උතුරු පළාත් සභාවේ ෆෙඩරල් යෝජනාව සම්මත කිරීමට විරුද්ධව බස්නාහිර පළාත් සභාව විරෝධය පළකොට යෝජනාවක් සම්මත කළ බවත් අනෙක් පළාත් සභාවලින්ද එවැනි යෝජනා ඉදිරිපත් කරන් ලෙසත් ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (5) බත්තරමුල් පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
හිටපු නායකයන්ට විශේෂ ආරක්ෂාවක් දිය යුතු අතර ඒ අයට කොටින්ගෙන් තර්ජන තිබෙන බව පිළිගන්නා බවත් ප්‍රභූ ආරක්ෂකයන් ලබාදිය යුතු බවත් වර්ණසිංහ මහතා කීවේය.
චාවකච්චේරි බෝම්බ ඇඳුම් හමුවීම හා හිටපු කොටි නායකයින් අත්අඩංගුවට ගැනීම කොටි ඩයස්පෝරාව නැවත සක්‍රිය කිරීමක් බවත් වර්ණසිංහ මහතා එහිදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේවට ඔය පක්ෂයේ සමහර නායකතුමන්ලා දැන් මොකුත් නොකියන්නේ? (නි)
මධ්‍යම රජය නිදිද?(හේ)
සමහරු සංහිඳියාවේ සිහින දකිනවා. අපේ සිත්වල නැති දෙයක් ගැන ඔවුන් ඒ සිහින දකිනවා. (නි)
අනික් සෑම පළාත් සාබවක්ම ෆෙඩරල් ක්‍රමයක් අපට එපා කියල යෝජනා 8 සම්මත කර ගනිමු. (බ)
උතුරු නැගෙනහිර දේශපාලනයට ඕන ඕන විදිහට පැදුරු කොට්ට මාරු කරනවා වගේ යෝජනා හිතු හිතුමතේ ඉදිරිපත් කරන්න බැහැ. (ර)