යාපනයේ මත්පැන් හලක බලපත්‍රය අලුත් කිරීමට රුපියල් 60,000ක අල්ලසක් ගත්තැයි උතුරු පළාතේ සහකාර සුරාබදු කොමසාරිස් ක්‍රිස්ටි ජෝෂප් නොවැම්බර් 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පැවසූයේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් හෙයින් ඇප නියම කරන ලෙසයි.
අල්ලස් කොමිසමද පැවසූයේ ඔහු අත්අඩංගුවට ගන්නා විටත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වලව බවයි.
අසනීපව සිටියදී වැඩට පැමිණියේ ඇයිදැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත් ඇප ප්‍රතික්ෂේප කළේය. සැකකරුට කොළඹ රෝහලෙන් ප්‍රතිකාර ලබාදෙන ලෙස මහේස්ත්‍රාත් බන්ධනාගාරයට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජරාව කද්දී නම් ඔය මොකුත් ලෙඩ නැහැ.වමාරන්න ගද්දි තමයි ඔක්කොම හෙන.(ම)