IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උතුරේ පරණ කොටියෙක් දකුණේ පාතාලයා ළග

 

වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ කොටි සංවිධානයේ චාල්ස් ඇන්තනි බලකායේ එලීලන් ගාල්ලේ  දෙවටේ දී ඉරිදා (17) අත්අඩංගුවට ගත් බව කියයි. යුද සමයේ හමුදාවට  බාර වීමෙන් පසු එලීලන් කොස්ගොඩ පාතාලයකුගේ වෙඩික්කරුවකු වී  යැයි ද අත්අඩංගුවට ගන්නා විට ගිනි අවියක් පතුරොම් ගැබක්, උණ්ඩ අටක් හා ජංගම දුරකථන තුනක් ද ඔහු ළඟ තිබු බව ඔහු අත්අඩංගුවට ගත් විශේෂ පොලිස් කණ්ඩායම කියයි.

බලපිටිය උසාවිය අසල දී පෙබරවාරි 16 වැනි දා දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියට ද මොහු හවුල් දැයි පොලිසිය සොයයි. කොස්ගොඩ පාතාලයාගේ ඕනෑ එපාකම් අනුව අම්බලන්ගොඩ,ඇල්පිටිය,ඌරගස්මන්හන්දිය හා මිටියාගොඩ පෙදෙස්  හි මොහු අපරාධ කිහිපයකට හවුල් බව පෙනේ යැයි ද පොලිසිය පවසයි. කොස්ගොඩ පාතාලයා දුරකථනයෙන් දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වී ඇතැයි පොලිසිය පවසයි.

2015 සැප්තැම්බරයේ කොටහේනේ කුඩු කතක මරණයට පත් වුයේ ඔහුගේ වෙඩි පහරින් යැයි පොලිසිය සොයයි. කොටි සංවිධානයේ සිටිය දී සිව් වතාවක් ම යුද හමුදාවෙන් වෙඩි කා ඇති ඔහු කොටහේනේ පදිංචිකරුවකු බවත් වයස අවුරුදු 29 වන බවත් කියයි. නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා  මහතා අත්අඩංගුවට ගැනිමට මුල් විය.

2



අදහස් (0)

උතුරේ පරණ කොටියෙක් දකුණේ පාතාලයා ළග

ජයලත් Tuesday, 19 April 2016 04:26 AM

මොහු දකුණට ඇවිත් අැත්තේ වෙන වැඩකට එකට කාලය එළබෙන තුරු තමයි ඔය පාතාලයට සම්බන්ධ වෙලා ඉන්නේ අපේ උන්ට ඕවා තේරෙන්නේ යමක් වුණාට පස්සේ ...... (ම)

:       0       0

ධර්මසිරි Monday, 18 April 2016 01:52 PM

යවන්න ඕන තැනට ඉක්මනට යවන්න .නීති පති උපදෙස් පස්සේ ගත හැකි (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 18 April 2016 03:23 PM

නයින්ට තවත් කිරි පොවන්නේ මොකටද.(අ)

:       0       0

ඇසළ Monday, 18 April 2016 04:54 PM

වහාම නිදහස් කරන්න පුනුරුත්තාපනය වුණ අහිංසක දේසපාලන සිරකරුවෙක් . (ම)

:       0       0

කොස්ගොඩ Monday, 18 April 2016 05:21 PM

අනේ කරුණාකරලා නිවැරදි තීරණය ගන්න. මෙයාලට හරියට දේපල, සල්ලි. කොහෙන්ද ඒවා ලැබුනේ? පරීක්ෂණ කරලා ඒවා රාජසන්තක කරන්න. (නි)

:       0       0

අබය Monday, 18 April 2016 09:45 PM

උතුරේ දකුණේ කියලා වෙනසක් නැහැ. ද්‍රෝහියෝ ද්‍රෝහියෝම තමයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 19 April 2016 12:08 AM

පේනවා නේද ගිනිඅවියේ රඟ? (නි)

:       0       0

චාරක Tuesday, 19 April 2016 12:40 AM

මේ විදිහට තව කීදෙනෙක් ඇද්ද? (නි)

:       0       0

මුණසිංහ Tuesday, 19 April 2016 01:35 AM

මේ වගේ අයට හිමි තැන දෙන්න පොලිසිය දෙවරක් හිතන්න අවශ්‍ය නැහැ (නි)

:       0       0

ඩිලාන් Tuesday, 19 April 2016 01:56 AM

මොහු රැකියාවේ යොදවාගෙන සිටින සිංහල පාතාල නායකයාටත් දැඩි දඬුවම් දියයුතුය (නි)

:       0       0

ඩිලාන් Tuesday, 19 April 2016 01:57 AM

බලන‍කොට දකුණේ තමයි කට්ටිය ඉන්නේ! (නි)

:       0       0

මනෝජ් Tuesday, 19 April 2016 03:27 AM

හංගපු ගිනි අවි පෙන්නන්න යමුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site