වව්නියාවේ දහතුන් හැවරිදි පාසල් සිසුවියක අපයෝජනය කර මරා දැමීයැයි කියන සැකකරු අත් අඩංගුවට ගන්නැයි බල කරමින් අද (24) උතුරේ කඩසාප්පු වසා හර්තාල් ඇරැඹීය.
යාපනය කිලිනොච්චිය වව්නියාව මුලතිව් මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි බොහෝ ප්‍රදේශවල මෙම හර්තාලය හර්තාල් ක්‍රියාත්මක වේ.
ලංකා දමිළ ගුරු සංගමය, ලංකා ගුරු සංගමය, යාපනය විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගමය, උතුරු පළාත් වෙළද හා වාණිජ සංගමය, පුරවැසි පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති රැසක් ඊට සහයෝගය පළ කරයි.
උතුරේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ද බස් ධාවනයෙන් ඉවත් වී තිබේ.
ජායාරූප - සිතුම් චතුරංග
ජායාරූප - රොමේෂ් මධුෂංක




![04[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/0411.jpg)
![05[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/051.jpg)
![10[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/1011.jpg)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් සිසුන් අපයෝජනය කරන්නන්ට තදබල දඩුවම් දියයුතුයි.දෙමාපියන්ගේ ප්‍රධාන යුතුකමක් තම දරුවන් රැකබලාගැනීම දරුවන් රැකබලාගැනීම රජයකට කරන්න පුළුවන් දෙයක් නොවෙයි. (ම)
දකුණේ පුංචි දරුවෝ කී දෙනෙක් ඔය විදියට දුෂණය කරලා අමානුෂික විදියට මැරුවද. කවුද උද්ඝෝෂණ කලේ. දැන් තේරෙනවා නේද ලංකා ගුරු සංගමය, පුරවැසි පෙරමුණ ආදී සිවිල් සංවිධාන ඉන්නේ කොතනද කියල. (ම)
මෙන්න බලන්න සැබෑ වෙනස (ම)
අමා විකාර කතා කියන්න එපා. දරුවෝ දූෂණය කරලා මරන අමානුෂිකත්වයට උතුර දකුණ කියලා වෙනසක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ උතුරේ වුණත් දකුණේ වුණත් විරෝධතාව නිකං පුස් වෙඩිල්ලක් වගේ. අපරාධ නවතින්නෙත් නැහැ, වගකිවයුත්තන් ගන්න පියවරකුත් නැහැ. (ම)
මේ වගේ ප්‍රශ්න වලදී උතුර දකුණ නෙවෙයි මොන විදෙහෙන් හරි වැරදි කරුවන්ට දඬුවම් කිරීමයි අවශ්‍ය..(ම)
කාන්තාවකට , ගැහැණු දරුවෙකුට , මොන තරම් ආරක්ෂාවක් ගෞරවයක් තිබුණු රටක්ද මේක... අපි අද කොහෙද ඉන්නේ.. ඉන්දියාවේ කාන්තාවට තියෙන තත්වය අපටත් අද උදා වෙලා.(ම)
මෙවෙනි අපරාද වලට ජාතිය ,ආගම,පක්ෂය,ලොකු පොඩි බේද කිසිවක් නොතකා නීතිය ක්‍රියාත්මක කරන්න. (ම)