ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පමණක් පැවැත්විය යුතු බවට යෝජනාවක් උතුරු පළාත් සභාව විසින් සැප්තැම්බර් 01 දා සම්මත කරගෙන තිබේ.
මහ ඇමැති සී.වී.විග්නේස්වරන් විසින් ඉදිරිපත් කෙරුණු යෝජනාව සම්මත වීමෙන් පසුව එය විශේෂ ලියවිල්ලක් වශයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත යැවීමට කටයුතු යොදන බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් පැවසීය.
මෙම යෝජනාව ඒකමතිකව සම්මත වූ බවත් ඊට විපක්ෂයේ පිරිස් විරුද්ධ නොවූ බවත් ශිවඥාණම් කියාසිටි නමුත් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ප්‍රධාන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට විපක්ෂය විරුද්ධ වූ බවත් උතුරු පළාත් සභාවේ එක්සත් ජනතා සන්ධානයේ මන්ත්‍රී වන්නිහාමිගේ ජයතිලක මහතා කියා සිටියේය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකුම වරින්වර සභාවෙන් නැගිට මෙම යෝජනාවට විරුද්ධ බව ප්‍රකාශ කළේ රජය විසින් යුද අපරාධ සම්බන්ධයෙන් සිදුකිරීමට නියමිත අභ්‍යන්තර පරීක්ෂණය ප්‍රමාණවත් වන බවට ඇමරිකාව පවා තීන්දු කොට තිබියදී උතුරු පළාත් සභාව පමණක් ඊට විරුද්ධවීම නිශ්ඵල ක්‍රියාවක් බව පවසමින් යැයිද ජයතිලක මන්ත්‍රීවරයා සදහන් කළේය.
කෙසේ වෙතත් සභාපති සී.වී.කේ.ශිවඥානම් තවදුරටත් පැවසුවේ රටේ අධිකරණය මෙන්ම පත්කරන කොමිසමෙන් සාධාරණයක් ඉෂ්ට නොවන නිසා අභ්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේල නේද රට වනසමින් බෝමිබ පත්තු කළේ අසරන මිනිසුන්ව මාරාදැමිමේ එතකොට ඔහේල කරපු ගරිල්ලා සංවධානමය මිනිමැරිමි හොයා බැලන්න එපාද.ඒ මිනිමරෙුවන්ව පෝෂණය කළා නමි අද වන කොට එක සිංහලයෙකුවත් මෙහෙ නැහැ.යන්න මහත්තයෝ ඔයාල එකතුවෙලා ජාතියට වැඩක් කරන්න ..අපි කවුරුවත අවුරුදු 100ක්වත් ජිවත් නොවේ මීළඟ අාත්මෙ යහතින් ජිවත් වෙලා ජිවිතේ කියන එක විදලා මැරේන්න මිනිසෙකු හැටියට.. (අ)
මෙන්න මේ එක හේතුව නිසා මම රාජපක්සට කැමති. එතුමා අභ්‍යන්තර හෝ බාහිර බලපෑම් වලට යට වෙන්නේ නැහැ. චීනය අප සමග සිටි නිසා ඉන්දියාව සහ ඇමරිකාවත් අපට බයේ හිටියේ. (බ)
ඇමරිකාව කියනවා නම් දේශීය රට තුල පරීක්ෂණයක් පමණක් පැවැත්විය යුතු බවට ඊට වඩා කතා මොනවද ?මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් වාර්තා කරන්න බැඳිලා ඉන්නේ මහා ආණ්ඩුවට මහා ආණ්ඩුවේ තීරණ තමයි ඔබ ක්‍රියා මක කරන්න ඕනි ඔබ උස්සා කරන්නේ දෙමල ඩයස්පෝරාවේ අභිමතයට වැඩ කරන්න ඒ තුලින් යටි අරමුණු ඉටු කරගන්න කරුණාකර ඔබගේ පටු දේසපාලන ගැති කමෙන් මිදී ජනතාවට සේවය කරන්න. (අ)
විධායකය, අධිකරණය, ව්‍යවස්ථාදායකය ගැන විස්වාසය නොතබන පළාත් සභාව විසුරුවා හරින්න ජනපති තුමනි. (බ)
අපේ සල්ලි වලින් පඩි අරගෙන අපේ රටටම ගරහන්න එපා. අනිත් පළාත් සභා වලට තියෙන්නේ මීට විරුද්ධව යෝජනාවක් සම්මත කරන්න (නි)
උතුරේ පුලුවන් තරම් සිංහල ජනතාව පදිංචි කරවන්න. අපි හැමෝම මිනිස්සු කියන හැගීම දමිල ජනතාව තුළද ගොඩනඟන්න. (අ)
පසුගිය කාලේ මිය ගිය හා අතුරුදන් උන දෙමළ ජාතිකයන් ගැන නව යහ පාලන රජය අන්තර්ජාතික පරීක්ෂණයක් ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෙන් පත් කළ යුතුයි, පත්කර දැඩි දඩුවම් දිය යුතුයි. (නදී)
ඉතින් අනිත් පළාත් සභා වලින් මේකට විරුද්ධව පනතක් සම්මත කරලා එ්කත් යවන්න ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට. (නදී)
මේ ප්‍රශ්නයට තියෙන හොඳම විසදුම සිංහල ජනතාව පුළුවන් තරම් ඒ ප්‍රදේශ වල පදිංචි කර ඉංග්‍රීසි භාෂාවෙන් ඒ ප්‍රදේශවල අධ්‍යාපනය ලබාදීම. ඊළඟ පරම්පරාවවත් තේරුම් ගනී. සිංහල දෙමළ කියල කිව්වට අපි හැමෝටම තියෙන්නේ පොදු උවමනා එපාකම් කියලා. ඊට පස්සෙවත් සමගියෙන් ඉදීවි. (ම)
බිස්වාල් ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණයක් ගැන කෑගසන අතර දෙමළ සන්ධානය එයට විරුද්ධ වෙයි. මේ සියල්ල එක් අතෙකින් බැලූකල ඇස් බැන්දුම් පමණකි. අද බටහිරයන්ට මහින්ද රාජපක්‍ෂට විරුද්ධව අභ්‍යන්තර හෝ බාහිර හෝ පරීක්‍ෂණ අවශ්‍ය නැත. බටහිරයන්ට තමන්ගේ කාර්ය කෙරී ඇත. මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහකෙරී ඇත. - නලින්ද සිල්වා (බ)
ඒ කියන්නේ යුද්දෙට සල්ලි ලබාදුන්නු උත්තමයන්ට කියලම පරීක්ෂණයක් පවත්වගන්නද යන්නේ? (බ)
නඩේසන් ඔයාලවගේ පටු අදහස් තියෙන ය නිසා තමය ජාති වාදය ඇවිස්සෙන්නේ ගේ අදහසට අනුව මියගියේ සහ අතුරුදන් උනේ දෙමල ජනතාව විතරද සිංහල කොල්ලෝ මොනතරම් මැරුණද එ්ක අමතකද (බ)
ජයන්ත : ඇමරිකාව අපිට ගොඩක් බයේ ඉන්න ඇති නේද ? (බ)
විග්නේස්වරන්ට අපි තමිල්නාඩුවෙන් ඉන්න හිටින්න තැනක් හදලා දෙමු. වැසිකිලියකුත් සමග. (බ)
සාමාන්‍ය සහෝදර දෙමළ ජනතාවටත් බොරු කියා කියා මේ වගේ අය තමයි ජාතිවාදී විෂබීජ පතුරුවන්නේ, කොටි දකුණේ සාමාන්‍ය සිවිල් වැසියන් ඝාතනය කරපුවා ඔය නියා මානව හිමිකම් වලට අයත් නොවන්නේ මන්ද ?අද උතුරේ දරුවන් පාසල් යන්නේ ,සාමාන්‍ය ජිවිත ගත කරන්නේ දකුණේ නායකයින් ත්‍රස්තවාදයෙන් රට මුදා ගත් නිසා නොවේද ? (ම)