උතුරු මැද පළාත් සභාවේ මාසික රැස්විම ගාලගෝට්ටි සහ උණුසුම් වාද විවාද මධ්‍යයේ පවත්වා ගෙන යා නොහැකිව අද(26) විනාඩි හතලිහකින් අවසන් කිරිමට සභාපති ටි.එම්.ආර්.සිරිපාල මහතාට සිදුවිය.
එජාප පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය ඩි.එම්.අමරතුග මහතා උතුරු මැද ප්‍රධාන ලේකම් කේ.ඒ.තිලකරත්න මහතාට විරුද්ධව ඉදිරිපත් කළ යෝජනාව මෙවර සභාවේ න්‍යාය පත්‍රයට ඇතුළු කර නොතිබිමෙන් තම මන්ත්‍රි වරප්‍රසාද කඩවි ඇති බව කීවේය.
පළාත් සභාවේ උසස් නිලධාරියෙකුට විරුද්ධව සභාවේ විවාද කිරිම සදාචාර නොවන බවත් ඔහුට ඉදිරිපත්වන චෝදනා සම්බන්ධයෙන් සභාවේදි ඊට පිළිතුරු දිමට නොහැකි බැවිනුත් තමන් අමරතුංග මහතාගේ යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුළත් නොකළ බව සභාපතිවරයා පැවසිය.
සභාපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමග විපක්ෂයේ මන්ත්‍රිවරු සියලූ දෙනා විරෝධය පළ කිරිමත් සමග සභාගර්භය තුළ උණුසුම්කාරි තත්වයක් උද්ගත විය.

COMMENTS
ඔබට සතුටුයි ද දැන්....(අ)
මේ පළාත් සභා රටට බරක් මැති ඇමති වරුනට ගෙවන මුදල් කන්දරාව ,යානවාහන කාර්ය මණ්ඩල නඩත්තු සහ වෙනත් වියදම් සඳහා යෙදවෙන ජාතික ධනය පළාත් සභා අහෝසිකිරීමෙන් ජීවන වියදම පහත හෙලීමට හේතුවනු ඇත .මෙය සුදු අලියෙක් කිව්ව අය දැන් ඒ අලියාගේ පිටේ නැගලා (බ)
වසන්ජය, සම්පුර්ණ ඇත්ත. දෙවියන් පා තබන්නට බිය වෙන තැන මෝඩයෝ පිනුම් ගහනවලු. අනේ අපේ සල්ලි! (බ)
වැඩිය උණුසුම් වෙන්න නම් යන්න එපා. එහෙම වුණොත් ස්වභාව ධර්මය හෝ කෝපවෙලා විපාක ලැබෙයි (නි)