උතුරු මැද පළාත් සභා රැස්වීම න්‍යායපත්‍රානුකූලව අද (08) පෙරවරු 10 ට ආරම්භ කිරීමට නියමිතව තිබු නමුත් පළාත් සභා මන්ත්‍රීවරුන් සභාවට පැමිණ සිටියේ නැත.
සභාපති අසනීප වී රෝහල්ගතවී සිටී. උප සභාපති ද අසනීප බව දන්වා ඇත. සභාපති හෝ උප සභාපති නොමැතිව සෙංකෝලය සභාවේ තැන්පත් කළ නොහැකි බව කියති. මේ වසරේ මුල්ම රැස්වීමට මහ ඇමැති පේෂල ජයරත්න ඇතුළු මන්ත්‍රීන් හත් දෙනකු පමණ පැමිණ සිටි බව පෙනිණි. තවත් මන්ත්‍රීවරු පිරිසක් එතෙර සංචාරයකට ගොසිණි.
මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් පෙරවරු 10.15 වන තෙක් අසුන් ගෙන සිටි අතර රැස්වීම ආරම්භ කරන්නේදැයි ඔවුහු වැඩ බලන ලේකම් නයනා දිසානායක මහත්මියගෙන් ඇසූහ.
සභාපති පී.එම්.ආර්. සිරිපාල ,උප සභාපති ජයන්ත මාරසිංහ නොපැමිණි නිසා රැස්වීම පැවැත්වීමට නොහැකි බව ඇය පැවසුවාය. රැස්වීම මාර්තු 23 වැනි දා පැවැත්වීමට නියමිතය.
මේ අතර දකුණු පළාත් සභාවේ සභාපතිගේ මෛක්‍රෆෝනය හැර සෙසු සියලු මන්ත්‍රීවරුන්ගේ මෛක්‍රෆෝන ක්‍රියාවිරහිත වීම ගැන පරීක්ෂණයක් පැවැත්වීමට යයි.
මිනිත්තු 15ක් පමාවී අද පෙරවරු 9.45 ට රැස්වීම ඇරැඹිණි. එම සිද්ධිය කාර්මික දෝෂයක් ද එසේ නැත්නම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද යන්න පරීක්ෂණයක් පවත්වා මීළඟ සභාවට දන්වන බව කේ.ඒ.සෝමවංශ මහතා සභාවට ප්‍රකාශ කළේය.
අද රැස්වීම මිනිත්තු 15කට සීමාවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට පඩි දෙන්න ඕන නෑ, දීමනාවක්, සභා රැස්වීම් වලට ආවේ නැත්තම් ගෙවන්න ඕන නෑ. (ර)