විපක්ෂ නායක ආර්. සම්බන්දන් හා උතුරු මහ ඇමති සී.වී. විග්නේෂවරන් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර වෙනම රාජ්‍යයක් නිර්මාණය කළ යුතු බවට කළැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිස්පතිට පැමිණිලි කිරීමට සිහල රාවය හා බොදුබල සේවා සංවිධානය කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණියේය.
සිහල රාවයේ කැඳවුම්කරු මාගල්කන්දේ සුදන්ත හිමියන් ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි රටේ ස්වෛරීත්වයට, භෞමික අඛණ්ඩතාවයට පටහැනි රටේ බෙදුම්වාදී අරගල නිර්මාණය විය හැකි මෙම ප්‍රකාශ ගැන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඔවුන් පිළිබඳ විමර්ශන ආරම්භ කරන ලෙසත් පොලිස්පතිට කරුණු ඉදිරිපත් කළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණිල්ල වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගනීද?(හේ)
විග්නේස්වාරන් නීතිවේදියෙක් හැටියට මේ ගැන පැහැදිලි කරන්න ඕනේ (හේ)
හා හා සහජීවනේ කැඩෙයි. අන්තවදියෝ වෙලා ජාතිවදේ අවුස්සන්නද හදන්නේ? (ර)
යහපාලනයනේ වැඩි පිරිසකට ඕනෑ වුණේ. දැන් ලෙඩා මළත් බඩ සුද්දයිනේ, ඒ ඇති. (නි)
අපොයි සහජීවනය කැඩෙයි. කමක් නැහැ. අපමණ අගය ලැබෙනවානේ (නි)
මේ ගැන අපේ ජනාධිපතිතුමා මොකක්ද දරන අදහස? (නි)
අලුත් පොලිස්පතිතුමා මේ ගැන ඉක්මන් විසඳුමක් දෙයි කියලා අපි හිතනවා (නි)
සහජීවනයට බාධා කරලා නැති ප්‍රශ්න ඇතිකර ගන්න එපා (නි)
ඔන්න පොලිස්පතිතුමනි වීරකම පෙන්වන්න වෙලාව. මේ රටේ කාටවත් රට දෙකඩ කරන ප්‍රකාශ කරන්න බැහැ. පුළුවන් නම් නීතිය ක්‍රියාත්මක කරලා පෙන්වන්න. (නි)
ෆෙඩරල් කියන්නේ රටක් බෙදලා ස්වෛරීභාවය නැතිකරනවා කියන එක නම්, ෆෙඩරල් ක්‍රමවේදයන් තියෙන ඇමෙරිකාව, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව වගේ රටවලුත් ස්වෛරීභාවයක් නැති බෙදුන රටවල්ද? (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
පෙරේරා කියන කෙනා සිංහලයෙක් නෙමෙයි වගේ. ඒක මුලන්ම හිතන්න (නි)
පෙරේරා මහතාට හෝ මහත්මියට, ඔබ දන්නවද ඇමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව වගේ රටවල් භුමි ප්‍රමාණයෙන් ඉතා විශාලයි. ඒවාට ෆෙඩරල් ක්‍රම නැතුව පාලනය කරන්න බැහැ. ලංකාව ලෝකයේ තියෙන පුංචිම රටක්. ජනගහණය අනුව බැලුවත් ෆෙඩරල් ක්‍රමය ලංකාවට ගැළපෙන්නේ නැ. රටට ගැළපෙන ක්‍රමයක් තමයි අපි (සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් සහ අනෙකුත් අය ඔක්කොම එකට එකතුව) අමාරුවෙන් හරි සෙවිය යුත්තේ! (නි)
පෙරේරාගේ මොළය තියෙන්නේ කොහේද? ඒ රට වල ෆෙඩරල් ක්‍රමය ගොඩනැගිලා තියෙන්නේ රටේ භෞමික පිහිටීම මත මිසක් අයිති ජාතිය හෝ කතා කරන භාෂාව අනුව නොවෙයි. ඒ මිනිස්සු මිනීමරලා ඇති කරපු දෙයක් නෙවෙයි ඒක. අපේ රටේ වුණ දේවල් ටිකක් සිහියට ගන්න. (නි)
පෙරේරාගේ මොළය තියෙන්නේ කොහේද? ඉන්දු, අනේ මට එ්ක කියන්න මොකක්ද මොකක්ද වාගේ. ඔය වගේ මිනිස්සු හිතන්නේ බොහොම ටික දුරක් එහාට. මේවගේ අය තමයි බස් එකේ සීට් එක ටිකක් ඉඩ දීලා මුළු සීට් එකම නැති කරගන්නේ. (නි)
පැමිණිලි කළා කියලා වැඩක් වෙයිද?(හේ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (හේ)