උතුරු නැගෙනහිර පෙඩරල් පාලන ක්‍රමයක් ඇති කිරිමට මැදිහත් වන මෙන් ඉන්දීය නායකයින්ගෙන් ඉල්ලා සිටි බව උතුරු මහ ඇමැති සී.වී.විග්නේස්වරන් මහතා යාපනයේ දී පැවසුවේය.
ඉන්දියාවේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට උතුරු පළාතෙන් ගිය විද්වතුන් පිරිසක් පෙරදින (28) ආපසු පැමිණීමෙන් පසුව ඔවුන් පිළිගැනීම පිණිස යාපනය ඉන්දීය උප තානාපති කාර්යාලයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.
‘දෙමළ ජනතාව දේශපාලන වශයෙන් ඉතාම භීෂණකාරී වටපිටාවක ජීවත් වූ අවස්ථාවේදී ඔවුන් බේරාගැනීමට ඉන්දියාව මැදිහත් වුණා. මේ අවස්ථාවේදී ද ඉන්දියාව මීට මැදිහත් වන බව මම විශ්වාස කරනවා.
‘ශ්‍රී ලංකා රජය එදා දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි තල්ලු වූයේ ඉන්දීය රජයේ බලපෑම නිසා. එහි ප්‍රතිළුලයක් වශයෙන් බලතල රහිතව හෝ උතුරු නැගෙනහිර පළාත් දෙකට පළාත් සභා දෙකක් ලැබුණා.’
‘යුද්ධය හමාර වීමෙන් පසුව දෙමළ ජනතාව යළිත් වරක් දේශපාලන කුණාටුවකට හසුවී සිටිනවා. මේ නිසා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට දේශපාලනමය විසදුමක් වශයෙන් ඇත්තේ පෙඩරල් විසදුමක් පමණක් බව ඉන්දියාව තේරුම් ගෙන තියනවා’යැයි ඔහු කීවේය.
![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/0113.jpg)

![IMG_8809[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_88091.jpg)
![IMG_8890[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_88901.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික කලයයි මහින්ද මහත්තයාගේ අගය තෙරෙයි ඉවසමු. (ර)
කොයි වෙලාවක හරි මේ ගොල්ලෝ එකතු වෙලා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් කොළබට එල්ල කරලා අයෙත් අපේ ජනජීවිතය අවුල් කරනකම් යහපාලන කට්ටිය රාජපක්ෂලගේ රත්තරන් හොයයි බින්කුන්ඩෝ වගේ ලංකාවම හාර හාර (කෞ)
මේවගේ කට්ටිය හින්ද තමයි රටට හරියන්නේ නැත්තේ ,කරුණාකරලා මිනුස්සුන්ට නිදහසේ සාමයෙන් ඉන්න දෙන්න (කෞ)
තව ටිකයිනේ දෙන්න තියෙන්නේ. ඔන්න ඔහේ එකත් දීල දැම්මනම් ඉවරයි. (බ)
ඔබතුමා ඉන්දියාවට ගිහින් පදිංචි වෙන්න. තමිල්නාඩුවේ ඕන තරම් ඉඩ තියෙනවා. එහෙට ඔය පෙඩරල් ඉල්ලන්න. "ඔබතුමා " කිව්වේ තාමත් මනුස්සකම තියෙන නිසා. නැත්තම් වෙන වචනත් තියනවා. ඉවසන් ඉන්නවා. (බ)
තව ටිකයි ඔහොම යං. ඉන්න ඉන්න අපේ යහපාලනය ඔයාලට ඔක්කොම දෙනවා. (බ)
එන පොට හොඳ නැහැ. මුලින්ම කළ යුත්තේ පළාත් සබා ගැන තීරණයක් ගැනීමයි. ඊළඟට පළාත් පාලන ආයතන සවිමත් කළ යුතුයි. අපේ සල්ලි රට දියුණුවට මිස යුද්දවලට නොයෙදිය යුතුයි. (බ)
එදා යුද්ද කරලා ඉල්ලපු එක අද ලේසියෙන්ම ගන්න හදන්නේ.. කොහොමත් මෙයාල ගැන ඉන්දියාවට හොදට තේරෙනවා කියන එක පේනවා දැන් ඉන්න යහපාලුවෝ කරන වැඩ එක්ක (බ)
මේකට මඩු වලිගෙන් ගහන්න එකෙක් නැහැනේ!(කෞ)
කෝ අනේ තිලක්. (ර)
මෙයාගේ ඉල්ලීම් ඉන්දියාවෙන් ඉල්ලුවානම් තමා හොද (බ)
අපි ඉන්නේ ඉන්දියාවේද නැත්නම් ලංකාවේද (බ)
එ්කෙන් තේරෙන්නේ අපේ රට පාලනය කරන්නේ ඉන්දියාව කියන එක නේද ?? (බ)
අනේ මහත්තයෝ ඔන්න ඔහේ ඕකත් දීල දාමු! අපිට ඔය ඉන්දියාවේවත් ගිහින් පදිංචි වෙන්න බැරියැ එක්ටා එක ගැහුවට පස්සේ! (අ)
ඉන්දියාවෙන්ම කොටසක් ඉල්ලුවා නම් ඉවරයි. (ම)
ටිකක් ඉවසන්න මිනිස්සුනේ.. යෝශිතගේ සහ නාමල්ගේ ප්‍රශ්නය මීට වඩා වැදගත්..(අ)
මේ සිංහල මිනිසුන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැනේ. ඒ මිනිස්සු ඉල්ලන්නේ දෙමළ ජනතාව පාලනය කරන වෙනම රටක්. ඒ මිනිස්සු ඉන්දියාවෙන් කොහමද ඉල්ලන්නේ? තමිල්නාඩුව කියන්නේ ඉන්දියාවේ කොටසක් විතරයි. රටක් නෙමෙයිනේ. (නි)
ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය, ඉන්දියාව වගේ රටවලත් තියෙන්නේ ෆෙඩරල් ආණ්ඩුක්‍රම. ඒකේ වරදක් මට පෙනෙන්නේ නැහැ. (නි)
පෙඩරල් වගේ පාලනයක් හොඳයි ඉන්දියාව වගේ විශාල බුමියක් හා ජනගහනයක් ඇති රටකට. මේ ඇල්ලක් වගේ තියෙන පුංචි රටට මොන පෙඩරල් ද මහත්තයෝ. රටම ගිනිගත් යුද්ධයේ ගිනි දළු නිවීගිය මේ රටට දැන් ඕනි සාධාරණ සමාජයක්. සැම පුරවැසියෙකුටම සමානව සලකන අයිතීන් බුක්තිවිඳීය හැකි යුක්ති සහගත සමාජයක්. ඉල්ලන පෙඩරල් හෝ වෙනයම් පාලනයකින් වෙන්නේ දකුණේ වගේම උතුරේ මිනිසුන් උතුරේ මිනිසුන්වද පෙලන ඊනියා පාලකයන් පිරිසක් බිහිවීම පමණයි. රට නැවතා ගිනි තියන්න එපා. සිංහල ,දමිල, මුස්ලිම් බර්ගර් ,මැලේ ආදී ශ්‍රීලාංකික අපි සැමට එකට ජිවත්විය හැකි රටක් වෙනුවෙන් ඔබේ සිංහල දමිල හා ඉංග්‍රීසි භාෂා දැනුම යොදාගෙන වැඩ පටන්ගන්න. ඔබට උවත් මේ රටේ ජනාධිපති වියහැකි රටක් බවට පත් කරගන්න සමාජ ගතවෙන්න. කධිරගාමර් මහත්මයාල වගේ වෙන්න. (ර)
තමිල්නාඩුවේ ජයලලිතා ආච්චිගේ ලෙඩේ මෙයාටත් බෝවෙලා වගෙයි. අපේ රට නිදහස්, ස්වෛරී රාජ්‍යයක් බව, උගත් යයි කියන මේ පුද්ගලයාට අමතක වෙලා වගෙයි(කෞ)