දිවයිනේ දිස්ත‍්‍රික්ක පහකට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 60,000කට අයත් පුද්ගලයින් ලක්‍ෂ දෙකක් පමණ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
යාපනය, මඩකලපුව, ත‍්‍රිකුණාමලය, අම්පාර සහ පොළොන්නරුව යන දිස්ත‍්‍රික්කයන්ට මෙම දැඩි වියළි කාලගුණ තත්ත්වය බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (මාධ්‍ය) සරත් ලාල් කුමාර මහතා පැවසුවේය.
මෙම ප‍්‍රදේශවල ජනතාව පානීය ජලය හා එදිනෙදා කටයුතු කරගැනීමට අවශ්‍ය ජලය නොමැතිව දැඩි පීඩාවකට පත්ව සිටින බව ද වාර්තා වේ. ඔවුන්ට බවුසර් මගින් ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇතැයි ද ලාල් සරත් කුමාර මහතා පැවසීය.
මෙම නියං තත්ත්වය හේතුවෙන් ප‍්‍රදේශ රැසක් ගොවිතැන් විනාශ වී ඇති බවද පැවසේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම වියළි කාලගුණ තත්ත්වය ලබන සැප්තැම්බර් මාසය පුරා පවතිනු ඇති බවයි.
ඔක්තෝබර් මුල අන්තර් මෝසම සක‍්‍රීය වීමට නියමිත අතර ඉන් අනතුරුව මෙම වියළි කාලගුණ තත්ත්වය අවසන් වනු ඇතැයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදී රූපසිංහ මහත්මිය පැවසුවාය.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුර /නැහිර/රජරට දැනටම නියං : පවුල් 60,000 ක් අමාරුවේ
සරත් Friday, 28 August 2015 06:32 AM
නියන් කාලේ වැවු ටික පිළිසකර කරලා .වැහි කාලේ වතුර එකතු කරගන්න,නියන් කාලෙට පාවිච්චි කරන්න .ඉස්සර රජ කාලේ කළෙත් ඔය ටික .ආධාර දෙන්න හැමදාම බැහැනේ ,මදි නම් වැවු හදන්න . රජවරු කරපු වැවු ටිකෙන්ම ජීවත් වෙන්න හදන්නේ නැතිව (අ)
වයිකෝ Friday, 28 August 2015 07:54 AM
වැව් හදන්න රජය කටයුතු කළ යුතු. විසිඅවුරුදු සංවර්දන වැඩ සටහනක් සුදානම් කල යුතුය.(අ)
වයිකෝ Friday, 28 August 2015 07:58 AM
මහවැලියෙන් පසු වාරිමාර්ග ඉදිකිරිම ඇන හිටලා. (අ)
සුජීව Friday, 28 August 2015 08:26 AM
පොඩ්ඩක් හිටහල්ල මේ අැමැති මණ්ඩලේ පත් කොර ගන්නකම්, නියන් අධාර ගහගන්න එකෙක් සෙට් කොර ගන්න එපැයි (බ)