‘සංහිඳියාව ශක්තිමත් කරන්නත්, දුගී බව නැති කරන්නත් ලෝකයේ රටවල් අපිට උදව් කරනවා. ඒ නිසා අපි 2017 වසර දුගී බවෙන් නිදහස්වීමේ වසර වශයෙන් නම් කරලා තිබෙනවා. සංහිදියාව ජයග‍්‍රාහණය කිරීමේ කාර්ය ආරම්භ කළා පසුගිය වසරේ.ඒ නිසා අපි සියලු දෙනාම එකට එකතුවෙලා වගකීම් සහිතව එය ඉටු කරනවා කියලා අපි විශ්වාස කරනවා.මෙවැනි කටයුතු අපි සාර්ථකව රජයක් විදියට කරගෙන යන අතරවාරයේ සමහරවෙලාවට යම් යම් බාධාවන් ඇති වෙනවා. පසුගිය දිනවල යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුගේ මරණය සිදුවුණා.ඒ සිද්ධිය සැළ වු වහාම මම නියෝගයක් කළා පොලිස්පතිවරයා ඇතුළු විමර්ශන අංශවලට මේ පිළිබඳ අපක්ෂපාති ස්වාධීන පරීක්ෂණ වහාම ආරම්භ කරන්න කියලා. ඒ සඳහා විශේෂ විමර්ශන කණ්ඩායම් මම වහාම කොළඹින් එව්වා.මේ වන විට ඔබ දන්නවා පොලිසියේ නිලධාරීන් කිහිපදෙනෙක් ඒ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටිනවා. එම කටයුතු ඉදිරියේදි අපක්ෂපාතීව හා ස්වාධීනව ඉටුකරන බව මම විශ්වාස කරනවා.මෙම සිද්ධිය ඇතිවුණාව විශේෂයෙන්ම පහුගිය දිනවල යාපනයේ ප‍්‍රදේශයේ යම් නොසන්සුන් තත්වයක් තිබුණා‘ යැයි ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (31) යාපනයේදී පැවසීය.
යාපනය කීරමලෙයි ප‍්‍රදේශයේදි යුධ හමුදා ශ‍්‍රම දායකත්වය යටතේ ඉ`දිකළ නිවාස 100 ක් ජනතා අයිතියට පැවරීම හා ආරක්ෂක අංශ සතු ඉඩම් කොටසක් ජනතාව වෙත නැවත පැවරීමේ වැඩසටහන් අවස්ථාවකට එක්වෙමින් ජනාධිපතිවරයා එසේ කීය.
‘යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් තම සහෝදර සිසුන්ගේ මරණය සම්බන්ධයෙන් කම්පාවට පත්වුණා. හුගාක් නොසන්සුන් තත්වයක් ඇතිවුණා. ඔවුන්ට ඇති වු වේදනාව හා කණගාටුව අපි සියලු දෙනාටම ඇති වුණා. ඒ උද්ඝෝෂණ සහ නොසන්සුන්තා, විරෝධතා ඇතිවීම සාධාරණයි කියලා මම විශ්වාස කරනවා. එවැනි සිද්ධියක් වුණානම් උතුරේ පමණක් නොවෙයි, එවැනි සිද්ධියක් දකුණේ වුණානම් රුහුණු විශ්ව විද්‍යාලයේ මීටත් වඩා දකුණ නොසන්සුන් වෙයි කියලා මම හිතනවා‘ යැයි ද ජනපති කීය.
වැඩසටහන් අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවේයි සේනාධිරාජා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - ප්‍රදීප් පතිරණ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයනම් ලකුණු ලබාගැනීමේ අටියෙන් ප්‍රකාශකළ දේශපාලන මතයක් හැටියටයි මමනම් දකින්නේ. (බ)
අක්කර ගණන් හිස් ඉඩම්, මුඩු ඉඩම් තියෙනකොට මහා වනාන්තර කපලා ඒවායේ මිනිස්සු පදිංචි කරන්නේ ඇයිද යන්න අපිට ප්‍රශ්නයක්. (නි)
උතුරේ විරෝධතා ඇතිවීම සාධාරණයි. මොකද එහෙ විතරයි ප්‍රශ්න තියෙන්නේ. අනික් ප්‍රදේශ වල එහෙ තියන ප්‍රශ්න නැහැ. කටට මසුරන් දැමිය යුතුයි. (නි)
මම එ්ත් පුදුමවුණා මොකද අර අහවල් නෝනා නැත්තේ කියලා මුලින් පින්තූර වල. ඒත් පස්සේ පුදුමය නැතිවුණා අවසන් ඡායාරූප ටික බලද්දී (නි)
සිය දහස් ගණන් දකුණේ මිනිස්සු, මායිම් ගම්මාන වල අසරණ මිනිස්සු කොටි කපලා, බෝම්බ ගහලා මරාදාද්දි දකුණේ මිනිසුන්ටත් කොච්චර වේදනාවක් ඇති වෙන්න ඇද්ද කියන එකත් මතකයේ තියා ඉන්න මහත්වරුනි. දැන් ඒවා ඔක්කොම අමතක වෙලා දකුණ ජාතිවාදියෝ වෙලා, උතුර සංහිඳිවාදියෝ වෙලානේ. (නි)
ගෙවල් අහිමිවුණ අයට ගෙවල් දෙන්න. ඒක බොහොම හොඳයි. එ්ත් හමුදා කඳවුරු ඉවත් කර කර ඒ තැන්වලම දෙන්න ඕනෑද? තියන කඳවුරු කිහිපය වටේට ගෙවල් දෙන්න ඕනෑද? ඇයි වෙන තැන්වලින් ගෙවල් නොදෙන්නේ? (නි)
දකුණේ විරෝධතා ඇතිවීම නම් අසාධාරණයි! (නි)
එතකොට පන්සල්, බුදුපිළිම කඩනකොට විරෝධතා ඇතිවීම අසාධාරණද (නි)
අපි හැමෝම දන්නවා යහපාලනයට උතුරේ ජනතාව ඡන්දය දුන්නේ මොකද කියලා. ඔවුන්ගේ ප්‍රශ්න වලට අපක්ෂපාතීව සිටීම තමා වැදගත් වෙන්නේ. (නි)
මට නම් පෙනෙන්නේ අපේ ලොක්කත් නොබෙල් සාම තෑග්ගකට අර අඳිනවා වගේ. අපිට නම් අන්දන්න හදන්න එපා. (බ)
වැඩි දෙනෙක් මේකට අදහස් පළකරලා තියෙන්නේ අපේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය සම්පුර්ණයෙන් කියවලා නැතුව වගේ. (නි)
එතකොට දකුණේ විරෝධතා ඇතිවීම අසාධාරණයිද? (නි)
සංහිඳියාව නැඟලම යන බව පෙනෙනවා දැන් වෙන ඒවා දැක්කම. (නි)
තව ටික දවසකින් ත්‍රස්තවාදය ඇතිවීමත් සාධාරණයි කියලා සමහරු කියන්න බැරි නැහැ. (නි)
උතුරේ ඉන්නෙත් මිනිස්සු කියලා ඔබ ජනාධිපති වෙන්නත් කලින් රටේ ජනතාව දැන හිටිය නිසා තමයි රටේ බහුතරය වූ සිංහල මිනිසුන්ව අමු අමුවේ කපා කොටා දානකොට, බිලිඳු දරුවන්ව ගස් වල ගහලා මරා දානකොට දකුණේ ඉන්න දෙමළ මිනිසුන්ව සමුල ඝාතනය නොකර හිටියේ. පිටවන වචන වල වන්දිය නැවත සැරයක් ගෙවන්න වෙන්නේ වසර 30ක් තිස්සේ බැට කෑ බහුතරය වූ සිංහල ජනතාවට බවත් අමතක කරන්න එපා. ජාතිය වර්ගය කුමක් වුවත්, හිංසාව මුල්කරගත් ප්‍රකෝපකාරී ආවේගයන් මොනම අන්දමකින්වත් සාධාරණීකරණය නොකළ යුතුයි (නි)
නියම දේශපාලන කතාවක්. හැබැයි හැටේ දශකයේදී කිව්වා නම් මිනිස්සු මෙය පිළිගනීවි. ටිකක් යාවත්කාලීන වෙන්න බැලුවොත් නේද හොඳ (නි)
මේ කතා කියලා අහිංසක දෙමළ ජනතාව බිල්ලට දෙන්න එපා. මනුස්සත්වය කියන්නේ ඉතා වටිනා දෙයක්. නොමිනිසුන්ට සළකන හැටි කවුරුත් දන්නවා. එය ලෝකේ කොහෙත් තියන දෙයක්. (නි)
තව ටික දවසක් යද්දී ප්‍රභාකරන් මරපු එකත් වැරදියි කියන්න අය ඉඳියි (නි)
එතකොට උතුරේ තියෙන ආයතන වලින් සිංහලයින්ට අයින් වෙන්න කියන එකත් සංහිඳියාවද? එ්කට දකුණේ ලොකු විරෝධයක් දක්වන්න තරහ අවසර දෙනවද? (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
ලංකාව සිංහල රටක් නොවී ඉස්සරහටත් ඔය වගේ දේවල් වෙයි. කියන දේ හරියට තේරුම් ගන්න එක මවු භාෂාවක් ඕනෑ. (නි)
ඔය වචන ටික නම් මදි වෙයි ඊළඟ ඡන්දයේදී ද්‍රවිඩ ඡන්ද ගන්න. තව ගොඩක් ඕනෑ. 13 ෆෙඩරල් විසඳුම, උතුරු පළාත් මුදල් ඉඩම් පාලනය, හමුදා ඉවත් කිරීම වගේ ඒවා. (නි)
තේරෙනවා නේද දැන් රටට සිද්ධවෙන්න යන දේ. (නි)
ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන්, මෙවැනි සිද්ධි වලදී මිනිස්සු නැගීසිටීම සාධාරණයි කියලා. වගකීම තමයි එහෙම නොවෙන විදියට වැඩකිරීම. දැන් නියපොත්තෙන් කඩන්න තිබුණු දේ පොරවෙන් කපන තත්වයට පත්වෙලා. දැන්ම පොරවෙන් හරි කැපුවේ නැත්නම් 2009 ට කලින් තිබුණු තත්වයට රට පත්වේවි (නි)
මේ ඔක්කොම බටහිරයන්ගේ ආධාර ලබාගන්නයි, ඔවුන්ගේ රටවල සමාගම් වලට මෙහෙ ආයෝජනය කරන්න සුදුසුයි කියලා පෙන්වන්යි, ණය ලබාගෙන ආර්ථිකයට පැලැස්තර අළවාගන්නයි මිස වෙන මොනවාටද? පිටරට වල ආධාර නැතුව කිසිවක් කරන්න බැරි අපට වෙන කාගේ පිහිටද? (නි)
යුද්ධය කළේ අපරාදේ, ඊළම දුන්නා නම් හරි කියලා කවුරුහරි කිවුවත් මම නම් පුදුමවෙන්නේ නැහැ (නි)
වර්තමාන පාලනයේ මොන දුර්වලකම තිබුනත් පළිගැනීම පිළිකෙව් කරන පුද්ගලයෙක් මුල් පුටුවේ සිටීම සතුටක් (නි)
මොනවා කියන්නද කියලා තේරෙන්නෙ නැහැ මට (නි)
උතුරේ හෝ දකුණේ හෝ කොහේහරි සාධාරණ හේතුවක්, ප්‍රශ්නයක් හමුවේ විරෝධය පෑම සාධාරණයි කියලා කිව්වා නම් තමයි හරි, මට හිතෙන විදිහට. (නි)
ඇත්තටම අපි නම් දැන් පුදුමාකාර කළකිරීමකින් ජීවත්වෙන්නේ (නි)
අනේ මන්දා...! දකුණේ කිසිම ප්‍රශ්නයක් නැති එක ගැන සතුටුයි (නි)
පොලිසියට සාදාරන පරීක්ෂණ කරන්නේ ජනපති නියෝග දුන්නොත් විතරද. නැත්නම් පොලිසිය සාදාරන පරීක්ෂණ කරන්නේ නැහැ කියන එක නේද කියන්නේ.(හේ)
සංහිඳියාව කියලා කියන්න හදන්නේ උතුරට ස්වයං පාලනය දීමද? ඊටපස්සේ ඇතිවන අර්බුද ගැන සිතුවාද? මෙහෙම ගිහින් සිංහලයාට රට අහිමිවේද? (නි)
තමන්ගේ ජාතිය කරන සියළු උද්ඝෝෂණ, විප්ලව අසාධාරන හැටියට දකින්නත්, උතුරේ කරන සෑම උද්ඝෝෂණයක්ම සාධාරනීකරණය කරන්නත් අපිම පත්කළ නායකයෝ කටයුතුකිරීම අපේ ජාතියේ හා සිංහලයාගේ අභාග්‍යයම තමයි (නි)
උතුරේ උද්ඝෝෂණ සේරම සාධාරන නම්,ඒවාගැන දුක හිතෙනවනම්, ඇයි දකුණේ කොල්ලෝ, මිනිස්සු කරන උද්ගෝෂණ සාදාරණයි කියල හිතෙන්නේ නැත්තේ? ඇයි ඒවාට කඳුළු ගෑස් , ජලප්‍රහාර බැටන් පොලු ප්‍රහාර දෙන්නේ?(බ)
වෙලාවකට මෙතුමා ගැන අපිට තේරුම්ගන්න අමාරුයි (නි)
අපේ වගකිවයුත්තන් පත්තරය බැලුවොත් දකීවි අපේ ආබාධිත රණවිරුවෝ විශ්‍රාම වැටුප් ඉල්ලලා කොටුවේ පාරේ වාඩිවෙලා ඉන්න හැටි. ඒකත් සාධාරණ විරෝධතාවක්ද? (නි)
මොනවා...? එතකොට අපිද වැරදි? (නි)