2016-10-27-ent-72

2016-10-27-ent-68උතුරු මැද පළාත් කලා උලෙළේ මෙවර ඡායාරූප තරගවලදී පිය පුතු දෙපළක් විවෘත අංශයේ හා පාසල් අංශයේ ප්‍රථම ස්ථාන දිනාගෙන තිබේ. ඡායාරූප වර්ණ විවෘත අංශයේ ප්‍රථම ස්ථානය දිනූ අජිත් කුමාර හේරත් නම් එම පියා අනුරාධපුර, විහාරපාළුගම විදුහලේ ගුරුවරයෙකු වන අතර, පාසල් අංශයේ ඒක වර්ණ ප්‍රථම ස්ථානය මෙන්ම වර්ණ අංශයේ ප්‍රථම ස්ථානයද දිනූ අකලංක දේශාන් හේරත් නම් පුත්‍රයා සාමාන්‍ය පෙළ හදාරන පාසල් සිසුවෙකි. ඔහු අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

ඡායාරූපවලට අමතරව මෙවර එම කලා උලෙළේ පැවැති කෙටි චිත්‍රපට තරග අංශයෙන්ද ජූරියේ විශේෂ සම්මානය දිනාගත්තේ අජිත් කුමාර හේරත් මහතා විසිනි. ඒ ඔහු නිර්මාණය කළ "සංකා" නමැති කෙටි චිත්‍රපටය වෙනුවෙනි.

ඡායාරූප ඒකවර්ණ විවෘත අංශයේ ප්‍රථම ස්ථානය මෙන්ම දෙවැනි ස්ථානයද අනුරාධපුර ජයන්ත ලක්මාල් සේනාරත්න දිනාගත් අතර, එම අංශයේ තෙවැනි ස්ථානය අනුරාධපුර පී.එම්.අයි.ඩබ්ලිව්. රත්නායක විසින් දිනාලනු ලැබීය. වර්ණ ඡායාරූප විවෘත අංශයේ දෙවැනි ස්ථානය ශානක චමල් ඩයස් විසින්ද, තෙවැනි ස්ථානය විරාන් කේ. රණතුංග විසින්ද, කුසලතා සම්මානය තිළිණ රත්නායක විසින්ද දිනාගනු ලැබිණි.

උතුරු මැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් 27 වැනි වරටත් වාර්ෂිකව සංවිධානය කරන ලද එම කලා උලෙළේ සම්මාන හා ත්‍යාග ප්‍රදානය පසුගියදා අනුරාධපුර යොවුන් නිකේතනයේදී පවැත්විණි. 

 

2016-10-27-ent-75
2016-10-27-ent-74
2016-10-27-ent-73
2016-10-27-ent-71
2016-10-27-ent-70
2016-10-27-ent-69
2016-10-27-ent-67