(සිරාජ් හසීම්)
උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව්දෙනාට එරෙහිවම දූෂන චෝදනා එල්ල විම මත එම අමාත්‍යවරුන් සිව්දෙනාම ඉවත් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීමට උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා අවධානය යොමුකර ඇතැයි පළාත් සභාවේ අභ්‍යන්තර ආරංචිමාර්ග ලංකාදීපයට සදහන් කර සිටීයි. 
විග්නේෂ්වරන් මහතා මේ පිළිබද අවධානය යොමුකර ඇත්තේ උතුරේ අමාත්‍යවරුන්ගේ දූෂන වංචා සහ අකටයුතුකම් සම්බන්ධයෙන් මීට වසර එකහමාරකට පෙර මුලින්ම පැමිණිලි කළ උතුරු පළාත් සභා මන්ත්‍රීන් 16 දෙනා අතරින් 15 දෙනෙකු හා දුරකතනයෙන් සම්බන්ධ වි අදහස් විමසීමකින් අනතුරුවය.