ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම සඳහා උතුරු පළාත් සභාව විසින් සම්මත කැර ගත් යෝජනාවට විරෝධය පළ කිරීමේ යෝජනාවක් බස්නාහිර පළාත් සභාවේදී අද (18) ඒකමතිකව සම්මත විය.
උතුරු,නැගෙනහිර දෙමළ ජාතිකයින් සමුල ඝාතනය වු බවටත් උතුරට වෙනම ස්වයං පාලනයක් අවශ්‍ය බවටත් සඳහන් කරමින් උතුරු පළාත් සභාව පසුගියදා සම්මත කරගත් යෝජනාවට විරෝධය පළ කිරීමේ යෝජනාව බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සිසිර ජයකොඩි මහතා විසින් ඉදිරිපත් කළ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතා එය ස්ථිර කළේය.
පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව ඇතිව මෙම යෝජනාව ඒකමතිකව සභා සම්මත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා ඔක්කෝම එකතු වුණා නම් ලොකු දෙයක් (අ)
ඕක තමයි ඡන්දෙට ඉස්සෙල්ල අපි කිවේ. (හේ)
ඔය යෝජනාව සම්මත වුණා කියලා මොකද වෙන්නේ.(හේ)
සුමුදු ඒකනේ මාස 6ක් කල් දැම්මේ (බ)
රට බෙදන ඕනෑම යෝජනාවකට පොදු ජනතාව විරුද්දයි ...(අ)
මේ වගේ වෙලාවකදී සිංහලයෝ එකතුවුණ එකම ලොකු දෙයක් (නි)
පක්ෂ විපක්ෂ සියලු දෙනාම එක්විය යුතු වෙලාවක්! (නි)
යුධ අපරාධ වෙලා නෑමයි කියන්න පුලුවන්ද ? මේවා ගැන දේශීය පරීක්ෂණයක් තියලා හමුදාවේ වගකිව යුත්තන්ට දඩුවම් දිය යුතුයි. (නදී)
යුද්දේ ඉවර වුණාට ප්‍රශ්නේ තවම තියෙනවා වගේ.(දිල්)
සමීර, පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව ඇතිව මෙම යෝජනාව ඒකමතිකව සභා සම්මත වෙලා තියෙන්නේ.. ඒ කියන්නේ බස්නාහිර පළාත් සභාවේ ඉන්න සියලුම සිංහල, දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි අය එකතුවෙලා මෙම යෝජනාව සම්මත කරගෙන තියෙන්නේ... මේක තමයි සංහිඳියාව...(හේ)