වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ කොටි සංවිධානයේ චාල්ස් ඇන්තනි බලකායේ එලීලන් ගාල්ලේ දෙවටේ දී ඉරිදා (17) අත්අඩංගුවට ගත් බව කියයි. යුද සමයේ හමුදාවට බාර වීමෙන් පසු එලීලන් කොස්ගොඩ පාතාලයකුගේ වෙඩික්කරුවකු වී යැයි ද අත්අඩංගුවට ගන්නා විට ගිනි අවියක් පතුරොම් ගැබක්, උණ්ඩ අටක් හා ජංගම දුරකථන තුනක් ද ඔහු ළඟ තිබු බව ඔහු අත්අඩංගුවට ගත් විශේෂ පොලිස් කණ්ඩායම කියයි.
බලපිටිය උසාවිය අසල දී පෙබරවාරි 16 වැනි දා දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියට ද මොහු හවුල් දැයි පොලිසිය සොයයි. කොස්ගොඩ පාතාලයාගේ ඕනෑ එපාකම් අනුව අම්බලන්ගොඩ,ඇල්පිටිය,ඌරගස්මන්හන්දිය හා මිටියාගොඩ පෙදෙස් හි මොහු අපරාධ කිහිපයකට හවුල් බව පෙනේ යැයි ද පොලිසිය පවසයි. කොස්ගොඩ පාතාලයා දුරකථනයෙන් දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වී ඇතැයි පොලිසිය පවසයි.
2015 සැප්තැම්බරයේ කොටහේනේ කුඩු කතක මරණයට පත් වුයේ ඔහුගේ වෙඩි පහරින් යැයි පොලිසිය සොයයි. කොටි සංවිධානයේ සිටිය දී සිව් වතාවක් ම යුද හමුදාවෙන් වෙඩි කා ඇති ඔහු කොටහේනේ පදිංචිකරුවකු බවත් වයස අවුරුදු 29 වන බවත් කියයි. නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතා අත්අඩංගුවට ගැනිමට මුල් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු දකුණට ඇවිත් අැත්තේ වෙන වැඩකට එකට කාලය එළබෙන තුරු තමයි ඔය පාතාලයට සම්බන්ධ වෙලා ඉන්නේ අපේ උන්ට ඕවා තේරෙන්නේ යමක් වුණාට පස්සේ ...... (ම)
යවන්න ඕන තැනට ඉක්මනට යවන්න .නීති පති උපදෙස් පස්සේ ගත හැකි (බ)
නයින්ට තවත් කිරි පොවන්නේ මොකටද.(අ)
වහාම නිදහස් කරන්න පුනුරුත්තාපනය වුණ අහිංසක දේසපාලන සිරකරුවෙක් . (ම)
අනේ කරුණාකරලා නිවැරදි තීරණය ගන්න. මෙයාලට හරියට දේපල, සල්ලි. කොහෙන්ද ඒවා ලැබුනේ? පරීක්ෂණ කරලා ඒවා රාජසන්තක කරන්න. (නි)
උතුරේ දකුණේ කියලා වෙනසක් නැහැ. ද්‍රෝහියෝ ද්‍රෝහියෝම තමයි. (නි)
පේනවා නේද ගිනිඅවියේ රඟ? (නි)
මේ විදිහට තව කීදෙනෙක් ඇද්ද? (නි)
මේ වගේ අයට හිමි තැන දෙන්න පොලිසිය දෙවරක් හිතන්න අවශ්‍ය නැහැ (නි)
මොහු රැකියාවේ යොදවාගෙන සිටින සිංහල පාතාල නායකයාටත් දැඩි දඬුවම් දියයුතුය (නි)
බලනකොට දකුණේ තමයි කට්ටිය ඉන්නේ! (නි)
හංගපු ගිනි අවි පෙන්නන්න යමුද? (නි)