උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් කිරීමට එම සන්ධානයේම පිරිසක් යෝජනාවක් ගෙන ඒමට යතියි දේශපාලන ආරංචි කියයි.

දෙමළ ජාතික සන්ධානය යටතේ පාලනය වන උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරය දරමින් වෙනත් පෙරමුණක් පිහිටුවා ගැනීම නිසා එම යෝජනාව ගෙන ඒමට යතියි දැනගන්නට තිබේ.

මෙම යෝජනාව සම්බන්ධයෙන් ඊපීආර්එල්එෆ් පක්ෂය කියනුයේ එය පොදු තීන්දුවක් නොවන ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ තනි තීන්දුවක් බවයි.

දෙමළ ජාතික සන්ධානය ගොඩනැඟී ඇත්තේ පක්ෂ කිහිපයක එකතුවෙනි.

විග්නේෂ්වරන්ගේ වැඩ ගැන ඉතා සෝදිසියෙන් සිටින්නේ යැයි විපක්ෂ නායක ආර් සම්බන්දන් පැවසීයැයිය ද මාධ්‍ය වාර්තා කළේය.