යාපනය අර්ධද්වීපයේ කුඩා හමුදා මුරපොළ 214ක් ගත වූ සති දෙක ඇතුළත ඉවත් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසයි.
ඒවායේ හමුදා භටයන් 742 දෙනකු තෙන්මරච්චි, වඩමාරච්චි සහ වලිකාමම් ප්‍රධාන යුද හමුදා කඳවුරුවලට මාරු කළ බව ද ඔහු පවසයි.
12000ක පමණ යුද හමුදා භට පිරිස් උතුරේ සිටින බව ද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටවත් මේවා නැහැ කියන්න බැහැ කවුරු හරි එහෙම කියනවානම් ඔප්පු කරලා පෙන්නන්න සාක්කි තියෙනවා (දී)
සහතික ඇත්ත මම ඒ බව ඇස් දෙකෙන්ම දැක්කා (දී)
මේ රටේ රාජ්‍ය ආරක්ෂාව පිරිහීමේ වරදට ජීවිත වලින් වන්දි ගෙව්වේ මේ රටේ මිනිස්සු.ජාත්‍යන්තරය නෙමෙයි.ආයෙත් එදා වගේ වාතාවරණයක් ඇති නොවන විදියට අඩියෙන් අඩිය හමුදා කදවුරු දාල හරි මේ ලබාගත් සාමය ආරක්ෂා කර ගැනීම මේ රජයේ වගකීමක්.අළු යට තාමත් ගිනි පුලිඟු තියෙනවා..තව වසර කීපයක් යනකම් ආරක්ෂාව ලිහිල් නොකළ යුතුයි කියන එකයි මගේ මතය..(දිල්)
මේවා ජාත්‍යන්තරයට නොපෙනෙන්නේ මන්ද (දී)
මාර්තු මාසේ ජනීවා සුමුළුවට සුදානම් වෙනව වගේ නේද?(දිල්)
ආව ගෘප් එක ගියෝ ගෘප් එක බවට පත් කරන්න (අ)
කරන්න පුළුවන් උපරිමය කර මුළු රටම බේරා ගන්න ජනපතිතුමණි.(දිල්)
හමුදා කඳවුරු අවම කර බුද්දි අංශ තර කරමු.(නදී)
ප්‍රදාන කඳවුරු ටිකවත් කෙසේ හෝ පවත්වාගත යුතුයි. නැත්නම් වෙන්නේ මහා විනාශයක්.(නදී)
මානව හිමිකම් ගැන ඇමරිකාවට ප්‍රශ්න තියෙන්නේ යාපනේ හමුදා කඳවුරු තියෙනකම් විතරයි. ඇමෙරිකාවට ඕනේ මොකක්ද කියල ඒකෙන්ම හොඳටම පේනවා. ආයෙත් යුද්ධයක් පටන් ගත්තොත් ඇමරිකාව ගොඩ තමයි.(නදී)
අර මොකක්ද උවමනා උනාම පිට්ටනි හොයනවා වගේ වැඩ කරලා අපිට ලෝකයත් එක්ක ප්‍රශ්න විසදන්න බැහැ. සමහරු හිතාගෙන ඉන්නේ ලෝකය තියන්නේ ලංකාවේ කියලයි. නමුත් ලංකාව කියන්නේ ලෝකයෙන් කොටසක් නොව අංශු මාත්‍රයක් බව ඒ අයට වැටහෙන්නේ නැහැ. ගැලරිය පිනවීමට අධිරාජ්‍යවාදය ගැන කතා කලාට අධ්රජ්‍යවාදය කියන්නේ මොකක්ද කියලාවත් ඒ අය දන්නවාද කියන එක සැකයි. මීට ඉහත හිටපු කදිරගාමර්, හමීඩ්, ටිරෝන් වැනි විදේශ ඇමතිවරුන් ගේ කාලවල යු එන් එක ඉස්සරහා තොවිල් නටන්නවත්, රට හිනස්සන විහිළු කරන්නවත්, බ්‍රිටිෂ් හයි කොමිෂන් හෝ යු එස් එම්බසිය ඉස්සරහා පෙළපාලි ගිහිල්ලවත් නොවේ ප්‍රශ්න විසදාගත්තේ.. නියම විදියට රාජ්‍ය තාන්ත්‍රික සාකච්චා පවත්වා එකිනෙකාගේ පරස්පර විරෝධී අදහස් යම් යම් එකගතාවන්ට පැමිණිලා විසඳාගත්තා. දැන් හැමෝම උත්සාහ කරන්නේ මාර්තුවේදී ස්විට්සෙර්ලන්තයට හොලිඩේ එකක් යන්න මිසක් යන ගමනේ අරමුණ මොකක්ද , ඒකට කෙසේ සූදානම් වියයුතුද කියන එක නොවේ. (නදී)
සෑම් අයියා . ඔයාගේ කොමෙන්ට් එක කියවනකොට මගේ හිතට හරි සතුටක් ඇතිඋනා. ඌන පුරණ කරන්ට නැත්තං ඔයාගේ විග්‍රහය හරිම සාර්ථකයි, අපේ අය කිසිම ඩිප්ලෝමෙටික් ගතියක් නැති නිසා ඔයා කැමති නැද්ද විදේශ අමාත්‍යංශයේ උපදේශක තනතුරක් ලබාගෙන මේ ජාතික ප්‍රශ්නය විසඳන්ට.? (නදී)
කවුරුවත් කියනවාට වැඩකරන කෙනෙක් නොවෙයි අපේ සේනාධිනායකතුමා. මේ කඳවුරු වසා දැමීම සහ නැවත යුද්ධයක් පිළිබඳව අප කලබල විය යුතු නැහැ එතුමා බලයේ ඉන්න තුරු. (නදී)
මොන හමුදා කඳවුරු ඉවත් කරත් නිතරම සෝදිසියෙන් ඉන්න ඕනා පළාත්. (නදී)
කෝකටත් අපි ඇස් ඇර බලා සිටීය යුතුයි. සිල් රෙදි පොරවන් අපි බලා සිටියා ඇති. රණවිරුවන් දිවිපුදා දිනා දුන් රට ලංකා විරෝධී ගැත්තන්ටවත් ඩයස් පෝරා කොටින්ටවත් පවා දෙන්ට අපි සුදානම්ද.? ඇමෙරිකාවට ඕන විදියට නටන්ට දෙන්ට අපි සුදානම් නොවිය යුතුයි. (නදී)
බන්දුල පෙරේරා ඔබ හරියටම හරි.(නදී)
උතුර දකුණ බටහිර, නැගෙනහිර සියල්ලම ලංකාවට අයිති කොටස් නේ. කඳවුරු කොහේ තිබුනම මොකෝ. බලාගෙනයි පුල්ලි වහගත්තවුන්ගෙන් බේරෙන්න බලන්න.(නදී)
අපේ සිංහල ඡන්ද වලින් පත් වෙච්ච අපේ සමහර දේශපාලකයෝ සිංහල මිනිස්සුන්ටම වින කරනකොට පිට ජාතින් අගේට රට අල්ලන්න සැලසුම් ගහනවා. තව කොච්චර කල් ලංකාව සිංහලයාගේ උපන් බිම කියල කියාවිද? (නදී)
ධම්ම, අපි කලබල වෙන්නේ ඒක නිසා තමයි. මොකද ඊළඟ ජනාධිපතිවරණෙන් පස්සේ පත් වෙන්නේ අලුත් සේනාධිනායක තුමෙක්. සෑම් සමග 100% ක් එකගයි. උගත් වැදගත් මිනිස්සු අපේ නියෝජිතයෝ විදියට තෝර ගන්න මේ ඡන්දෙදිවත් හිතා ගමු. (නදී)
මේ රට අපේ විතරක් නෙවෙයි. හැබැයි වෙන ජාතියකත් නෙවෙයි. ජාතිවාදය නැතිකරලා දාන්න ඕනමයි. (නදී)
මේකත් ඉන්දියාවේ බලපෑමක් ද දන්නේ නෑ, එයාල දැන් හැමදේකටම ඇඟිලිගහනවා, මෙහෙත් එයාලට උල්පන්දම් දෙන්න ඕන තරම් අය ඉන්නවනේ (අ)
හමුදා කඳවුරු අවම කර බුද්දි අංශ පාවා දෙමු (අ)
මම හිතන්නේ ඒක හොද දෙයක් නොවේ (අ)
මේක වැදගත් පියවරක්, නමුත් ඊට සරිලන විදියට බුද්ධි අංශ තර කල යුතුයි ....(අ)
සොනාලි , මට මගේ රස්සාව සහ මම ජීවත්වන රට හොඳයි. මම ලංකාවේ පුරවැසියෙක් නොවුනට මම ලංකාවට ආදරය කරනවා ආර්ථික වශයෙන් උදව් කරනවා. හැමවෙලාවෙම වෙන්නේ මොනවද කියාලා සොයා බලනවා. එහෙම කරන්නේ මම ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබාපු නිසා. (අ)