IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


උතුරත් රතු වෙයි

දෙමළ ජාතික සන්ධනයේ මැයි රැලිය යාපනය චුන්නාකම් මරදනාල්මඩම්හි රාමනාදන් පාසල් ක්‍රීඩාංගනයේදී විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ  තවත් පක්ෂ කිහිපයක්  ඇතුළු සංවිධාන ද මැයි  රැලි පැවැත්විය.

රාමනාදන් පාසල් ක්‍රීඩාංගනයට කිලෝමීටරයක පමණ දුර සිට සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සහ ඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහත්වරු හා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මැති ඇමැතිවරුන් සමඟ පෙළපාළියෙන් ආහ.

සම්බන්ධන්  කියා සිටියේ වැඩ කරන දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා දෙමළ ජනතා සන්ධානය පක්ෂයක් වශයෙන් දෙමළ ජනතාව සමඟ සැමදා එක්ව සිටින බවයි. දෙමළ ජනතාව අපේක්ෂා කරන අයිතිවාසිකම් ලබන මැයි රැලියට පෙර ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

දෙමළ ජාතික පෙරමුණේ මැයි දින රැළිය යාපනයේ නෙල්ලිඅඩියේ දී පැවැත්වුයේ එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ ප්‍රධානත්වයෙනි.

මේ මැයි රැලියේ ප්‍රධාන තේමාව වූයේ වැඩකරන දෙමළ ජනතාවගේ ප්‍රශ්න පාලකයින් විසින් තේරුම් ගෙන ඔවුන්ගේ අනාගතය සුරැකෙන සෞභාග්‍යව රටක් තැනීම අවශ්‍ය බවයි.

යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් ගුරු සංගමය හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය එක්ව යාපනය සරසවියේ සිට පෙළපාළියක්  පවත්වා ආරම්භ කරමින් මැයි දින රැලිය පවත්වනු ලැබූ අතර මෙම අවස්ථාව සඳහා සරසවි සිසු සිසුවියන් ඇතුලු පිරසික් සහභාගී වී සිටියහ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.ශ්‍රීධරන් හා ශිවශක්ති අනන්දන් කිලිනොච්චිය කරඩිබොක්කු මන්සන්ධියේ සිට පෙළපාළියකින් කිලිනොච්චිය සමූපාකාර සංගම් ශාලාව දක්වා පැමිණ මැයි දින රැලියක් පැවැත්වුහ.

නව සමාජවාදී මාක්ස්වාදී ලෙනින් පක්ෂයද වව්නියාවේදී මැයි දින රැලියක් පැවැත්වීය.

03[1] 05[1] 07[1] 08[1] 10[1]



අදහස් (0)

උතුරත් රතු වෙයි

සුසන්ත Monday, 02 May 2016 09:39 AM

අනේ අපිටත් අපි ගැන විතරක් කතා කරන්න මෙහෙම දේශපාලන පක්ෂ, නායකයෝ හිටියනම්! පාර්ලිමේන්තුවේ, පළාත් සභාවල අපිව නියෝජනය කරන අයත් හිටියනම්! (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 98 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site