උතුරේ අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් සහිත යෝජනාවලියක් සකස් කිරීමට දෙමළ ජනතා මණ්ලය 14 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.
උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි නව පක්ෂයේ දෙවැනි සැසියේ දී එම කමිටුව පත් කළ බව එම ආරංචි සඳහන් කරයි.
තුන් මාසයක් ඇතුළත සකස් කරන එම යෝජනාවලිය මෛත්‍රීපාල සිරිසේන ජනපති ප්‍රමුඛ රජයට බාර දීමට ද එහි දී එකඟතාවය පළ කර තිබේ.
දෙමළ ජනතා මණ්ඩලයට දෙමළ ජාතික සන්ධානය සමඟ සම්බන්ධ පක්ෂ කිහිපයක සහයෝගය ලැබී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඉතින් අපේ මිනිසුන්ගේම වැරදි තමයි. රට යම් රාමුවක් තුල පාලනය වෙද්දී ඊට එපිටින් යන අයව පාලනය කරන ක්‍රමයක් තවම ලොක්කෝ හොයාගෙන නැහැනේ.(ම)
දකුණේ අයගේ විසඳුම් හොයන්න කමිටුවක් පත්කළොත් ඒක ජාතිවාදී කියන අය නම් ඕනෑතරම් ඉඳීවි (නි)
උතුරේ ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳන්න රජය බැඳී ඉන්නවා, රජයක් හැටියට. නමුත් විග්නේෂ්වරන්ගේ, දෙමළ ඩයස්පෝරාවේ සහ කොටි හිතවාදීන්ගේ ඕනෑ එපාකම් වල අතරමැදියෙක් වුණොත් වෙන්නේ ලොකු විනාශයක්. ඒ හින්දා උතුරේ ජනතාව වෙනුවෙන් අවංකව වැඩකර ජනතාවගේ හිත දිනාගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මොකද අපි රටක් වශයෙන් ඉදිරියට යාහැක්කේ එකමුතුව වැඩකළොත් පමණයි (නි)
සිල්වා, සිදුවෙන දේ බලා සිටින්න (නි)
උතුරට වෙනම පාලනයක් ඕනෑ නම් දකුණේ අපිටත් වෙනම පාලනයක් ඕනෑ. දකුණේ ගංගා උතුරට ජලය සපයනවා නම් ඒවා හැරවිය යුතුයි. ඊට පස්සේ මොකද වෙන්නේ? භුමිය විතරක් ඇද්ද? (නි)
විසඳුම එකම රටක්! (නි)