මෙරට මුහුදු සීමාවේ දින 80ක කාලයක් පමණක් මසුන් මැරීමට අවසර දෙන්නැයි තමිල්නාඩ්වේ රාමේෂ්වරම් ධීවර සංගමය ඉල්ලයි.
එසේ එම ඉල්ලීම ඉටු කර දෙන්නේ නම් කිසිදු ඉන්දීය ධීවරයෙකු මෙරට මුහුදු සීමාවට ඇතුලු නොවන බවද එම සංගමය සදහන් කරයි.
කච්චතීව් අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික උත්සවය සදහා පැමිණ සිටි රාමේෂ්වරම් ධීවර සංගමයේ නායක එමරිඩ් උතුරේ මාධ්‍යට මේ බව සදහන් කර ඇත.
ඉන්දු ලංකා ධීවර ගැටළුවට ස්ථීරවිසදුම් ගෙන ඒමට මේ දක්වා දෙරටේම රජයන් හට නොහැකි වී ඇති බවත් එමරිඩ් සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි ශෝක් තව ටික දවසකින් ඉල්ලයි තව තව ඒවා අපි හොරෙන් එන්නේ නැහැ කියලා. (ර)
කිසිම හේතුවකටවත් දෙන්න නරකයි. (ර)
මෙන්න යකෝ, මාර වැඩක්නේ මේක. (හේ)
ඔටුවා කූඩාරමට රිංගන්න කලිනුත් ඔය ටික කිව්වලු. (ර)
අපේ රටේ ස්වාධීනත්වයට අත ගැසීමට ඇමරිකාව යුරෝපය සහ ඉන්දියාව? අපි කොච්චර අහිංසක ජාතියක්ද යන්නත් මින් හැගෙන්නේ නැතිද? මේ සදහා අපිම නැවත පිළිතුරක් සෙවීමට කාලය ඇවිත් බවයි මටනම් පෙනේනේ. (ර)
මෙය කොහොමත් කල හැකි දෙයක් නොවේ. (ර)
දින 80 කට මාලු අල්ලන්නේ ලංකාවේ මුහුදු සීමාවේ නේ ඉතින් පස්සේ කියනවා ලංකාවේ සීමාව උල්ලංගනය කරන්නේ නැහැලු. (ර)
අනේ ඕකට කැමති වෙන්න. මොකද අපේ රටේ අයගේ රක්ෂා ප්‍රශ්නය වගේද ඉන්දියාවේ රැකියා ප්‍රශ්නය. (ර)
අපිටත් ඉල්ලන්න තියෙන්නේ දින 80ක් එයාලගේ සීමාවෙන්. (ර)
මොනම ලෙසකින්වත් ඉන්දියානුවන්ට එකම දිනයක්වත් දෙන්න එපා.පාලන හදන්න එපා.වෙළද සම්මුති ගහන්න එපා.(හේ)
මුහුදේ ඉන්න මාලුන්ට දේශ සීමා සටන් නැතිඋනාට ඒ මාලු අල්ලන මිනිස්සු මුහුද බෙදා ගන්නත් සටනේ. මුහුදේ ඉන්න මාලුන්ම තමයි ආදර්ශයට ගන්න තියෙන්නේ. (ර)
අපිට දින 80 ඉන්දියාවෙන් දෙනවද? (ර)
මාර ඉල්ලිම්නේ ඉල්ලන්නේ. (ර)
පොඩ්ඩක් ඉවසන්න මහත්තයෝ... "එට්කා" අත්සන් කරනකල්...(ම)
එහෙම කොහොමද දෙන්නේ. (ර)