උතුරු මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වීම සඳහා දකුණේ ධීවරයන්ට ධීවර බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
උතුරු මුහුදේ සංක්‍රමණික ධීවර ගැටලුවට විසඳුමක් වශයෙන් මෙලෙස අලුතින් ධීවර බලපත්‍ර නිකුත් කිරීම නවතා දමන්නැයි ඇමැති දන්වා තිබේ.
සංක්‍රමණික ධීවර ගැටළුව සාකච්ඡා කිරීම සඳහා ධීවර අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.
සංක්‍රමණික ගැටළුව නිසා උතුරේ ධීවරයන් බරපතල අර්බුදයකට මුහුණ පා සිටින බව එම සාකච්ඡාවට සහභාගී වූ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා ද පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තීරණය වැරදියි. වසර ගණනාවක සිට හලාවත - මීගමුව ධීවරයින් තමන්ෙග් ප්‍රදේශ වල වාරකන් කාලයට නැගනහිරට සහ උතුරේ මුලතිව් ප්‍රදේශයට ගිහින් වාඩි ගහගෙන මුහුදු රස්සාව කරනවා. බද්දක් අය කළාට කමක් නැහැ. තහනම් නොකළ යුතුයි. (නි)
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සිද්ධ වෙන දෙයකි (හේ)
එතකොට උතුරේ අයට දකුණට එන්නත් අවසර දෙන්නේ නැද්ද. නැතම් සේරම තහංචි දකුණට විතරද?(හේ)
එතකොට උතුරේ අයට දකුණට එන්නත් අවසර දෙන්නේ නැද්ද. නැතම් සේරම තහංචි දකුණට විතරද? (ර)
අපි තව ටිකක් බලමු අදහස් ප්‍රකාශ කරන්න පෙර. (ර)
ගණන් ගන්න එපා... (ර)
සංක්‍රමණික කියන්නේ දකුණෙන් උතුරට යන එකද? උතුර දකුණ කියන්නේ රටවල් දෙකක්ද? (නි)
ශ්‍රී ලංකික ධීවර කාර්මිකයින්ට ශ්‍රී ලකාවට අයිති සාගරයේ සෑම ස්ථානයකම නිදහසේ ඔවුන්ගේ ධීවර කටයුතු කරගෙන යාමට අවැසි නීතිමය ආරක්ෂාව සහ පහසුකම් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පෙනීසිටින රජයක්නම් වහාම ක්‍රියාත්මක කළයුතු වනවා ඇත (නි)
යුධ ගැටුම් හේතුවෙන් උතුර නැගෙනහිරෙන් අවතැන්වී ත්‍රස්තවාදීන්ගෙන් නොමැරී බේරී පැමිණි ධීවර කාර්මිකයින් දකුණ, බස්නාහිර පළාත්වල ජීවත්වෙමින් ඔවුන්ගේ ධීවර කටයුතු සඳහා උතුරු නැගෙනහිරට මුහුදු මාර්ගයෙන් ගොස් එම කටයුතු සිදුකරමින් දේශයට බරක් නොවී ඔවුන්ගේ පවුල් නඩත්තු කරයි. ධීවර අමාත්‍යංශයේ වගකිවයුතු නිලධරයින් විසින් මේ කරුණු තේරුම්ගෙන ඔවුන්ට අවැසි ආරක්ෂාව සහ පහසුකම් තවදුරටත් ලබාදෙමින් ඔවුන් දිරිමත් කළයුතුයි (නි)
යහපාලනයේ හැටි මේකයි ළමයිනේ. ඡන්දය දුන් ධීවරයිනේ, ඔබට දැන් සනීපද? (නි)
ඕකට තමයි ළමයිනේ කියන්නේ සංහිඳියාව කියලා. (නි)
දකුණු ඉන්දියාවේ ධිවරයින් අපේ මාළු සම්පත් හුරගෙන කනවා. (ර)
වැඩ පටන් අරගෙන වගේ. අනේ මෙහෙමත් ලංකාවක්! (නි)
අතීසාරයට පිටපට ගහනවා කියන්නේ මේකටද? උතුරට එන ඉන්දියානුවන් නවත්වන්න දකුණේ සිංහලයින්ට උතුරට එන්න නොදීම හරිද? (නි)
උතුරේ ධීවරයින් බරපතල අර්බුදයකට මුහුණපා ඉන්නේ එයාලගේ අයියලා දකුණු ඉන්දියාවෙන් බුරුතු පිටින් විත් මාළු සියල්ලම අල්ලගෙන යන නිසා. ඒකට එකම රටේ ඉන්න දකුණේ ධීවරයින් පළිද? මේක හරි සෙල්ලමක් වුණානේ. මේක දැන් රටවල් දෙකක් වගේනේ. දකුණේ අයට උතුරට යන්න එපාලු. එතකොට උතුරේ ධීවරයින්ට දකුණට විත් මාළු අල්ලන්නත් තහනම්ද ඔය වගේම? (නි)
හොඳ සංහිඳියාවක්. ඕක ලියලම දෙන්න. උතුරේ ඉඩම් ගන්නත් බැහැ, මුහුදත් උතුරටම දීලා. පසුගිය අය හොඳයි කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට තමයි (නි)
නියමයි යහපාලන සංහිඳියාව. අපිට තහනම්. උතුරේ කට්ටිය තව පස්සේ කියාවි, 'නේවි එක යන්න, අපි ඉන්දියන්කාරයෝ එක්ක බෙදා හදාගෙන ඉන්නම්' කියලා. ජයලලිතා ඉන්නවනේ නඩු අහන්න. ඕක තමයි කියන්නේ බල්ලෝ එක්ක නිදාගත්තොත් නැගිටින්න වෙන්නේ මැක්කෝ එක්ක කියලා. (නි)
දැන් තමයි අපිට රාජපක්ෂගේ අගය දැනෙන්නේ (නි)
කුම්බලා මාළු කෑ ඡන්දදායක බළලුනේ, දැන් විඳවනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ. (නි)
දකුණේ මිනිස්සු උතුරේ සංක්‍රමණිකයෝ කියලා කියන්නේ ඇයි? (නි)
දේශද්‍රෝහී දේශපාලුවන් සහ ආත්මාර්ථය පමණක් අරමුණු කරගෙන රට ජාතියට හෙණගැහිලා ගියත් කමක් නැහැ කියලා හිතන ඡන්දදායකයන් බහුතරයක් සිටින මේ වගේ රටක් ජාතියක් මේ කල්පයේදී නම් ගොඩගන්න බැහැ. (නි)
ඉන්දියාවේ ධිවරයෝ අපේ මාලු ටික කොල්ල කනවා?ඒකට විසදුම මේකද? (ර)
එතකොට ඉන්දියාවෙන් එන්න පුළුවන්. ලංකාවේ අයට බැහැ. මේ වගේ තීරණ ගන්න අය කවුද. ඉන්දියාවෙන් හොරට කේරල ගංජා ගෙනඑන ඒවාත් අහුවෙනවානේ. දකුණේ මිනිස්සුත් එක්ක ඒවා බැහැනේ. එ්කයි මේ දැන්ම පසුබිම සකස් කරන්නේ. (නි)
බළලා මල්ලෙන් එළියට පනින්න යන්නේ. එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් (නි)
එකම රටක්, එකම දැයක්, එකම දේශයක් බව ඔහුම තේරුම්ගත යුතුයි. (නි)
වගකිවයුත්තෝ කවදා මේවායේ යථාර්ථය තේරුම්ගනීද දන්නේ නැහැ. අඟේ ඉඳලා කණ කනවා කියන්නේ මේවට. (නි)
ඒකීය රටක ඔය වගේ නියෝගයක් දෙන්න නීතියෙන් අවසර නැහැ . මෙය නීති විරෝධී අණ කිරීමක් . නඩු ගියොත් ඇමතිට අකුලා ගන්න වෙනවා . ෆෙඩරල් රටක නම් මෙය නිත්‍යනුකූලයි. ඒකීය රටක මොන කොනක කෙනෙක්ට වුණත් වෙන ඕනෑම තැනක ගිහින් වැඩක් කරන්න, ස්වයං රැකියාවක් කරන්න , ව්‍යාපාරයක් කරන්න , ධිවර කටයුතු කරන්න රජයෙන් අවසර බලපත් ලබාදිය යුතුයි (බ)
ඔහොම යමු. පස්සේ දකුණේ යට වීසා අරන් වවුනියාවෙන් එහාට යන්න කියයිද දන්නෙත් නැහැ. (නි)
උතුරට දකුණින් යන එක නෙවෙයි නවත්වන්න ඕන . දකුණු ඉන්දියාවෙන් උතුරට එන එක. (හේ)
හරි එහෙනම්, දකුණු ඉන්දියන් ධීවරයෝ එන එකත් නවත්වන්න (නි)
වගකිවයුත්තනි, මේ ගැටලුව අනාගතයේ තවත් විරසකයක් වීමට පෙර 1983 පෙර උතුරු නැගෙනහිර ජීවත්වූ සිංහල ජනතාවට ඔවුන්ගේ ඉඩම් නැවත ලබාදී ඔවුන් පදිංචි කරවන්න. මෙය යලිත් කළු ජූලියක් වීමට ඉඩ නොතබන්න (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
නමුත් කරන්න ඕනෑ දකුණේ ධීවරයාට තහංචි දාන එක නොවේ. ඉන්දීය ධීවරයින් පැමිණිම නතර කිරීමයි. (නි)
අහෝ ඛේදයකි. අනිච්චාවත සංඛාරා. ශ්‍රී ලාංකිකයන් කොටසකට තම මවුරටේ තවත් කොටසක නිදහසේ සැරිසැරීමට තිබුණු අවස්ථාව නැති වී ඇත. (නි)