තම මිළඟ ඉලක්කය දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම බවත් ඒ වෙනුවෙන් ඉදිරියේදී උද්ඝෝෂණ, සත්‍යග්‍රහ ආරම්භ කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණේ නායක උදයන් හිටපු කර්තෘ එස්. විද්‍යාදරන් මහතා පැවසුවේය.
හිටපු එල් ටී ටී ඊ සාමාජිකයන්ගෙන් සැඳුම්ලත් තම පක්ෂය පිළිබඳව විවිධ කණ්ඩායම් අසත්‍ය ප්‍රචාර පැතිරවීමට විවිධ කණ්ඩායම් සැලසුම් සහගතව කටයුතු කළත් යුද්ධයෙන් පිඩාවට පත් දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් සිය පක්ෂය සැබෑ ලෙස පෙනී සිටින බවද ඔහු කීවේය.
වවුනියාවේ පිහිටි අවතැන් කඳවුරු දෙකක ජිවත්වන ජනතාව එම කදවුරු වලින් ඉවත්කොට ඔවුන්ගේ මුල් ඉඩකඩම් වල පදිංචි කරවීමට පියවර ගන්නා අතර ඒ සඳහා රුපියල් මිලියන 40 ක මුදලක් වෙන් කොට ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පි.සත්‍යලිංගම් මහතා වවුනියාවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
උතුරු පළාතේ වැසිකිළි පහසුකම් නොමැති පවුල් සඳහා පවුලකට වැසිකිළියක් සඳා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් දෙන බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා මරු වැඩේ කොටි සිරකරුවන් එළියට ගත්තොත් අපේ අගමැති නොවේ ජනපති ෂෝක් (බ)