රටේ ගොඩක්ම කතාබහට ලක්වෙන උතුරු පළාත් සභාවේ පසුගිය සතියෙත් කලබල ඇතිවුනාලු.
කලබලයට හේතුව මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් ඉදිරිපත් කළ යෝජනාවලියක්ලු.වංචා,දූෂණ චෝදනා වලට ලක්වෙලා ඉන්න පළාත් සභා ඇමැතිවරයකුව වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණ වලට යොමු කළ යුතුය කියා පහුගිය සභා වාරයක පළාත් සභාවේ සාමාජිකයන් සියලුදෙනාම වගේ එකතුවෙලා සම්මත කරගත්තු යෝජනාවක් ඉවත් කරන්නය කියා මහ ඇමැතිවරයාගේ යෝජනාවෙන් කියනවාලු.
ඒ මන්ත්‍රීවරයා තමාට කරුණු දක්වා තිබෙන බවත් ඒ නිසා මේ ගැටලුවට මහ ඇමතිවරයා ලෙස මැදිහත් වීමට අයිතිය තිබෙන බවත් විග්නේෂ්වරන් නිදහසට කරුණු විදියට කියා සිටියාලු.
නමුත් සභාවේ අනෙක් සාමාජිකයින් කොහෙත්ම වැඩේට කැමති නැතිලු.රුපියල් ලක්ෂ 4000 කට ආසන්න මුදලක් වංචා කරපු සිදුවීමකට හවුල් යැයි ඒ ඇමැතිවරයාට චෝදනා නැගී තිබෙනවාලු.
‘‘උතුරු පළාත් සභාවත් ඉන්දියා මෙගා නාට්‍යයක් වගේ.හැමදාම වැඩ ඉවර වෙන්නේ ප්‍රශ්නයක් එක්ක‘‘ විවාදය දිගට ඇදීගෙන යද්දී එක පළාත් සභා මන්ත්‍රීවරයෙක් කීවාලු.
කිව්වා වගේම එදා විවාදය ඉවරවුනෙත් වැඩේ අනෙක් දවසටත් කල් තබාගෙනලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන පොට හරි නැත (නි)
බලය කොතනද එතන දූෂණය ඇත කියලා සිංහල ජනවහරේ කියමනක් තියනවනේ. (නි)
බලාගෙන යනකොට මේ ගැටලුවට ලොකු ලොකු අයත් සම්බන්ධද කියලත් හිතන්න අපට සාධාරණ සැකයක් ඇති වෙනවා (නි)