උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා ඉකුත් දිනෙක කළැයි කියන ජාතිවාදි ප්‍රකාශ හෙළා දැකිය යුතු බවට බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් වූ යෝජනාව අද (4) ඒකමතිකව සම්මත විය.
සී වී විග්නේෂ්වරන් මහතා පසුගිය දිනෙක ජාතිවාදී ප්‍රකාශ කළ බවත් එම ප්‍රකාශ පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බවටත් පවසමින් බස්නාහිර පළාත් එජනිස මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතා එම යෝජනාව ඉදිරිපත් ළේය.
එම යෝජනාව සඳහා සාකච්ඡාවට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා රීති අත්හිටුවීමේ යෝජනාවක් ඉදිරිපත් වූ අතර රීති අත්හිටුවමින් මෙලෙස යෝජනාවක් ගෙන ආ විට එය මාස හයක් යනතෙක් සාකච්ඡා නොකළ හැකි බව පවසමින් බස්නාහිර පළාත් ජවිපෙ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ප්‍රථමයෙන්ම රීති අත්හිටුවීමේ යෝජනාවට විරුද්ධ විය. සී.වී විග්නේෂ්වරන් මහතා තමා ජාතිවාදි ප්‍රකාශ නොකළ බවත් ඔහු ඒ සම්බන්ධයෙන් නිවැරැදි කිරීමක් කර ඇති බැවිනුත් මෙවැනි යෝජනාවක් ගෙන ඒම හෝ එවැන්නක් සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නැතැයි පවසමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක බස්නාහිර පළාත් එජාප මන්ත්‍රී යූ. ජෝර්ජ් පෙරේරා මහතා රීති අත්හිටුවීමේ යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කළේය.
ඒ අනුව මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතාගේ යෝජනාව සාකච්ඡාව ගැනීම තීරණය කිරීමට පෙර රීති අත්හිටුවීමේ යෝජනාවට ඡන්ද විමසීමක් පැවැත්වුණි. ඡන්ද විමසීමේදී රීති අත්හිටුවීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 38ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 30ක් ලැබුණි. ඒ අනුව මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතාගේ යෝජනාව සාකච්ඡාවට ගැනීම සඳහා අවශ්‍ය රීති අත්හිටුවීමේ යෝජනාව සම්මත විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරු රීති අත්හිටුවීමේ යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිත කළහ. රීති අත්හිටුවීමේ යෝජනාව සම්මත වූ පසු එක්සත් ජාතික පක්ෂයේ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරු සභාවෙන් පිටව ගිය අතර මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතාගේ යෝජනාව සාකච්ඡාවට ගැනුණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු විවාදයට එක්වූහ. විවාදයෙන් පසු ඡන්ද විමසීමක් නොපැවැත්වුණු අතර මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතාගේ යෝජනාව ඒකමතිකව සම්මත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර උගත් යැයි කියාගන්නා මොහුට ලැජ්ජාවක් තිබේ නම්, ඉක්මනින්ම කළයුතු දෙයක් තිබෙනවා. එනම්, මුළු ලෝකය පුරාම විදුලි වේගයෙන් පැතිරී ගිය ඔහුගේ ජාතිවාදී ප්‍රකාශ පළකළ සියළුම විද්‍යුත් හා මුද්‍රිත ජාල ප්‍රකාශකයින්ද ගෙන්වා, ප්‍රසිද්ධියේ ශ්‍රී ලංකා රජයෙන් සමාව අයැද සිටීමයි (නි)
නන්දලාල් ද සිල්වා, සමාව ගත්තට වැඩක් නැහැ එයාගේ සිත ඇතුළත ඔය අදහස පැලපදියම් වෙලා තිබෙන නිසා. ඕක එයා ළඟ විතරක් නොවෙයි එයාලගේ මුළු ජාතියේම තිබෙනවා. වෙනම රාජ්‍යයක් ලැබෙනවානම් මොන ජාතියද අකමැති? (නි)
අනේ යන්න නන්දලාල් මහත්තයෝ, අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ගම්මන්පිල වැනි මහත්තුරු එතුමාගේ ප්‍රකාශය කිසිවිටෙකත් හෙළාදැක නැහැ. එ්ක ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ප්‍රකාශයක් යැයි සඳහනක්වත් කරලා නැහැ. සමහරවිට විග්නේශ්වරන් දේශප්‍රේමි නායකයෙක් වෙන්න ඇති. (නි)