අවසන් යුද ගැටුම් හේතුවෙන් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් හිදී මියගිය ඥාතීන් හා ජනතාව සිහිකරමින් යාපනය චෙම්මණි හින්දු කෝවිල අසල පහන් දල්වා විශේෂ දේවමෙහෙයක් අද (12) පැවැත්විණ.
උතුරු කෘෂිකර්ම අමාත්‍ය පි.අයිගරනේෂන්, උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා යුද්ධයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් එය සිදු විය.
යුද්ධයේ මුල් වකවානුවේ යාපනය චෙම්මිණි මංසන්ධිය අසලදී සිවිල් ජනතාව විශාල ප්‍රමාණයක් දිවි පිදූ බවත් එම ජනතාව සිහිකරමින් මෙලෙස පහන් දැල්වීම සිදුකරන බවත් උතුරු පළාත් මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මොකක්ද මියගිය අය සිහිකරන එකෙ වරද? (නි)
යුදය පටන්ගත් ඔවුන්ගේම අය ඒවාට වගකියන්න ඕන (බ)
ත්‍රස්තවාදී ගරිල්ලන් මිනිස් සංහාර කළ බව අපි දනිමු. එම මිනීමරුවන් සමරනවා නම් එය වැරදියි (නි)
ජවිපෙ අයට පුලුවන්නම් තමන්ගේ මැරිච්ච විරුවෝ සමරන්ඩ ඇයි මේ අසරණ දෙමල මිනිසුන්ට බැරි. (බ)
කුමාර්, ඔබ හරි. එ්ත් අහිංසක මිනිසුන්ට කවදාවත් යුද්ධයක් ඕනෑවුණේ නැහැ. ඔවුන් යුද්ධයට කැමතිත් නැහැ. එ්ත් එදා වගේම අදත් අහිංසක මිනිසුන්ගේ කර මතින් ආ දේශපාලුවෝ මේ මිනිස්සු කොහෙටද දක්කන්නේ? රට වටේම අනිත් ප්‍රදේශවල මිනිස්සුත් එක්ක සමගියෙන් ඉන්න මිනිස්සු කැමති නම් මොකටද වෙනම කොටසක් වෙනුවෙන් නැවතත් අර අඳින්නේ? (නි)
ජාතිබේද වපුරන්න සුදානම් වෙන්න එපා. ඊටපස්සේ කෑගහන්නත් එපා (නි)