දීර්ඝ කාලීනව අභ්‍යන්තර වශයෙන් අවතැන්වූවන් උතුරු පළාතේ නැවත පදිංචි කරවීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට හා ඔවුන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දීම සදහා කාර්යසාධක බළකායක් පත් කිරීමට රජය පියවර ගෙන ඇත.
කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාද් බදියුද්දීන් හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ සම-සභාපතිත්වයෙන් සහ අදාළ පළාත් ප්‍රධානීන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් මෙම කාර්යසාධක බළකායක් සමන්විත වේ.
දීර්ඝ කාලීනව අවතැන්ව සිට නැවත පැමිණෙන්නන්ගේ නිවාස අවශ්‍යතාව මුස්ලිම් පවුල් සඳහා නිවාස 16,120ක්ද සිංහල පවුල් සඳහා නිවාස 5,543ක්ද වශයෙන් හදුනාගෙන තිබේ.මේ යටතේ එම කාර්ය සාධක බළකායේ නිර්දේශ අනුව මෙලෙස දීර්ඝ කාලීනව රටතළ අවතැන්ව සිටින්නන් යළි පදිංචි කරවීම සම්බන්ධයෙන් කටයුතු කරන බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සදහන් කරයි.
COMMENTS
කරන්න හදන දේ නම් ගොඩක් හොදයි.(හේ)
බලමු ඔක්කොම උතුරටම කරලා කෙළෙහි ගුණ සලකයිද කියලා.(හේ)
එන පොට හරි නැති බවයි මට නම් හැඟෙන්නේ (නි)