උතුරු මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වීම සඳහා දකුණේ ධීවරයන්ට ධීවර බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
උතුරු මුහුදේ සංක්‍රමණික ධීවර ගැටලුවට විසඳුමක් වශයෙන් මෙලෙස අලුතින් ධීවර බලපත්‍ර නිකුත් කිරීම නවතා දමන්නැයි ඇමැති දන්වා තිබේ.
සංක්‍රමණික ධීවර ගැටළුව සාකච්ඡා කිරීම සඳහා ධීවර අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.
සංක්‍රමණික ගැටළුව නිසා උතුරේ ධීවරයන් බරපතල අර්බුදයකට මුහුණ පා සිටින බව එම සාකච්ඡාවට සහභාගී වූ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා ද පෙන්වා දුන්නේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.