IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උතුරට විසඳුම් හොයන්න විග්නේෂ්වරන්ගේ පක්ෂයෙන් කමිටුවක්

උතුරේ අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් සහිත යෝජනාවලියක් සකස් කිරීමට දෙමළ ජනතා මණ්ලය 14 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.

උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි නව පක්ෂයේ දෙවැනි සැසියේ දී එම කමිටුව පත් කළ බව එම ආරංචි සඳහන් කරයි.

තුන් මාසයක් ඇතුළත සකස් කරන එම යෝජනාවලිය මෛත්‍රීපාල සිරිසේන ජනපති ප්‍රමුඛ රජයට බාර දීමට ද එහි දී එකඟතාවය පළ කර තිබේ.

දෙමළ ජනතා මණ්ඩලයට දෙමළ ජාතික සන්ධානය සමඟ සම්බන්ධ පක්ෂ කිහිපයක සහයෝගය ලැබී තිබේ.



අදහස් (0)

උතුරට විසඳුම් හොයන්න විග්නේෂ්වරන්ගේ පක්ෂයෙන් කමිටුවක්

ඉසුරන්දි Tuesday, 29 December 2015 04:34 AM

මේවා ඉතින් අපේ මිනිසුන්ගේම වැරදි තමයි. රට යම් රාමුවක් තුල පාලනය වෙද්දී ඊට එපිටින් යන අයව පාලනය කරන ක්‍රමයක් තවම ලොක්කෝ හොයාගෙන නැහැනේ.(ම)

:       0       0

නිහාල් Monday, 28 December 2015 02:41 PM

දකුණේ අයගේ විසඳුම් හොයන්න කමිටුවක් පත්කළොත් ඒක ජාතිවාදී කියන අය නම් ඕනෑතරම් ඉඳීවි (නි)

:       0       0

සිල්වා Monday, 28 December 2015 03:03 PM

උතුරේ ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳන්න රජය බැඳී ඉන්නවා, රජයක් හැටියට. නමුත් විග්නේෂ්වරන්ගේ, දෙමළ ඩයස්පෝරාවේ සහ කොටි හිතවාදීන්ගේ ඕනෑ එපාකම් වල අතරමැදියෙක් වුණොත් වෙන්නේ ලොකු විනාශයක්. ඒ හින්දා උතුරේ ජනතාව වෙනුවෙන් අවංකව වැඩකර ජනතාවගේ හිත දිනාගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මොකද අපි රටක් වශයෙන් ඉදිරියට යාහැක්කේ එකමුතුව වැඩකළොත් පමණයි (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 28 December 2015 05:40 PM

සිල්වා, සිදුවෙන දේ බලා සිටින්න (නි)

:       0       0

ප්‍රබෝද Tuesday, 29 December 2015 12:32 AM

උතුරට වෙනම පාලනයක් ඕනෑ නම් දකුණේ අපිටත් වෙනම පාලනයක් ඕනෑ. දකුණේ ගංගා උතුරට ජලය සපයනවා නම් ඒවා හැරවිය යුතුයි. ඊට පස්සේ මොකද වෙන්නේ? භුමිය විතරක් ඇද්ද? (නි)

:       0       0

දුමින්ද Tuesday, 29 December 2015 02:04 AM

විසඳුම එකම රටක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site