ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත් එක්කර දෙමළ භාෂාව පදනම් කරගත් එක් ප්‍රාන්ත පාලනයකුත්, සෙසු පළාත් නවය එක්කර සිංහල භාෂාව පදනම් කරගත් වෙනම ප්‍රාන්ත පාලනයකුත් ඇති කරන ලෙස ඉල්ලමින් ලෙස උතුරු පළාත් සභාව පසුගියදා සම්මත කර ගත් යෝජනාව ප්‍රතික්ෂේප කරන්නැයි රජයෙන් ඉල්ලා බස්නාහිර පළාත් සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කරගත්තේය.
එහි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් උතුරු පළාත් සභාවේ යෝජනාවට විරෝධය පා එම සභාව මැද වාඩිවී විරෝධතාවයක ද නිරත වූහ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සභා රීති අත්හිටුවමින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර එය ස්ථීර කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී යූ. ජෝර්ජ් පෙරේරා මහතා විසිනි.
මෙම යෝජනාව ඉදිරිපත් කරමින් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසුවේ උතුරු පළාත් සභාව සම්මත කරගෙන ඇති යෝජනාව ශ්‍රී ලංකාව තුළ භාෂාව පදනම් කරගෙන ෆෙඩරල් ආණ්ඩු දෙකක් ඇතිකිරීමට කරන යෝජනාවක් බවයි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී තෙබුවන පියනන්ද හිමි, ආණ්ඩු පක්ෂයේයේ ප්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත්, එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන ජගත් අංගගේ, මෙරිල් පෙරේරා, ප්‍රසන්න සංජීව, ලලිත් එල්ලාවල, නිරෝෂා අතුකෝරළ, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී යූ ජෝර්ජ් පෙරේරා, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මන්ත්‍රීවරුන් වන අරුණ දීපාල්, අශෝක දයාරත්න, රජිත හපුආරච්චි ඇතුළු මන්ත්‍රීවරුන් 15 දෙනෙකු පමණ සභාවේ බිම වාඩි වී විරෝධතාවයේ යෙදුණහ.
පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ප්‍රවාහන හා සමූපකාර සේවා අමාත්‍ය ලලිත් වනිගරත්න යන මහත්වරුන් ද මෙම අවස්ථාවේ සභාවේ රැදී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරටට ෆෙඩරල් එපා කියො මුළු රටේම පළාත් සබා යෝජනා සම්මත කරගන්න. (නි)
අපි සමගියෙන් සිටිය යුතුයි. නමුත් මෙවැනි දේ වෙනවා නම් අපි සියලුදෙනාම එකම සිංහල ජාතියක් ලෙසට නැගිටිය යුතුයි. මට තියෙන්නේ මේ රට විතරයි. අපි මේ රට රැකගත යුතුයි. (නි)
කරලා තියෙන්නේ හොඳ වැඩක්. අද අසිංහල ජාතිවාදය සිංහලයාට ගහන්නේ ජනගහණය වැඩි කිරීමෙන්. බොදු අයිතියට ගහන්නේ ආගමික මධ්‍යස්ථාන, පාසල් මුවාවෙන් ඉදිකරමින්. දවස් 365 ම අහන්නේ බණ. නමුත් අපරාධ එන්න එන්නම වැඩිවෙනවා. දේශපාලකයන් පක්ෂය රැකගැනීමට නොයෙක් වැඩ කරන්නා සේම මේ සිංහල දේශපාලකයන්ට පාර්ලිමේන්තු යාමටත් සිංහලයා ඉතිරිවිය යුතුයි (නි)
මුලින්ම සිංහලයට ඉන්න රටක් ඉතිරිවෙන්න ඕනෑ. එ්ක ඉතිරි කරගන්න බලන්න (නි)
රට ජාතිය වෙනුවෙන් යෝජනා සම්මතය ඉදිරිපත්කළ අයට අපගේ ප්‍රණාමය! (නි)