යුද්ධයෙන් මිය ගිය රණවිරුවන් සිහිපත් කිරීමට හා යුද ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ රණවිරුවන්ට උපහාර පිදීම සඳහා රණවිරු සැමරුම් උළෙලක් අද (12) අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
උතුරු මැද ආණ්ඩුකාර පී.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් ද ඔවුන්ගේ පවුල්වල ඥාතීහුද එක්ව සිටියහ.
මේ අතර දකුණු පළාත් රණවිරු උත්තමාචාර උළෙල ගාල්ල රණවිරු ස්මාරකය අභියසදී අද අභිමානවත් අයුරින් පවත්වන ලදී. දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, වැඩ බලන දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය යූ. ජී. ඩී. ආරියතිලක යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරුද ත‍්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීහුද රණවිරු පවුල්වල ඥාතීහුද විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප - දයාරත්න ඇඹෝගම




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔබව කවදාවත් අමතක කරන්නේ නෑ.(හේ)
අපගේ රණ විරුවනට, උත්තමාචාරය දෙමු. (බ)
කිසිදා නොමියෙන ඔබ සැමදා අප අතරයි !!! (නි)
කීපදෙනකුට හරි මතක්වීම අගයකරමි (නි)
අපේ රණවිරුවනි,ඔබට සදාකල් අපි ණයගැතියි! (නි)
හදවතින් ඔබ, තනි කලේ නැත කිසි දිනේ. (ර)