් පල්ලි කෝවිල් හැම එකකටම මම උදව් කරනවා. අවුරුද්දකට යුරෝ හාරදහසක් (රුපියල් 724000 ) විතර ඒවාට වැයවෙනවා. ලංකාවේ ජිවත්වන අහිංසක මිනිස්සුන්ටත් මට පුළුවන් විදියට මම උදව් කරනවා.
මිලානෝ වගේම වරේසි නගරයේ මට කඩ දෙකක් තියෙනවා. සිංහල දෙමළ අය හරිම සමගියෙන් මගේ ව්‍යාපාරවල වැඩ කරනවා. යුද්ධය අවසන් වු ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය ගැන සිවාකරන්ගෙන් විමසු විට ඔහු මෙසේ පැවසිය. වරායක් ගුවන්තොටුපොළක් හැදිලා තියෙනවා. ඒවායේ සාර්ථක අසාර්ථක බව මම කියන්න යන්නේ නැහැ. මෙහෙ ඉන්න අපේ අය ලංකාවට ගිහින් ඇවිත් කියන කතා ඇහුවාම මට ඒ අය ගැන පුදුම කනගාටුවක් ඇති වෙන්නේ. කාපට් පාරෙන් පොළොන්නරුවට ගියාලු පැය කිහිපයිලු ගත වුණේ.
යාපනයට ගියත් මාතරට ගියත් එහෙමලු. හැබැයි ඔය කිසිම කෙනෙක් කාපට් පාරෙන් බැහැලා ඊට එහායින් තියෙන දුප්පත් ගමකට ගොඩවෙන්නේ නැහැ. ඒ අහිංසකයන් මොනතරම් අමාරුවෙන්ද ජිවත් වෙන්නේ කියලා මේ රට සිට ගිහින් දස අතේ යුරෝ විසි කරන අපේ මිනිස්සු දන්නේ නැහැ. හදන පාරකින් රටක දියුණුව මනින්න බැහැ.යුද්ධය ඉවර වීම ගැන මම බොහෝම සතුටුයි.
නමුත් ඉන් පස්සේ කරන්න ඕන දේ ගැන රජයට කිසිම සැලැස්මක් තිබුණේ නැහැ කියලා මට හිතෙනවා. රටක් දියුණු කරන්න ඕනෑ ඒ රටේ ජිවත් වන සියලු ජාතින් එකතු කරලා. සිංගප්පුරුව මැලේසියාව ඊට උදාහරණ. රටේ ජාතින් බෙදා වෙන් කරන අන්තවාදී සංවිධාන මට පෙන්නන්න බැහැ. ඔවුන් නිසා විදෙස් වල ඉන්න කෝටිපති දමිල ව්‍යාපාරිකයෝ රටට එන්න බයයි.
ඔවුන් ඇවිත් රටේ ව්‍යාපාර පටන් ගත්තානම් රටේ ආර්ථිකයට මොන තරම් ශක්තියක්ද. අපේ රට තවත් රටක් ඉදිරියේ ප්‍රශ්න ඇති වුණු මොහොතක අපි සියලු දෙනා සංවිධාන විය යුතුයි.
නමුත් මේ එහෙම දෙයක්ද වෙන්නේ.මේ අන්තවාදී සංවිධාන යට දේශපාලනය තියෙන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ. යාපනයේ පදිංචි කරුවකු වන ශිවාකරන්ගෙන් මෑතක පිහිටවූ උතුරු පළාත් සභාව මෙසේ පැවසිය. පළාත් සභා ක්‍රමය හොදයි.
හැබැයි එකෙන් හරියට වැඩ ගන්න ඕන. බලන්න ඉතාලියේ පළාත් ක්‍රමය තියෙනවා. ඒ පළාත් තරගකාරී ලෙස දියුණු වෙනවා.
හැම පළාත් සභාවකටම අවශ්‍යය බලතල දී හරි මඟ පෙන්නුවොත් තරගකාරී ලෙස තම පළාත දියුණු කරන්න ඒ පළාත් දේශපාලකයින් වගබලා ගන්න ඕනෑ. නැත්නම් එක පළාතක් දියුණු වෙනකොට අනික් පළාතේ මිනිස්සුන්ගෙන් ඒ පළාතේ දේශපාලකයින්ට ඉන්න බැරි වෙයි. රට ඇතුළේ මොන පළාත් බෙදුණත් පිටතට යනකොට එක රටක් එක ජාතියක් වශයෙන් අපි පෙනී සිටිය යුතුයි.
-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකිකයෙක් විදිහට මම සුභාපතනවා ඔබට (දී)
නියම මහත්මා ගති තියෙන ශ්‍රී ලංකික යෙක් . කියල තියෙන හැමදේම හරි. ඔන්න අපේ දේශපාලකයින් මේවා බලාගන්න (දී)
මෙතුමා කියපු දේවල් සියල්ල, සහතික ඇත්ත.මේවා බලධාරින් ද දැනුවත් වී රටේ සියලු ජනතාවට ප්‍රතිලාභ එකසේ බෙදි යන වැඩ පිළිවෙළකට රජය අවතිරණය වීම තමා ආශ්චර්යය වන්නේ (දිල්)
ඔබගේ විශිෂ්ට ක්‍රියා කලාපය අගය කරමි. ඔබ පැවසු දේ ද සත්‍ය වේ. ජය වේවා. (නදී)
නියම ශ්‍රි ලාංකිකයෙක්.(නදී)
ඔබ නියම මනුස්සයෙක්. ඔබ තිරිසනුන්ටත් වඩා අනන්ත මිනිසුන් අතරේ ඔබ කරන මේ නිහඩ මෙහෙයට ජාති ,ආගම, කුල,මල බේදයකින් තොරව ඔබට ආචාර කරමි. ශ්‍රෙෂ්ඨ මනුස්සයෙක්. ඔබට දිර්ගායුෂ ලැබේවා! (නදී)
ඔබ තුමා ගැන ආඩම්බරයි. ලංකාවේ උපන් හා ඉපදෙන හැමදෙනාට අප එකම රටක එකම ජාතියක අය බවට සිත් පහල වේවා! (නදී)
මෙවන් කි දෙනෙක් නම් ඉන්නවාද ලෝකේ දීනපු ලාංකිකයෝ අපිත් කවද හෝ ඒ වගේ තැනට එනවා මිස ඔවුනට කුහක කමින් බනින එක නවත්වන්න ඕනේ (දී)
හොරෙන් මිනිසුන් රටපටවන ජාවාරම්කාරයන්ට මෙය අනුබලයක් නොවේවා! (නදී)
කොටි ජයකොඩි දැම්මෙත් මෙයාල වගේ අයගේ සල්ලි වලින් තමයි.(නදී)
ලංකාවට නම්බුවක් ඔබ (දී)