උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් වශයෙන් වෙනම රාජ්‍යයක් ඉල්ලීමට මෙරට නීතියට අනුව අයිතියක් නොමැති බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කීවේ යාපනයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.
එක්සත් ශ්‍රී ලංකාවක උතුරු නැගෙනහිර ජනතාවගේ සම අයිතිය තහවුරු කෙරෙන පරිදි වූ විසඳුමක් අවශ්‍ය බවද පොන්නම්බලම් මහතා අවධාරණය කළේය.
තමන් දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක නායකයකුව සිටි කාලයේද එම සන්ධානය ජාතික වාදය අතහැර දේශපාලන වශයෙන් විසඳුම් සෙවීමට තීරණය කිරීම මත එම සන්ධානයෙන් තමන් ඉවත් වූ බව ද ඔහු කීවේය.

COMMENTS
මෙන්න නියම මිනිස්සු. ඔබ ලෙස සිතන මිනිසුන් වාසනාවන්! මාගේ ප්‍රණාමය. මේ අප සැමගේ රට. බෙදෙන තරමට අප ඈත් වේවි. (අ)
මෙන්න නියම මනුස්සයෙක්. ඔහුට යමක් තේරෙන බවයි මගේ හැඟීම. (නි)
සිංහල, දෙමළ හෝ මුස්ලිම් යනුවෙන් වෙනම නම් කර ඇති පක්ෂ සියල්ලම තහනම් කළයුතු කාලය එළඹ ඇති බව මගේ හැඟීමයි. අපේ රටේ ජාතිවාදයක් නැත. ජාතිවාදය උලුප්පන්නේ ඊනියා ද්‍රෝහී දේශපාලකයින්ය. ඔවුන් හට මෝඩ ජනතාවගේ ඡන්ද කඩාගැනීමේ එකම ක්‍රමය ජාතිවාදයයි (නි)
නිම්මි, මොනවා දැනගෙනද ඔය කතාකරන්නේ? (නි)
කවුරුවත් හිතනවද ඉල්ලූ ගමන් බන්දේසියක තියලා දීලා ආයුබෝවන් කියයි කියලා. එහෙම කරන්න සූදානම් මිනිස්සු කොටසකුත් ඉන්නවා. එ්ත් සිංහ මිනිසුන්ගෙන් එ්ක කරගන්න ජීවිත ලක්ෂ ගානක් පුදදෙන්න වේවි (නි)
මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් නැත්තටම නැත. මේවා දේශපාලන්දයෝ තමන්ගේ පැවැත්ම සඳහා පාවිච්චිකළ වචනයක්. සියලු ජනකොටස්වලට පොදුවෙන් බලපාන පරිපාලන ප්‍රශ්නයක් තමයි තියන්නේ. ජනවාර්ගික ප්‍රශ්නයක් තියනවා නම්, කොහොමද දමිල ජනතාව බියන් සැකයෙන් තොරව උතුරු නැගෙනහිරෙන් පිටව ජීවත්වෙන්නේ, වෙළඳාම කරන්නේ. විශේෂයෙන්ම කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ වැඩියෙන්ම ජීවත්වන්නේ දමිල ජනතාව. (හේ)
කොළඹටත් වෙනම රාජ්‍යයක් ඉල්ලුවා මොකද වෙන්නේ. මොකද කොළඹ ඉන්නෙත් වැඩිපුර වෙනත් ජාතීන් නේ. (හේ)
ක්‍රිස්තු පුර්ව 3 වන සියවසේ ලංකාවේ උතුරුමැද සිංහලයින්ගේද සහය ඇතිව වසර 26ක් තිස්සේ පාලනය කල එළාර ටවත් හිතුනේ නැහැ ලංකාව තුල වෙනම රාජ්‍යයක් බිහිකරන්න. ජාත්‍යන්තරයෙන් කොන්ත්‍රාත් අරගෙන අද උතුරේ වෙනම රාජ්‍යයක් බිහිකරන්න බලයට කෑදර ද්‍රවිඩ දේශපාලකයින්ට ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යයක් කියන්නේ එලිනොවන සිහිනයක් පමණයි. (අ)