උතුරු පළාත් සභා මන්තී‍්‍ර ඇන්ටනි ජෙගනාදන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පළාත් සභාවේ උප සභාපති ධූරය සඳහා දෙමළ සන්ධානයේ ප‍්‍රධාන පක්ෂ හතර අතර සිව්කොන් සටනක් හටගෙන ඇතැයි දේශපාලන ආරංචි කියයි.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට් හා ටෙලෝ යන පක්‍ෂ මීළඟ උප සභාපති ධූරය සඳහා තම පක්‍ෂයේම නියෝජිතයකු පත්කිරීමට බලකර සිටීමත් මෙම ධූරය සඳහා ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂයේ නියෝජිතයකු පත් නොකරන ලෙසටත් බලකර සිටීමත් මත මෙම ගැටුම්කාරී තත්ත්වය හටගෙන ඇත.
උප සභාපතිවරයා ද තම පක්‍ෂයේම අයකු විය යුතු බවට තමිල් අරසු කච්චි පක්‍ෂයේ මන්තී‍්‍රහු අවධාරණය කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තනතුරත් විග්නේශ්වරන්ටම දුන්නනං හොඳයි. (ර)
අනේ ඇත්තමයි හෆීල්, ඔය අනිත් මිනිස්සු වගේ ජාතිවාදී නොවන, අන්තවාදී නොවන, උතුරේ ගෙයක් පාසා බුදු පිළිමයක් තියනවට කැමති, සිංහල මිනිස්සු එහෙ පදිංචි වෙනවාට කැමැත්තෙන් පසුවෙන, තමන්ගේ හා අන් අයගේ ආරක්ෂාව සඳහා හමුදාව ඒ ප්‍රදේශවල ඉන්නවට කැමති, දකුණේ සමහර දේශපාලකයින්ගේ ඉමහත් අනුකම්පාවට හා ආදරයට පත්ව සිටින, ඒ උගත්, බුද්ධිමත්, ඒ සොඳුරු මිනිසාට උතුර විතරක් නෙමෙයි, දකුණේ පළාත් සභා ටිකත් ලියලා දුන්නා නම් නියමයි නේද? (නි)