රුපියල් කෝටි විසි පහක් පමණ වටිනා රජයේ ඉදිකිරීම් කොන්ත‍්‍රාත් රජයේ ප‍්‍රසම්පාදන නියමයන් උල්ලංගණය කරමින් දේශපාලන හිතවතුන්ට ලබාදිමට උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුළු වගඋත්තකරුවන් ගෙන ඇති තීරණයක් අභියෝගයට ලක් කරමින් දූෂණ විරෝධී හඩ සංවිධානය අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වගඋත්තරකරුවන්ට මේ මස 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැදවුම්කරු හා ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත් මහතා මගින් පෙත්සමක් ඉදිරිපත් කළේය.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී. බී. දිසානායක, මහ ඇමැති පේෂල ජයරත්න, පළාත් ඇමැතිවරුන් වන පුංචිබංඩා රත්නායක, කේ.එච්.නන්දසේන, අජිත් සමරකෝන්, එච්. බී. සේමසිංහ, පළාත් ප‍්‍රධාන ලේකම් කේ.ඒ.තිලකරත්න සහ පළාත් ප‍්‍රධාන අමාත්‍යශයේ ලේකම් අනෝමා මානෙල් යන අය එසේ උසාවියට කැඳවනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුත් කලබල වෙන්න එපා.(හේ)
එහෙම වෙන්න බෑ.(හේ)
මේ පාඨක ඔයාලා ලංකාවෙනේ ඉන්නේ. ටිකක් හොයලා බලන්න පළාත් සභා ඡන්දයක් ළඟ එනවද කියලා. එහෙම වුණාමත් ඔහොම සද්ද එනවාමයි (නි)
පරම්පරා තුන හතරකට මදි නොකියන්න හම්බකරගෙන ඉවරයි ගොඩක් අය. (නි)
ඉතා හොඳයි. මේවා තමයි යහපාලනයේ අරමුණු. ගිය ආණ්ඩු කාලේ ඉතින් උසාවි ගිහින් වැඩක් නැහැනේ. ඒවාට උසාවි යන්න වෙලා තියෙන්නෙත් දැන්නේ. මීටපසු ශ්‍රී ලංකාවේ මේ වගේ සෙල්ලම් බැහැ. (නි)
දැන් එතකොට කවුද දන්නෙ නැහැ නේද වැරදි? (නි)
මහින්දගෙන්,බැසිල්ගෙන් ඉගෙනගත් පාඩම් සමහරු තවමත් පාඩම් කරනවා වගෙයි (නි)
අනෙක් පළාත් සභා පිළිබදවත් සොයා බලා කටයුතු කරන්න පටන්ගනිමු. යට ගහන්න දෙන්න එපා. වයඹ පළාත් සභාවෙන් පටන් ගනිමු. බදු ගෙවන අසරණ ජනතාවට සාධාරණය ඉෂ්ට කරමු. (බ)
වත්මන් ආණ්ඩුවේ හෝ පෙර ආණ්ඩුවේ හෝ වේවා දුෂණ වංචා සිදුවෙලා තියෙනවනම් නඩු පවරලා හොරුන්ට දඬුවම් ලබා දිය යුතුයි. අඩුගානේ අනාගතයේදී දුෂණයෙන් තොර පාලනයක් තියේවි. අපේ ඉදිරි පරම්පරාවටත් යහපතක් සිදුවේවි. (බ)
අලුතෙන් හම්බවෙච්ච අවස්ථාවනේ..පාගා ගහල හිටු කියල..දැන් විදවපල්ලා..හොද වැඩේ. (බ)
මේ ජේවීපී කාරන්ට පිස්සු අපි ඡන්දෙ දීල පත්කරපු නායකයින්ට විරුද්ධව අධිකරණයට නඩු ඉදිරිපත් කරනවා අපි වගේ කට වහගෙන,ඉන්නේ නැතුව මොකද අපි හොරුන්ට තමා ඡන්දෙ දෙන්නේ නැත්නම් අපිටත් වාසි නැනේ (බ)