(යොහාන් භාසුර)
ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා සති අන්ත සංචාරක දුම්රියක් ලබන අගෝස්තු මස 4 වෙනිදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) පැවසීය.
එම දුම්රිය සිකුරාදා රාත්‍රී 10.30 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වී සෙනසුරාදා අලූයම 6.00 ට කන්කසන්තුරේට ළඟා වන බවත් ඉරිදා රාත්‍රී 10:30 ට කන්කසන්තුරෙන් පිටත්ව එම දුම්රිය සඳුදා අලුයම 6.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිත බවත් අමාත්‍යවරයා කීය.
නල්ලූර් උත්සවය ඉලක්ක කර ගනිමින් මෙම දුම්රිය අගෝස්තු මස 18 වැනිදා සිට දිනපතා ධාවනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අධි සුඛෝපභෝගී දුම්රියේ ආපනශාලා ඇතුළු සියලුම පහසුකම් ඇති බවත් එම දුම්රියේ ප්‍රවේශපත් කලින් වෙන්කරවා ගත යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නල්ලූර් උත්සවය ඉලක්ක කර ගනිමින් මෙම දුම්රිය අගෝස්තු මස 18 වැනිදා සිට දිනපතා ධාවනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.-බොහොම හොඳයි නමුත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව පගාව්ටා කැන්ටිමට දෙන්න එපා .මිල පාලනයකුත් අවශ්‍යයි .ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා සති අන්ත සංචාරක දුම්රියක් බොහොම හොඳයි .නමුත් කරුවලේ සංචාරකයන්ට මග දෙපස බලන්න වෙන්නේ මොනාද බන්දු
අදි සූකෝපබෝගි උනාට වැසිකිළි නම් අන්තිම අපිරිසිදුයි .දුන්ගද හමනවා.පහුගිය කාලෙක ගිය නිසයි කියන්නේ?