තඹුත්තේගම රෝහලේ ඊසීජී පරීක්ෂණ කිරීමට  සනීපාරක්ෂක සේවිකාවක යොදවා ඇත.පුහුණුව ලත් ශිල්පිනිය ප්‍රසුත නිවාඩු යෑම මීට හේතුවයි.

රෝහල් අධ්‍යක්ෂ දොස්තර සන්තුෂ සේනානායක පවැසුවේ උතුරු මැද පළාතටම සිටිනුයේ එවැනි පුහුණුව ලත්  දෙදෙනකු පමණක් බවයි.

තඹුත්තේගම රෝහලේ දිනකට ඊසීජී වාර්තා 50-60 ක් පමණ ගැනෙයි.

උතුරු පළාත් සෞඛ්‍ය ඇමැති එච් බී සේමසිංහ මහතා කියනුයේ  පුහුණුව  ලත් ශිල්පියකු නැති බව කියා රෝගීන් ගෙදර යවනවාට වඩා රෝගීන්ට මේ අයුරින් හෝ  සේවය කිරීම අගය කළ යුතු බවයි.