යුද්ධයෙන් මිය ගිය ජනතාව සැමරිම වැළැක්විම සඳහා මෙරට කිසිදු නිතියක් නැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම් ඒ සුමන්තිරන් මහතා කියයි තමන් ගරු කරන පුද්ගලයෙකුගේ ස්මාරක හෝ පිළිරූ ඉදිකිරිම සැමරුම් පැවැත්විම මුළික අයිතිවාසිකමක් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගෙන තිබියදි උතුරේ සැමරුම් නීති විරෝධි බව පැවසිම මුලික අයිතින් උල්ලංඝනය කිරීමක් බවද ඔහු පැවසිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අනවශ්‍ය කතා නවත්වලා දැන්වත් දෙමළ මිනිසුන්ට සේවයක් කරන්න බලන්න (නි)
ඔය අර්ථයෙන් ගත්තොත් ඉල් මහා විරු සමරුවත් තියන්න බැහැ නේ. මොකද ඒ ගොල්ලත් රජයට විරුද්දව සටන් කරපු අය. මන් කියන්නේ නීතිය ගැන. හැබැයි ඔවුන් දෙමළ නිසා සමරන්න දෙන්න බැහැ. මොකද මේක සිංහල බෞද්ද රටක්. (ස)
සුමන්තිරම් ඔබට ඕන ඒවා මෙහෙ කරන්න මේ ඔබේ බාප්පාගේ රට කියල හිතුවද (අ)
සමරන්න ඕනෑ නම් අපේ රණවිරුවෝ සමරන්න පුළුවන්නේ (නි)
නැවතත් ප්‍රශ්න ඇති කරන්නද හදන්නේ? (නි)
සුමන් තීරණ ඔය ස්මාරක හදන්න යන අයකරපු පෙර වෙඅරදී හදන්න වත්මන් රයය තවමත් කෝටිගණන් වියදම් කරනවා ඒ....... එත කහනවට නෙවෙයි අහිංසක දමිල මිනිස්සුත් ආරක්ෂා කරන්න ඔන නිස අපිටත් ඉන්නවා හදනවනම් රටපුරා ස්මාරක හදන්න වටිනා මිනිස්සු එකගමක කොල්ලෝ කීදෙනෙක් ඔය ඔයා ගරු කරන අපි ගරු නොකරන එය මෙරුව්ද ටිකක් හිතන්න බදගොස්තර වාදියෝ (අ)
මේ මිනිහට පිස්සු මුණ දැක්කම කව්ද කියල පේනවා කරුණාකර ඉන්දියාවට යන්න (අ)
ත්‍රස්තවාදීන් සමරන්න ලෝකයේ කිසිම රටක නීතියෙන් අයිතිවාසිකමක් නැති බව නීතීඥ තුමා දන්නේ නැද්ද? (අ)
මේ රටේ නිදහස වැඩියි කට්ටියට. ඔහොම යමුකෝ බලන්න. (නි)
සුමුදු කිවුවා වාගේ ඉල් මහා විරුවන් සැමරීමත් වරදක් ලෙසටයි මමත් දකින්නේ (නි)
එහෙනම් සුමන්තිරන් මන්ත්‍රිතුමත් පුල්ලි වසාගත් ෙකනෙක් ..මහින්ද මහත්තයට මල් තියල වන්දිනවා ජීවිතය බේරා දුන්නට . දැන් පටන් අරන් කහින්නට. (අ)
යුද්ධයෙන් මියගිය අය? මොන යුද්දෙන්ද? රට වෙනුවෙන් සටන් කරලද? ඊලම පිහිටෙව්වා කියල හිතාගෙනද දන් නෑ සමරන්න කතාකරන්නේ. මේ රට හින්දම හොදයි මේ වගේ දේශද්‍රෝහී කතා කියන්න.(අ)
සුමුදු,හේරත්,ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැසූ පමණින් යම් පක්ෂයක් ත්‍රස්තවාදී සංවිධානයක් වෙන්නේ නැහැ. (නි)
දකුණේ දෙසපලකයෝ පොරකනවා .කොටි ගොරවනවා සමහරු කොටින්ට කඩේ යනවා .මහින්ද අපේ රජ තුමා අවදියෙන් ඉන්න නිසා අපි බලමු (අ)
අතීතෙත් මේ වගේම ජාතිවාදී ද්‍රවිඩ නායකකාරකාදීන් හිටිය , ඒ හැමෝම ද්‍රවිඩයන් අතින්ම මරුම්කෙව මොකද ද්‍රවිඩයන්ව ගොනාට අන්දවල එයාල කොළඹට වෙලා සියලුම සැප සම්පත් අනුබව කල නිසා , මේ මහත්තුරුත් ඉල්ලගෙන කන්න වගෙයි හදන්නේ , අපේ ආනන්ද සංගරී මහත්තය අසනිපෙන්ද මේ මෝඩ මිනිසුන්ට මේ ටික තේරුම් කරලා දෙන්න (අ)
මොහු හොඳ උගතෙක් එයට ගරු කරනවා. හැබැයි මෙයා ඒ උගත්කම පාවිච්චි කරන්නේ සිය වර්ගයාගේ යහපතට නොවේ. ඒ මිනිසුන්ව තවත් වලට ඇදල දාන්න තමයි වැඩ කරන්නේ. මෙයා දේශපාලන කපටියෙක්. ලෝක ප්‍රජාවට එක මුණක් , ද්‍රවිඩ ප්‍රජාවට එක මුණක් . හොදම උදාහරණය තමයි ගමට යන්නේ වේට්ටියෙන්, සෙරෙප්පු දාල. පාර්ලිමේන්තුවට එන්නේ අධිරාජ්‍යවාදී ඇදුමෙන් ජාත්‍යන්තරයට පේන්න. මේ උගත්තු තමයි තමන්ගේ අහිංසක සහෝදර ජනතාවට ඔලුව උස්සන්න දෙන්නේ නැත්තේ. ඒ අහිංසකයෝ හැමදාම වළ ඇතුලේ, ගොඩට එන්න හදන කොට මොකක් හරි උප්පරවැට්ටියක් දාල ආපහු වළට ම තල්ලු කරනවා. අර මහා ජන ඝාතකයා කළෙත් ඔය ටිකම තමා. මේ ගොල්ල දැන් ආයි එයා නවත්තපු තැනින් පටන් ගන්න හදන්නේ. යුද්ධයේ නිමාවේදී අපි නිදහස ලබල අවුරුදු 61 යි. එයින් අවුරුදු 30 ක් ම යුද්ධ කළා. වෙඩි හඬ නොමැතිව බිහිවුණු දරුවෝ තාම බහ තෝරනවා . දැන් සිංහල , ද්‍රවිඩ සහ මුස්ලිම් ප්‍රජාවගේ ඉදිරි අනාගතය වෙනුවෙන් නිදහස් රටක් කිනම් රජයකින් හෝ බිහි කිරීමේ අභියෝගයට මුහුණ දී සිටියි. (අ)
ඔන්න, නැවතත් ප්‍රශ්න ආරම්භ වෙන්නයි යන්නේ (නි)
සමරන්න, සමරන්න ආයෙත් ඇනගන්න.(නදී)
කටට එන හැම දේම දොඩවන්න ගියාම පේනවා නේද නැවතත් වෙන්න යන විනාසය. අපි සියල්ලගේම බිහිසුණු යුගය නැවත මතක් වීමට ඉඩ නොතබන්න.අවශ්‍ය වන්නේ අපි සැවොම සාමයෙන් සමාදානයෙන් ඉන්න ටික කාලයේදී ජීවත් වීමයි (දී)
ඕනෑම දෙයක් පොරවෙන් කපන්න වෙනතුරු නොසිට නියපොත්තෙන්ම කඩා දැමිය යුතුයි (නි)
එක එක්කෙනාට එක එක අදහස් එන්න පුළුවන්. නමුත් කොටි සංවිධානය තහනම් ත්‍රස්තවාදී සංවිධානයක්. (නි)
අනේ මහත්තයෝ,මගේ කට,මෙතැන මිනිස්සු මැරෙද්දි ඔබ තුමන්ලා රෙදි පොරවාගෙන ගොරව ගොරව නිදාගෙන දැන් එනවා මානව හිමිකම් කියල දෙන්න.අනේ මගේ කට. (අ)
සියල්ල මූලික අයිතීන් නොවේ, (නි)
ඔයාල අදහන මිනිසුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන ලෙසටද වැඩ කළේ? ඒ වගේම මානව හිමිකම් වලට ගරු කළාද? මුං ඇට වපුරලා හාල් බලාපොරොත්තු වෙන අය ගැන කණගාටුයි. (නි)
අයිතින් ඉල්ලිමට පෙර ඉටුකලයුතු යුතුකම් මතක්කර දිය යුතුය.(නදී)
සියල්ල ඉතා පැහැදිලිය (නි)
මොන අවාසනාවක්ද තේරෙන්නේ නැහැ. මම ජාතිවාදීව කියනවා නොවේ.එහෙත් ජාතියක් ලෙස මිනිසුන්ගේ ජාන වල මොකක් හෝ වරදක් තිබෙනවා. (නි)
උතුරේ මිනිසුන්ට අවශ්‍ය පිළිරුවක්ද? නැත්නම් ජිවිතය ගොඩ නගාගැනීමට සහනයක්ද? බලන්න,පළාත් සභාව පිහිටුවා කොපමණ කල්ද? තවමත් එක සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ආරම්භ කළාද? (නි)
සුමුදු, ඔයාගේ සුමුදු මොලේට තේරුනේ නැති උනාට ජවිපෙ කරපු එකයි, කොටි කරපු එකයි වෙනස්. ජවිපෙ කරේ විප්ලවයක්. ඒ වගේ එකකින් පස්සේ ඒගොල්ලන්ට සමාව දෙන එක ලෝකේ හැම රටේම උනා. ඒත් කොටි කරේ රට බෙදන්න යුද්දයක්. ත්‍රස්තවාදයක්. (නදී)
මෙතුමා මොනවද මේ කථා කරන්නේ? (නි)
රටක් අවුරුදු 30 කින් ආපස්සට ගෙන ගිය අයව සමරන්න නීති තිබුනත් නැතත් බැහැ. මේ රටේ බහුතර ජනතාව ඒකට කැමති නැහැ.(නදී)
ඔය ලෝක බලවතුන් ගැන කතා නොකර රටේ අවශ්‍යතාවය අනුව සිතා බලා ක්‍රියා කරන්න. නැවත මේ රට වෙන්කරන්න උත්සාහ දරන්න එපා. ඒකීය රටක් තුල සහෝදරයන් මෙන් සියලු ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් පමණක් විසඳාගෙන ජීවත් වීමට දැන්වත් සිතා ගනිමු. (නි)
ඔය සමරන්නේ කවුද? හදන්නේ කාගේ ස්මාරකද? මහත්තයෝ, ඔය කරන්න හදන්නේ කුමක්ද කියා අපි දන්නවා. (නි)
මානව හිමිකම් විනාශ කරපු මිනීමරුවාගේ ගුණ ගයන්න අවසර ලෝකේ මොන රටේ ද දුන්නේ එනපොට හොද නැහැ ......අපි සුදානම් ..........? (නදී)
මට කියලා දෙන්න මොන රටේද මෙහෙම කළේ කියලා (නි)
ඇත්තටම තමන්ට කැමති රුවක් ඉදිකිරිම හෝ සැමරුමක් සැමරීම නීති විරෝධී නොමැති බවයි මගේ නම් අදහස වන්නේ (නි)
විමුක්ති..එහෙම නොකොළොත් මෙයාලට කොටි ඩයාස්පොරා සල්ලි ලැබෙන්නේ නැහැනේ. (අ)
පොතේ නීතියේ තිබුණත් නැතත් ලංකාවට අනතුරක් නම් එවන් දේ තහනම් කළයුතුයි. (නි)
මෙයා මෙච්චර කෑගහන්නේ සිංහලයන්ගේ තියෙන මනුස්සකම නිසා. මෙයාල අතුරුදහන් උන දෙමල කට්ටිය ගැන විතරද කතා කරන්නේ අපේ සිංහල මුස්ලිම් අය කීදෙනෙක් ඉන්නවද අතුරුදහන් වෙලා. යුද වීරයන් සමරන්න කාටවත් තහනමක් නැහැ මෝඩ මිනීමරු කොටින්ව සමරන්න තහනම්. (නදී)
තමිල්නාඩුවේ නම් ඔය කියන ස්මාරක හදාගෙන බුහුමන් දැක්වූවාට අපේ අහිතක් නැහැ (නි)
ජය ලලිතාගෙන් ඉඩමක් ඉල්ලා ගෙන තමිල් නාඩුවේ ඔයකියන මාරක හදාගෙන බුහුමන් දැක්කුවට අපේ අහිතක් නැහැ බොලන් (අ)
මම නම් කියන්නේ උතුරේ හන්දියක් හන්දියක් ගානේ රණවිරුවන්ගේ සහ රටට වැඩක් කළ ජාතික නායකයන්ගේ පිළිරූ හදන්න කියලයි. (නි)
අනේ ඔයාට දැන් ද මතක් උනේ මානව හිමිකම්. ගම බිම් වල අත දරුවෝ කපල කොටලා මරද්දී කොහෙද හිටියේ .(අ)
එහෙනම් මියගිය සියලු ජනතාව සිහිකරමින් පොදු ස්මාරකයක් සාදා රටම කැමති පොදු දිනයක් වෙන්කළා නම් හරි නේද? ඕකට මහවිරු දිනයම යොදාගන්නේ කවුරු සිහිකරන්නද කියලා පොඩි ළමයි පවා දන්නවනේ. වසර 30ක් අපි විදෙව්වා ඇති. (නි)
මෙතැනදී සමරන්නේ ත්‍රස්තවාදීන්ව නේද? ඒකට මේ රටේ ඉඩක් තිබේද? යුද්ධයෙන් මිය ගිය මිනිසුන් සැමරුවාට නම් කමක් නැහැ (නි)
මේවට හොඳ නීති මාලාවක් ගෙනෙන්න ඕනෑ. නැත්නම් නැවත ඔය ඊළාම්වාදය හිස ඔසවන එක නතර කරන්න බැහැ (නි)
දැන්ම මේක නැවැත්තුවේ නැත්නම් පසුවට අපිට නැවතත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි කියලයි මට නම් සිතෙන්නේ (නි)
බොරුවට අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා (නි)
මම නම් හිතන්නේ මේ වගේ සිතුවිලි තිබෙන සහ තිබුන මිනිස්සු නිසා තමයි අපේ රට මෙම තත්ත්වයට පත් වුණේ කියලා (නි)
රට අැල්ලීමට ගිය ත්‍රස්තවාදීන්ව සැමරීම කුමන නීතියටද එකග වන්නේ? (නි)
මට කියන්න සිතෙන දේ ප්‍රකාශ කළ නොහැක (නි)
මොකද මේ සැමරීම් කරන්න මෙපමණටම අවශ්‍ය? (නි)
ඇමෙරිකාවේ මුස්ලිම් මිනිස්සුන්න්ට බීන් ලාද්න්ව සමරන්න බැ.මොකද මිනිහ ත්‍රස්ත වාදියෙක් නිසා . (ස)
මේවට අපි විරුද්ධ වෙන්නම ඕනෑ කියලයි මම නම් කියන්නේ (නි)
ඊලම හොඳයි කියන මුගේ කටේ හොරිම දාන්න ඕනැ. (ස)
සුමන්තිරන් මල්ලිත් කන්ඩ වගෙ හදන්නෙ මෙක ඉන්දියාව නෙවෙයි ස්මාරක හදන්න ඒ වගෙම රනිල් ගෙ රජය ත් නෙවෙයි බඩගැස්තර වාදීන්ට නම් මෙක නියම ප්‍රවෘත්තියක් (ස)
මේ කට්ටිය හදන්නෙම අයෙත් වතාවක් රට ආපස්සට ගෙනියන්න.මම නම් කියන්නේ රටේ ජාතික සමගියට හානි වෙන ක්‍රියාවන් හෝ ප්‍රකාශ කරන අයට නීතිමය පියවර ගන්න.(ස)
බිල්ලාදන්ගේ පිලුරුවක් ඇමෙරිකාවේ නිව් යෝක් වල පිහිටුවට පසු ඔය ඉල්ලීම ඉල්ලමු.(ස)
දෙමළ මිනිස්සුන්ට සේවය කරන්න ඔනෑනම් ඔය කුණුගොඩ අවුස්සන්නේ නැතිව. ඒ මිනිස්සුන්ට ඉන්න ගෙවල් ටික හදලා දෙන්න ළමයින්ට ඉගෙන ගන්න පාසල්වල පහසුකම් වැඩිකරල දෙන්න. ඒ මිනිස්සුන්ගේ ගොවිතැන්ටික කරගන්න අනෙකුත් පහසුකම් සපයල දෙන්න. මෙ අය මේ රට කාලා කාලා තවත් කන්න හදනවා.. කාලකන්නි. ඔය එක්කෙනෙක් වත් අහිංසක දෙමළ මිනිස්සුන්ට ආදරේ අය නෙවෙයි. ඉන්දියාවෙන් ඇවිත් දෙමළ මිනිහගේ මාළු ටික හොරකම් කරන් යන කොට ඔය එකෙක් කථා කරනවාද. එල්ටීටටි කාරයෝ දෙමළ මිනිස්සුන්ව යුද්ධයට ආවරණයක් ලෙස පාවිච්චි කරනකොට දෙමළ මිනිස්සුන්ට යවපු කෑම බෙහෙත් හොරකම් කරන කොට ඔය අය කොහෙද හිටියෙ.(ස)
ස්මාරක හදන සල්ලි වලින් ගෙයක් නැති දෙමල මිනිහෙකුට ගෙයක් හදල දීපල්ලා.එක ආණ්ඩුවෙන් හදල දෙන්න ඕන.ස්මාරක හදන්නේ උඹලගේ ගෙදර තියෙන සල්ලි වලින්ද? (ස)
කෙනෙකුට ද්‍රෝහියෙක් වෙන කෙනා තවෙකෙකුට වීරයෙක් වෙනවා. මේක තමා යථාර්තය. (නි)
පවතින නීතියට අනුව පත්වු ආණ්ඩුවට විරුද්ධව අවිගෙන සටන්කර මියදෙන්නා වීරයකු නොව ත්‍රස්තවාදියෙකි. ඔවුන් සැමරීම හා එයට අනුබල දෙන්නන්ද ත්‍රස්ත්‍රවාදින්වේ. (ස)
කැලේ මාරු උනත් කොටියගෙ පුල්ලි මාරු නොවේ,!! (ස)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවමත් වලංගුයි නේද? (නි)
ත්‍රස්තවාදයට සම්බන්ද කිසිවෙකුගේ පිලිරු හෝ අනුස්මරණ උත්සව පැවිත්වීම වැළැක්වීමට පාර්ලිමේන්තුවට පනත් ගෙනෙන්ට ඕනේ. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපනකන් තියන්න හොද නැ.(ස)
එහෙනම් කරල බලන්නකෝ ..... මේ රටේ දෙමල ජනතාවට නිදහස නැති කරන්නේ ඔබල වගේ අවස්ථාවාදී දේශපාලුවෝ. මේ රටේ සිංහල දෙමල මුස්ලිම් ජනයට තියෙන්නේ ඔය ප්‍රශ්න නෙවේ .. වෙනත් ජීවන ගැටළු ගොඩක් තියෙනවා. ඒ සියල්ල යට කරමින් ජාති වාදය උඩට ගන්නේ තමන්ගේ වාසියට පමණක්ම මුල්තැන දෙන උදවියයි. වසර තිහකට පසු උතුරේ ජනතාව නිදහසේ හුස්ම ගනිද්දී, එය යටපත් කරමින් ජාතිවාදය නමැති උත්තේජනයෙන් ජනතාව වියරුවට්ටන්නේ ඔබලාගේ පැවැත්මට මිස ජනතාවගේ යහපතටනම් නොවේ. (ස)
අපි යුද්ධ කරලා, සුද්ද කරලා දුන්නට පස්සේ මෙයාලා අපිට නීති ගැන කියලා දෙන්න එනවා. අපේ කොල්ලෝ ජිවිත පුජා කරලා රට නිදහස් කර දුන්නේ නැත්තම් ඔය නිතී,එක්සත් ජාතීන්ගේ සංවිධාන,මුලික අයිතින් ගැන කථා කරන්න ඔය කවුරුවත් අද ඔතන නැහැ. (නි)
යුද්දයෙන් මිය ගිය ජනතාවට වෙනම දවසක් ඕනේ නේ . මොකද යුද්දයෙන් මිය ගිය දෙමල සහ සිංහල ජනතාව මැරැනේ කොටි ත්‍රස්තවාදය නිස. සෙල්ලම් දන්නා ආවොත් කොටින්ට කරපු දෙයම තමා මෙයටත් වෙන්න ඕනේ (ස)
මම නම් හිතන්නේ ස්මාරක හැදීමෙන් වෙන්නේ පරණ තුවාලය තව තවත් පාරන එක විතරයි කියලයි (නි)
ඔයා එහෙනම් ඇමෙරිකාවට ගිහිල්ල බින්ලාඩන්ගේ පින්තුරයක් අරගෙන ප්‍රසිද්ද තැනක තියාගෙන ඉන්න බලන්න මොකද වෙන්නේ කියලා එතකොට බලන්න පුළුවන්.(නදී)