කිලිනොච්චිය උර්තිපුරම් හි වඩු කාර්මිකයකු වන රාසයියා රංජිත් (20) ගේ අතක් වඩු යන්ත්‍රයකට හසු වී කැපී ගොස් තිබියදී කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේර්ජ ජනරාල් උදය පෙරේරාගේ මැදිහත්වී වහා ගුවන් මගින් කොළඹට ගෙන ඒමට උදව් විය.
කිලිනොච්චි රෝහලේ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම අනුව තුවාලකරු පැය හතරකින් කොළඹට යැවීමට නොහැකි වුවහොත් අත ඉවත් කිරිමට සිදුවන්නට ඉඩ තිබිණැයි වෛද්‍ය සදාසේකර් තිවකර් මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණිවරුවනි, ඔබට අපගේ ජීවය! (නි)
ලොකු පිනක් (නි)
අර කෑගහන නෝනට පෙන්නන්න ඕනෑ අපේ හමුදාවේ මනුස්සකම (නි)
නීල් තුන්වෙනි ලෝකයෙ වේවා ,පලවන ලෝකයේ වේවා, නරලොව වේවා, මනුලොව වේවා , මනුස්ස ජීවිතයේ වටිනාකම එකයි. ඔයා කියන විදිහට තුන්වන ලෝකයේ මිනිස්සු ඔක්කොම මැරෙන්න ඇරලා බකන්නිලාගෙන ඉන්නයි වෙන්නේ. යමක් කියනකොට ටිකක් හිතලා බලලා කියන්න (නි)
රණ විරුවන්ට මගේ ප්‍රණාමය , රණවිරුවෝ දෙමල සිංහල භේදයකින් තොරව අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් යන හැගීමෙන් කටයුතු කරන අතර ,දේශපාලකයන් පිරිසක් රට බෙදීම සදහා උතුරට ඡන්ද එපා කියල පෙත්සම් අත්සන් කරනවා.(නදී)
මේ වගේ උත්තරීතර හමුදාවක් ලෝකේ කොහේවත් නැහැ. හැබැයි සමහරක්ට නම් මේවා දිරවන්නේම නැහැ. (නදී)
අපේ හමුදාවට දේශයේ ආචාර !(නදී)
මොනවා කලත් බොහොම පි වැඩක් (දී)
ගිනිතියාගත්තත් ගුවනින් කොළඹට ගේනවා. අත කපාගත්තත් එහෙමයි. නොමිලේම වෛද්‍ය ප්‍රතිකාර ලැබෙනවා. ඒත් ලංකාව තුන්වෙනි ලෝකේ රටක්ලු.(ස)
බලන්න අපේ හමුදාවේ අයගේ මනුස්සකම. යුරෝපයේ ඉඳන් කෑ ගහන අයගේ ඔළුවට මේවා අවබෝධ වේවා. (ස)
මෙවැනි දේවල් වල අගේ ගොඩක් දෙනෙකුට තේරෙන්නේ නැ.(ස)
මවැනි උත්තරීතර ත්‍රිවිධ හමුධාවක් ලබන්න අපේ රට වසනා කරලා තියනවා. මානව හිමිකම් රකිමින් ජාති භේධයකින් තොරව ඔවුන් කරන සේවය ඉතාම අනර්ගය. (ස)
රණවිරුවන්ට උපහාර වේවා!(නදී)
කවුරු කොහේ ඉඳන් කෑ ගැහුවත් උතුරේ මිනිස්සුන්ට හැමදාම පිහිටට ඉන්නේ මේ අය තමයි...(ස)
අපේ කොල්ලන්ගේ වැඩ කොහොමද ඕන තැන උදව් දෙනවා උඹලට තේරෙනවද සිංහල අපේ වැඩ.. (ස)
ඕවා හොදින් මතක තියාගන්න (නි)
මට මතක් වෙන්නේ කොටි මඩකලපුවේදී පොලිසියේ නිලධාරින්ව ජිප් වල ගැටගහලා පණපිටින් මහපාරේ ඇදගන ගිහින් මරලදාපු හැටි.(නදී)
" දස දෙස ජය දජ බන්දා , මුළු ලොව සිරිලක නම රන්දා" දැහමිව ප්‍රේමෙන් ,සමගිව සාමෙන් කිසිදින උරණ නොවී ,, මුතු මෙන් එකමුතු වී,,,,,,,, දිවි සේ රකිමු අපේ ලංකා !!!!!! දේශයේ මුර දේවතාවුනි ,දළදා සමිදු පිහිටි ඔබ සැමට ,,,(නදී)
ගොඩක් ලොකු පිනක් , දරුවාගේ අත සුව වේවා!(ස)
අපේ සිංහල හමුදාවේ මනුෂ්‍යත්වය අපි හොදටම දන්නවා! අපගේ ස්තුතිය හා ගෞරවය නිබදව ඔවුන්ට හිමිවෙනවා! මේ වගේ පුවත් හැකිපමන දෙමල සහ ඉන්දියානු පුවත්පත්වල පලකරන්න පුළුවනි නම් ගොඩක් හොඳයි! (ස)
ඉස්සරලම හමුදාවට ස්තුති වෙනවා. එහෙත් මහ මෙහෙම කියන්නේ හමුදාව පහත් කරන්න නෙවේ. පුරාජේරුකාරයන්ට උත්තරයක් විදිහට. එනම් ලෝකේ ඕනෑම හමුදාවක තත්වේ ඕක තමා.ඔවැනි වැඩ කරන්න තමා අපේ අය එහෙ ඉන්නේ.අනික නරක දේ නොවුනම කියන්නෙ නැතුව ඉන්නත් බැහැනේ. (නි)
අන්තවාදීන් හැර උතුරේත් නැගෙනහිරත් සාමාන්‍ය ජනතාව වීරෝධාර ත්‍රිවිධ හමුදා විරුවන්ගේත් පොලිස් හා ග්‍රාමආරක්ෂක විරුවන්ගේත් මානුෂීය ගුණය හොඳින් හඳුනනවා හොඳින් දන්නවා.මෙවැනි ඉතා වටිනා පුවත් ජාත්‍යන්තරයට ගෙනියන්න ඕනෑ.ඒ නිසා "ලංකාදීප එසැන" පුවත් මේ නමින්ම ජාත්‍යන්තර භාෂාවෙන් පලකරන්නැයි මා කාරුණිකව යෝජනාවක් කරනවා. (නි)
නීල් ඔයා ඕය වගේ කතා කරන්න එපා. මනුස්සයෙක් මරණයෙන් හෝ අනතුරකින් බේරාගන්නවා කියන්නේ එක වචනයෙන් අර්ථකථනය කරන්න බැරි උත්තම මනුස්ස්‍ය කාරණයක්. ඒ අවස්ථාවට ගිනි තියාගත්තද , අත කපාගත්තද කියන එකවත් අරන් යන්නේ හමුදාවෙන්ද ගුවන් යනයකින්ද කියන එකවත් අදාල නැහැ. අවශ්‍ය වෙන්නේ පුද්ගලයා බේරාගන්න එකයි. ඒ වගේ මෝඩ තර්ක ඉදිරිපත් කරන්න එපා.(නදී)
රණවිරුවන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)